ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කිරීම සඳහා වූ ජනපති නියෝගය ලැබෙයි

බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කිරීම සඳහා වූ ජනපති නියෝගය තමන්ට ලැබුණු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ.ඩබ්ලිව්.තෙන්නකෝන් මහතා සඳහන් කරයි. එමෙන්ම නිදහස් වී පිටතට පැමිනෙන ඥාණසාර හිමියන් පිළිගැනීමට උන්වහන්සේගේ මව මහා සංඝරත්නය සහ සිවිල් නියෝජිතයන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරය අසලට පැමිණ සිටියි.

Read More »

කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් ඉදි කිරීම සඳහා කැබිනට් අනුමැතිය

කොහුවල සහ ගැටඹේ මංසන්ධිය ආශ්‍රිතව පවතිව අධික වාහන තදබදයට විසදුමක් ලෙස ගුවන් පාලම් ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ඒ සඳහා අවශ්‍ය අරමුදල් හංගේරියානු රජයේ අරමුදල් සහාය සහිතව සලසා ගැනීමේ ණය ගිවිසුම්වලට එළඹීමටත් අනුමැතිය හිමිව ඇති අතර එම ගුවන් පාලම් සැලසුම් කිරීම හා ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව[…]

Read More »

ත්‍රිවිධ හමුදාවේ දීමනා වැඩි කෙරේ

ත්‍රිවිධ හමුදාවේ සියලූ නිලධාරීන්ට සහ අනෙකුත් නිලයන්ට ගෙවනු ලබන සලාක දීමනාව ඇතුලූ සෙසු දීමනා වැඩි කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. 2019 අයවැය යෝජනා අනුව මෙම දීමනා වැඩිකර ඇති අතර, ඒ අනුව ත්‍රිවිධ හමුදාවේ වැටුපට අමතරව නිලධාරීන් සඳහා ගෙවනු ලබන මාසික සලාක දීමනාව 2019 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන[…]

Read More »

අගමැති කථානායකගෙන් ඉල්ලීමක් කරයි

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සොයා බැලීම සදහා පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අතුරු වාර්තාව සති දෙකක් ඇතුළත ලබාදෙන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. පසුගිය 21 වැනිදා සිදුවූ බෝම්බ ප්‍රහාරයට අදාළ කරුණු සහ රිෂාඩ් බදියුදීන් මහතාට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධව[…]

Read More »

සිංහල මව්වරුන් 4000ක් වඳ භාවයට පත් කළා යැයි කියන සිදුවීම ගැන පාර්ලිමේන්තුවේ අවධානය යොමුවෙයි

සිංහල බෞද්ධ මව්වරුන් 4000කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන සිදුවීම සහ ඊට සම්බන්ධ තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානයට සම්බන්ද වෛද්‍යවරයා සම්බන්ධයෙන් වහාම සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කථානායකවරයා විසින් ඉල්ලා සිටියා. සිසේරියන් සැත්කම්වලින් පසු අදාළ වෛද්‍යවරයා සිංහල බෞද්ධ මව්වරුන් හාරදහසක් වඳකර ඇති බවට මාධ්‍ය පළ කළ[…]

Read More »

ගෝඨාභය ඇතුළු හත්දෙනාට එරෙහි නඩු විභාගය ජූනි 19 සිට ඇරඹෙයි

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව ජුනි මස 19 වනදා සිට විභාගයට ගැනීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද දින නියම කළේය. පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 04 දෙනෙකුට එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙසටයි සිතාසි නිකුත්[…]

Read More »

ඇමති රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට දින නියම වෙයි

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීම සදහා දින නියම වෙයි. ඒ, අනුව ජූනි මස 18 සහ 19 යන දින දෙක තුළ විවාදයට ගැනීමට නියමිතයි. මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සැසියේදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සදහන් කළේය.

Read More »

පක්ෂ නායක රැස්වීම එකගතාවයකින් තොරව අවසන්වෙයි

අද පෙරවරුවේ රැස්වූ පක්ෂ නායක රැස්වීම එකගතාවයකින් තොරව අවසන් වී තිබේ. අප පාර්ලිමේන්තු වාර්තාකරු සදහන් කළේ අද පෙරවරු 9.30ට පක්ෂ නායක රැස්වීම ආරම්භ වූ බවයි. එහිදී අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා දිනයක් යෝජනා කර ගැනීමේදී ඒකාබද්ධ විපක්ෂය සහ ආණ්ඩු පක්ෂය අතර ගැටළුවක් හටගෙන තිබේ. ඒකාබද්ධ විපක්ෂය ජූනි මස[…]

Read More »

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අද ජනපති පොදු සමාව ?

බන්ධනාගාර ගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අද (23) දිනයේ ජනපති පොදු සමාව හිමිවනු ඇති බවට තොරතුරු වාර්තා වේ. බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමි සඳහන් කළේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ ලිපියට ඊයේ (22) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා ඇති[…]

Read More »

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ දකුණු පළාත්වලත් යාපනය දිස්ත්‍රිකකයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු පළාත් වල විශේෂයෙන් අද (23) සවස 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම්[…]

Read More »

අකුරැස්සේ මත්පැන් වැටලීමට ගිය කොස්තාපල්වරයෙකු මරුට – ඝාතකයා පළායයි

අකුරැස්ස, ඌරුමුත්ත ප්‍රදේශයේදී වැටලීමක් අතර තුර පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 15 ක් පමණ යොදවා තිබේ. පොලීසිය පැවසුවේ වෙඩි තැබීම සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි. නීති විරෝධී මත්පැන් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමකට සැකකරුවෙකු විසින්[…]

Read More »