පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා නොගත් අයට එරෙහිව අපරාධ පරීක්ෂණයක්

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා ගැනීමට ක‍්‍රියා නොකළ පුද්ගලයින්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් සිදු කරන ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ. පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත් කළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ අතුරු වාර්තා දෙකක් ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත යොමුකර ඇත. ඒ අනුව අනිවාර්ය නිවාඩු යැවූ පූජිත් ජයසුන්දර[…]

Read More »

බ්‍රිගේඩියර්වරුන් 10කට උසස්වීම්

බි‍්‍රගේඩියර් නිලයේ සිටි නිලධාරීන් දස දෙනකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද මේජර් ජනරාල් නිලයට උසස් කරනු ලැබ ඇති බව යුද හමුදාව කියයි. මෙම උසස්වීම් මැයි මස 10 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි සිදුකර ඇති බව යුද හමුදා වැඩබලන මාධ්‍ය ප‍්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනවිරත්න මහතා පැවසීය.

Read More »

මුහුදේ දී විනාශයට පත්වන බෝට්ටු සදහා 50% ක සහනාධාරයක්

ධීවර රැකියාවේ නිරතව සිටියදී අනතුරට පත්ව විනාශ වන බෝට්ටුව වෙනුවට නව බෝට්ටුවක් සදහා වැය වන මුදලින් 50% ක් සහනාධාරයක් ලෙස ලබාදීමට තීරණය කල බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය . රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ දැනට අඩි 55 බෝට්ටුවක් මිලදී ගැනීම සදහා ලබාදෙන 50% සහනාධාරය[…]

Read More »

සියල්ලට පෙර රට ගැන සිතිය යුතු කාලයක් නැවතත් එළැඹිලා – මහින්ද රාජපක්ෂ

බටහිර රටවල් අපේ රටේ කදවුරු බඳින්න බලා සිටිනවා. මේ තත්ත්වය නූපන් දරුවාට පවා අනාගතයේ ප‍්‍රශ්න ඇති කරන්නක් යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ අද (22) බත්තරමුල්ල නෙලූම්මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී පැවැති ආසන සංවිධායකවරුන්ගේ රැුස්වීමකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.[…]

Read More »

“වැරදි කරන කිසිම කෙනෙක්ව අපි දේශපාලන වශයෙන් ආරක්ෂා කරන්නේ නැහැ”

ඥාණසාර හිමියන් සම්බන්ධව ඇතිවී තිබෙන ගැටළුව නිරාකරණය කළයුතු බව විදුලිබල අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලද්දේ, බන්ධනාගාරගතව වැඩසිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බැහැදැකීමට අද (22) පෙරවරුවේ බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදීය. ඥාණසාර හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා…., “අපි දන්නවා ඥාණසාර හිමියන් සම්බන්ධව ඇතිවී තිබෙන ගැටළුව. එම[…]

Read More »

පාර්ලිමේන්තුව නොසන්සුන් වෙයි – හෙට දක්වා කල් තැබේ

පාර්ලිමේන්තුව හෙට (23) පෙ.ව. 10.30 දක්වා කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය. ඒ, අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළිබඳව ඇතිවූ මත ගැටුමක් හේතුවෙනි. අද දිනම ඒ සදහා දිනයක් ලබාදෙන ලෙස ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටි අතර, ඒ අවස්ථාවේ කථානායකවරයා සඳහන් කළේ හෙට[…]

Read More »

මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා ප්‍රභූ වාහනට ගමන් කිරීමට කටයුතු නොකරන්න – ජනපති

මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා ප්‍රභූ වාහනවලට ගමන් කිරීම සඳහා කිසිදු අයුරකින් සිදු නොකළ යුතු බව ජනාධිපතිවරයා විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ. ඊයේ (21) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඒ පිළිබදව අවධානය යොමු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

Read More »

රාජ්‍ය සේවකයින්ට ජූලි 1 සිට රු 2500ක මාසික දීමනාවක්

රාජ්‍ය සේවකයන්ට රු. 2500/- මාසික දීමනාව ගෙවීමේ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සදහන් කරයි. එම නිවේදනයේ මෙලෙස සදහන් තිබේ…., මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද 2019 අයවැය මඟින් යෝජිත පරිදි රු. 2500/- ක මාසික අන්තර් දීමනාව ජූලි මස 01 දින[…]

Read More »

ලංකා කම්කරු කොන්ග්‍රසය හා කාදිනල් හිමිපාණන් අතර හමුවක්

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් ප.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා ඇතුළු එම පක්ෂයේ ජෙෂ්ඨ නායකයින් පිරිසක් අති උතුම් කාදිනල් මැලිකම් රංජිත් හිමිපාණන් හමු වි සාකච්ඡාවක් පැවැත් වු බව ලංකා කම්කරු කොන්ග්‍රසය පැවසිය. අති උතුම් කාදිනල් මැලිකම් රංජිත් හිමිපාණන්ගේ කොළඹ පිහිටි නිල නිවසේදි ඊයේ (21) පස්වරුවේ හමු වු ලංකා කම්කරු[…]

Read More »

සනත් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ට්විටර් පණිවුඩයක් තබයි

තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය විසින් ට්විටර් පණිවුඩයක් සටහන් කර තිබේ. එම පණිවුඩයෙන් ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ තමන් අසනීප වී ඇති බවත් තමන් කැනඩාව ට ගොස් ඇති බවටත් ඇතැමි වෙබ් අඩවි පළකළ වාර්තා අසත්‍ය බවයි.   Please disregard fake[…]

Read More »