හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. ඒ අනුව පක්ෂව ඡන්ද 22 ක් ලැබුණු අතර දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් 8 දෙනෙකු විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

Read More »

බදියුදීන් ඇමැතිවරයාට පක්ෂව ඡන්දය දෙන්නේ කවුදැයි රටම විමසිල්ලෙන්

රිෂාඞ් බදියුදින් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත්කළ විශ්වාසභංග යෝජනාව විවාදයට නොගෙන කල් මැරීමේ උත්සාහයක් ආණ්ඩුව ගෙනයන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ අද (24) බත්තරමුල්ල නෙලූම්මාවතේ පැවැති පක්ෂ කි‍්‍රයාකාරිකයින්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. බදුර්දීන් ඇමැතිවරයාට පක්ෂව ඡන්දය දෙන්නේ කවුදැයි රටම විමසිල්ලෙන් බලා සිටින බවද[…]

Read More »

පාස්කු ප්‍රහාරයට අදාළව සැකකරුවන්ගේ මිලියන 134කට අදාළ මෙහෙයුම් අත්හිටුවයි

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41ක රුපියල් මිලියන 134කට අදාළ මෙහෙයුම් අත්හිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කරයි. විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවත් රුපියල් මිලියන 14 ක් සොයාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය[…]

Read More »

කුඩාඔය අනතුරකින් 03දෙනකු මරුට

වැල්ලවාය, තණමල්විල මාර්ගයේ කුඩාඔය යුද හමුදා පුහුණු කඳවුර ආසන්නයේදි ත්‍රිරෝද රථ දෙකක් හා ලොරි රථයක් එකිනෙක ගැටිමෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව කුඩාඔය පොලීසිය සඳහන් කරයි. කුඩාඔය වන්දම මාර්ගයේ සිට තණමල්විල, වැල්ලවාය මාර්ගයට ත්‍රිරෝද රථයක් ප්‍රවේශ කිරිමේදි, වැල්ලවාය දෙස සිට තණමල්විල දෙසට ගමන්ගත් ත්‍රිරෝද රථයක් ගැටි[…]

Read More »

බ්‍රිතාන්‍ය අගමැති ලබන 07වනදා අගමැතිධුරයට සමුදෙයි

ලබන 7 වැනි දින තමා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මිට සුළු මොහොතකට පෙර නිවේදනය කර ඇති බව වාර්තා වෙයි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සාර්ථක නොවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

Read More »

සහරන් හා ජමාත් සංවිධානය සමඟ සමීප සබඳතා පැවැත්වූ 05ක් අත්අඩංගුවට

සහරාන් හසීම් නමැත්තා හා තව්හීත් ජමාත් සංවිධානය සමඟ සමීප සබඳතා පවත්වමින් දිස්ත්‍රික්ක දෙකක අන්තවාදී දේශන සිදුකළ සංවර්ධන සහකාරවරයකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (24) දින හොරොව්පොතාන කිවුලේකඩ සහ කැබිතිගොල්ලෑව ඇල්ලැව යන ප්‍රදේශවලදී වන අතර මොහොමඩ් නියාස් යන පුද්ගලයා සමඟ සමීප සබඳතා පවත්වමින් ත්‍රස්ත කණ්ඩායමේ[…]

Read More »

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ලංකාවේ පළමු තරගය අද

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පළමු තරගය අද (24දා) දකුණු අප්‍රිකාව සමඟින් කාඩිෆ්හි සොෆියා ගාඩ්න්ස් පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත. එය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00ට ආරම්භ වන අතර ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා පිල තවත් එක් පුහුණු තරගයක් වෙනුවෙන් සහභාගී වීමට නියමිතව ඇත.

Read More »

ඥාණසාර හිමියන් ජනපති හමුවෙයි

ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මහගම සේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය. එම අවස්ථාවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ මෑණියන් ද එක්ව සිටි අතර එහිදී ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කිරීම පිළිබඳ ජනපති වෙත සිය ගෞරවය සහ ස්තූතිය පළ කළ ඥාණසාර[…]

Read More »

නිතර නිතර සිවුරු අරින හාමුදුරුවරු

තමන් රඟපෑ භික්ෂු චරිතය ගැන කතා කරන්නට මුලින්ම එක් වූයේ ප්‍රවීණ රංගවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ය. ඔහු ලාංකේය රංගන ක්ෂේත්‍රයේ නිරූපිත බෞද්ධ භික්ෂු චරිතයන්හි ප්‍රතිමූර්තියක් බඳුය. සතිස් සිනමාවේ මෙන්ම පුංචි තිරයේද භික්ෂු චරිතයට පණ පෙවූ විශිෂ්ටයෙකි. ‘‘මුලින්ම මම භික්ෂු චරිතයක් රඟපෑවේ ‘සැඩොල් කඳුළු’ චිත්‍රපටයේ. ඒක නිෂ්පාදනය කළේ සිලෝන් තියටර්ස් සමාගම. එවකට හිටපු[…]

Read More »

කාවින්ද ජයවර්ධන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන් ඉල්ලා අස් වෙයි

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට එරෙහි චෝදනා ඇතුළුව අප්‍රේල් 21 වන දා සිදු වූ ප්‍රහාරය සම්බන්ධ සිදුවීම සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා ඉල්ලා අස් වෙයි. මේ සම්බන්ධයෙන් කථානායකවරයා පාර්ලිමේන්තුවට කරුණු දැනුම් දුන් අතර අදාළ කමිටුව සඳහා අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සහ වෛද්‍ය නලින්ද[…]

Read More »

හැටන් – මහනුවර බස් රථ සේවකයින් වැඩ වර්ජනයක

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වන සියලු පෞද්ගලික සහ ලංගම බස් රථ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. හැටන් සිට මහනුවර දක්වා ධාවනය කරන ලංගම සහ පෞද්ගලික බස් රථ නාවලපිටිය බස් නැවතුම්පොළට ඇතුළු කිරීමට ඉඩ ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙලෙස වැඩවර්ජනයක නිරත වන අතර එම බස් රථ නතර කිරීම[…]

Read More »