ගැටුම් පාලනය කරන්න බැරි පොලිස් ලොක්කන්ගේ අත යට ගනුදෙනු නිසා

රටේ තැන තැන සිදුවූ කලහකාරී සිදුවීම් වැඩිවීමට ප්‍රධාන හේතුව ඒ ඒ ප්‍රදේශවල සිටින ඇතැම් පොලිස් ප්‍රධානීන්ගේ මන්දගාමී හා ඇල්මැරුණු ස්වභාවය බව වාර්තා වේ. එහිදී ඇතැම් උසස් පොලිස් නිලධාරීන් මුස්ලිම් ව්‍යාපාරිකයන්ගෙන් ආර්ථික වශයෙන් යැපීම නිසා සිංහල ජනතාව අතර සැකය මතුවීම මෙම ප්‍රශ්නකාරී සිදුවීම්වලට මූලික වී ඇත. වයඹ පළාතේ ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන්ට[…]

Read More »

පොහොට්ටුවේ සභාපතිවරු අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

වයඹ පළාතේ හා ගම්පහ දිස්ත්‍රික්කයේ පසුගිය සතියේ සිදු වූ කලහකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා කටයුතු නොකිරීම නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්, උපසභාපතිවරුන් හා මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් පිළිබඳ තොරතුරු වාර්තා වේ. එම පක්ෂයේ සාමාජිකයන් කලහකාරී ලෙස හැසිරීමේදී ඔවුන් පාලනය නොකිරීම, ප්‍රකෝපකාරීන් ගිනිතැබූ ස්ථානවල ගින්න[…]

Read More »

තව්හිද් සාමාජිකයන් 200න් සියයක් තවමත් රටපුරා

ජාතික තවුහිඩ් ජමාත් සංවිධානයට ඍජුවම සම්බන්ධ සාමාජිකයන් 100 කට ආසන්න පිරිසක් තවමත් නිදැල්ලේ සිටින බවට තොරතුරු වාර්තා වේ. එම සංවිධානයට ඍජුවම සම්බන්ධ බවට බුද්ධි අංශ හඳුනාගෙන ඇති දෙසීයකට ආසන්න මුස්ලිම් අන්තවාදීන්ගෙන් අසූවකට (80) ආසන්න පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන අැති බව වාර්තා වේ. එසේ අත්අඩංගුවට ගත් පිරිස අතර මරාගෙන[…]

Read More »

තෙල්, දුම්රිය, ගමනාගමන ආදායම 50 % ක් කඩා වැටේ

රටේ පවතින තත්ත්වය සමග තෙල්, දුම්රිය හා ගමනාගමන යන ආයතනවල දෛනික ආදායම සියයට පනහකින් පහත වැටී ඇති බව එම ආයතන ආරංචි මාර්ග සඳහන් කරයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ දෛනික ආදායම මිලියන 16 ක් වන අතර එය මිලියන 8 දක්වා අඩු වී ඇත. ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 25 – 30 ක[…]

Read More »

ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත පළමු එක්දින තරඟය අද

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර පළමු එක්දින තරගය අද පැවැත්වීමට නියමිතයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.30ට ආරම්භවීමට නියමිතව තිබේ. අද තරගය සදහා ක්‍රීඩා කරන අනුමාන ශ්‍රී ලංකා සහ ස්කොට්ලන්ත කණ්ඩායම ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් නම් කර ඇත. එම කණ්ඩායම් දෙක පහතින් වේ…. Sri Lanka (possible):[…]

Read More »

තොරණ, දන්සල් වෙසක් කලාප අවලංගු වෙයි

කොළඹ නගරයේ හා රටේ සෙසු ප්‍රදේශවල පසුගිය වර්ෂවල පැවති තොරණ, දන්සල් හා වෙසක් කලාප සියල්ලක්ම අවලංගු කර තිබේ. පාස්කු ඉරිදා එල්ල වූ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරය සමග හා පසුව ඇති වූ සිද්ධීන් සමග සැලසුම්කර තිබූ සියලු තොරණ ප්‍රදර්ශනය නවතා දමා තිබේ. සාමාන්‍යයෙන් වෙසක් පොහොයට කොළඹ නගරයේ ප්‍රධාන තොරණ විස්සකට ආසන්න ප්‍රමාණයක්[…]

Read More »

පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් හා දෙමළ පක්ෂ නියෝජිතයෝ පොදුජන පෙරමුණට එන්න හදයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයත් සමග මුස්ලිම් හා දෙමළ දේශපාලන පක්ෂ නියෝජනය කරනු ලබන පළාත් පාලන නියෝජිතයන් හා එම පක්ෂවල සාමාජිකයන් විශාල පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමට පැමිණෙන බව එම පක්ෂයේ ප්‍රබලයෙක් පැවසීය. ජාතික පක්ෂයක් සමග දේශපාලනය කිරීම හැර ජාතිකත්වය හැඟවෙන පක්ෂ සමග කටයුතු කිරීම නිසා තමන්ට අවාසි සිදුවන[…]

Read More »

යුද හමුදා නිලධාරීන් 38කට උසස්වීම්

ජාතික රණවිරු දිනයට සමගාමීව යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 38 දෙනෙකුට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උසස්වීම් ලබාදී තිබේ. යුද හමුදාව සඳහන් කළේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ හා යුද හමුදාපතිතුමාගේ නිර්දේශය මත යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ කර්නල්වරුන් දෙදෙනෙකු බ්‍රිගේඩියර් නිලයටත්, ලුතිනන් කර්නල්වරුන් 7 දෙනෙකු කර්නල් නිලයටත් නිත්‍ය බලසේනාවේ ලුතිනන් කර්නල්වරුන් 29 දෙනෙකු කර්නල්[…]

Read More »

ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි – හකීම් කියයි

ඉකුත් අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය පිළිබඳව කලින් දැන සිටි රජය ජනතාව ආරක්ෂා කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි යන ස්ථාවරයේ තමා සිටින බව උසස් අධ්‍යාපන හා ජල සම්පත් ඇමැති හා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් පවසයි. ඉකුත් 15 වැනි දින රජයේ දෙමළ මාධ්‍ය රූපවාහිනී නාළිකාවක කාලීන දේශපාලන සාකච්ඡාවට[…]

Read More »

පා.ම. දයාසිරි කොළඹ DIG කාර්යාලයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත පැමිණ තිබේ. ඒ, කුලියාපිටියේ සිද්ධියට අදාලව ප්‍රකාශයක් ලබාදීම සදහාය.

Read More »

සීගිරිය අද සහ හෙට නොමිලේ නැරඹීමට අවස්ථාව

වෙසක් පෝය නිමිත්තෙන් අද (18) සහ හෙට (19) සීගිරිය නැරඹීමට නොමිලේ අවස්ථාව ලබාදීමට කටයුතු සළසා ඇත. නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙයි. පෙ.ව.9.00 සිට ප.ව.5.00 අතර කාලය තුළ සීගිරිය නැරබීමට අවස්ථාව උදා වෙයි. මීට අමතව දිනපතා පුරාවිද්‍යා ප්‍රදර්ශන, කැණීම්[…]

Read More »