ඇමති රාජිතට සහ ආණ්ඩුකාර අසාද් සාලිට විරුද්ධව ‌‌පොලීසියට පැමිණිලි

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාට විරුද්ධව අද (28) සත්‍ය ගවේෂකයෝ සංවිධානය විසින් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ගොනු කර තිබේ. එම සංවිධානයේ කැදවුම්කරු නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා පැවසුවේ මේ වන විට අත්අඩංගුවේ පසුවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි සම්බන්ධයෙන් පරීක්ෂණ කරන නිලධාරීන්ට බලපෑම් එල්ලව ඇති[…]

Read More »

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම ගැන ඉන්දීය රජයෙන් එරට වැසියන්ට පණිවුඩයක්

ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය යහපත් අතට හැරෙමින් තිබෙන බව ඉන්දීය රජය පවසයි. එරට රජය පෙන්වා දෙන්නේ පොලිස් ඇදිරි නීතිය ඉවත් කිරීම, සමාජ මාධ්‍ය සදහා පැනවූ තාවකාලික තහනම ඉවත් කිරීම සහ පාසල් නැවත ආරම්භ කිරීමත් සමග මෙරට ආරක්ෂක තත්ත්වය යහපත් බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සංචාරය සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයින්ට සුපරික්ෂාකාරී වන ලෙසයි[…]

Read More »

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වෛද්‍ය පරිපාලකයින්ට දැනුම්දීමක්

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රෝහල් සහ අනෙකුත් ඒකකවල වෛද්‍ය පරිපාලකයින්ට තාක්ෂණික කරුණු හැර වෙනත් කරුණු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවසර ලබාගත යුතු බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටියේ මෙම තීරණය පිළිබඳව සියලූම වෛද්‍ය[…]

Read More »

කැෆේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර හමුවක්

කැෆේ සංවිධානය සහ දේශපාලන පක්ෂ අතර පැවැත්වෙන හමුවීම් මාලාවේ තවත් හමුවක් අද (28) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පැවැත්විණ. මෙම හමුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සහභාගි වූ අතර කැෆේ සංවිධානය වෙනුවෙන් එහි වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන්, අධ්‍යක්ෂිකා සුරංගී ආරියවංශ, සහ අධ්‍යක්ෂ[…]

Read More »

ගුවන් තොටුපල සංචාරක මාර්ගෝපදේශක රියදුරන් විපක්ෂනායක හමුවෙයි

ගුවන් තොටුපල සංචාරක මාර්ගෝපදේශක රියදුරු සංගමයේ නියෝජිතයින් පිරිසක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාව කොළඹ 7 විජේරාම නිළ නිවසේදී ඊයේ (27) සවස හමුවිය. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සංචාරක ව්‍යාපාරය තුළ මතුව ඇති අර්බුදය ගුවන් තොටුපළ ආශ්‍රිතව සංචාරක මාර්ගෝපදේශක සේවාවේ යෙදෙන තමන් හට බලපා ඇති අන්දම ඔවූහු මෙහීදී විපක්ෂ නායක තුමන්[…]

Read More »

නව ගුවන් හමුදාපති ලෙස සුමංගල ඩයස් පත්කිරීමේ තීරණයක්

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති හෙට (29) දින විශ‍්‍රාම යාමට නියමිතය. නව ගුවන් හමුදාපතිවරයා ලෙස ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් පත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ. කොළඹ නාලන්ද විදුහලේ ඉගෙනුම ලැබූ ඩයස් මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 13 වන ශිෂ්‍ය භට බළකාය නියෝජනය කරමින්[…]

Read More »

අමිත් වීරසිංහ හෙට දක්වා රිමාන්ඩ්

මහසොහොන් බලකායේ නායක අමිත් වීරසිංහ මහතා හෙට (29) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සලනි පෙරේරා මහත්මිය අද (28) නියෝග කළා ය. කොළඹ දකුණ දූෂණ මර්ධන කොට්ටාශයේ මගින් අමිත් වීරසිංහ ඉකුත් දා අත්අඩංගුවට ගනු ලැබූවේය. නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකරු සම්බන්ධයෙන් විමර්ශන කරන කොළඹ දකුණ විශේෂ විමර්ශන කොට්ඨාසය[…]

Read More »

ඇමති රිෂාඩ්ට එරෙහි විලපත්තු නඩුව යළි ජූලි 31දා සිට මුලසිට විභාගයට

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු වගඋත්තරකරුවන් පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව ජුලි මස 31 වන දා සිට මුලසිට නැවත විභාග කිරීමට අභියාචනාධිකරණය අද (28) තීරණය කර තිබේ. අද දින මෙම නඩුව කැඳවනු ලැබුවේ ජනක් ද සිල්වා සහ නිශ්සංක බන්දුල කරුණාරත්න යන විනිසුරුවන් හමුවේයි. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම නඩුව ගොනු[…]

Read More »

වෛද්‍ය සාෆිට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහලට ඉදිරිපිට විරෝධතාවයක්

කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ සේවය කළ සාෆි සියාබ්ධීන් නම් වෛද්‍යවරයාට එරෙහිව සහ ඔහුව ප්‍රබල දේශපාලන බලපෑම් මත නිදහස් කිරීමට සූදානමක් ඇති බව පවසමින් මේ වන විට කරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට සාමකාමී විරෝධතාවයක් පැවැත් වේ. කුරුණෑගල නගරය මූලික කර ගනිමින් අද උදෑසන 10.00 ට මෙම විරෝධතාවය ආරම්භ විය.

Read More »

කල් ඉකුත් වූ රූපලාවන්‍ය ආලේපන විශාල ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

මීගමුව අගුරුකාරමුල්ල ප්‍රදේශයේදි තාම අවම තත්ත්වයෙන් යුක්ත, ඉතා අඩු මිලකට ආනයනය කර තිබෙන, කල් ඉකුත් වූ රූපලාවන්‍ය ආලේපන විශාල ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුනු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකළ බවයි. අගුරුකාරමුල්ල ප්‍රදේශයේ නිවසක් තුළ සැකකරුවන් විසින් කල් ඉකුත් වූ[…]

Read More »

වෙඩි වැදීමෙන් ඇතෙකුට බරපතලයි

වෙඩි වැදී සිදුවී ඇති තුවාල හේතුවෙන් බරපතල තත්ත්වයේ පසුවන වන ඇතෙක් නවගත්තේගම – මහපිටිය ප්‍රදේශයේ කුඹුරු යායකක වැටී සිටින බව වන ජීවී නිලධාරීන් සදහන් කරයි. පසුගිය 27 වැනිදා ප්‍රදේශයේ ජනතාව විසින් මෙම වන ඇතා සම්බන්ධයෙන් වන ජීවී නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර ඇත. තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් සිටින වන ඇතාට[…]

Read More »