මිනිස් ජීවිත බේරූ මරාගෙන මැරෙන බෝම්බකාරිය

අයිෂා නිහඬවම ටික දුරක් ඉදිරියට ඇවිදගෙන ගියාය. ඇයට මිනිසුන් මරා දමන්නට උවමනාවක් නැත. එහෙත් ඇය අසරණය. කරන්නට දෙයක් නැත. බඳ වටා බැඳ තිබුණු බෝම්බයේ බර නිසා ඇවිද ගන්නටවත් බැරි තරම්ය. ඩෙටනේටරය දෙසට ඇඟිලි තුඩු යවමින් ඇය සිතුවේ එක දෙයක් ගැන පමණය. “මේකෙන් ගැලවෙන්නේ කොහොමද..?” තම කුඩා බඳ වටා බැඳ ඇති[…]

Read More »

ජිහාඩ් ත්‍රස්තවාදය තුරන් කිරීමට ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් සහයෝගය

ජිහාඩ් ත්‍රස්තවාදය තුරන් කිරීමේ සටනට ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ සම්පූර්ණ සහයෝගය පලකරන බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධූ මහතා ප්‍රකාශ කර තිබේ. අද (17) මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැදැකි අවස්ථාවේදි මහානායක හිමිපාණන් වහන්සේ හමුවේ මහ කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකාව[…]

Read More »

රිෂාඩ්ගේ විශ්වාසය ගැන ආණ්ඩුවේ හා විපක්ෂයේ ගැටුම්

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවත් සමග ආණ්ඩුව හා විපක්ෂය අභ්‍යන්තරයේ මත ගැටුම් ආරම්භ වී තිබේ. ආණ්ඩුව නියෝජනය කරනු ලබන කතෝලික මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත්තේ එම විශ්වාස භංග යෝජනාවට සහාය පළකර ඔහු ඇමැති ධුරයෙන් ඉවත් කළ යුතු බවටයි. එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ මතය වී ඇත්තේ අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්ට[…]

Read More »

බුද්ධි අංශවලට මොකද වුණේ?

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වූ වහාම ඇඟිල්ල දිගු වූයේ රටේ බුද්ධි අංශ වෙතය. ආණ්ඩුවේම මැති අැමැතිවරුන් පවා කිසිදු වග විභාගයක් සේම ලැජ්ජාවක්ද නොමැතිව බුද්ධි අංශ වෙත චෝදනා කළහ. බුද්ධි අංශ එම චෝදනාවන්ට පිළිතුරු දීමට ඉදිරිපත් නොවුණද, විපක්ෂය මේ චෝදනාවට පිළිතුරු දුන්නේය. බුද්ධි අංශ නිලධාරින් අත්අඩංගුවට ගැනීම, සිරගත කිරීම නිසා බුද්ධි[…]

Read More »

හාල්, පිටි, සීනි වැඩිවෙලා

වාර්ෂික ඒකපුද්ගල සහල්, තිරිඟුපිටි හා සීනි පරිභෝජනය 2017 වර්ෂයට සාපේක්ෂව 2018 වර්ෂයේ වැඩි වී ඇත. 2018 මහ බැංකු වාර්තාවට අනුව 2017 ට වඩා 2018 ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝග්‍රෑම් 32 කින් වැඩි වී ඇත. 2017 දී ඒකපුද්ගල සහල් පරිභෝජනය කිලෝග්‍රෑම් 106 ක් වූ අතර 2018 දී එය කිලෝග්‍රෑම් 138 දක්වා[…]

Read More »

ජාතික වෙසක් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

ජාතික වෙසක් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හික්කඩුව තෙල්වත්ත, රත්පත් රජමහා විහාරයේ දී ආරම්භ වී ඇත. හික්කඩුව තෙල්වත්ත, රත්පත් රජමහා විහාරය පූජා භූමියක් ලෙස නම් කරමින් සමරු පලකය ජනාධිපතිවරයා අතින් අද (17) පස්වරුවේ විවෘත කර ඇත. රාජ්‍ය අනුග්‍රහය සහිතව ගාල්ල, හික්කඩුවේ පිහිටි තෙල්වත්ත තොටගමු පුරාණ රන්පත් රජමහා විහාරස්ථානය කේන්ද්‍ර[…]

Read More »

කොළඹ නගර සභා ආදායමට නාගරික අධිකාරිය කෙළ හලයි

නාගරික සංවර්ධන පනත යටතේ පවරා දී ඇති බලතල උපයෝගි කර ගනිමින් කොළඹ නගර සභාවට අයත් වාණිජ බලතල සියල්ල නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබේ. කොළඹ නගර සභාවට අයත් වාණිජ බලතල නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීමට සැලසුම් කොට ඇත්තේ 2019-2030 දක්වා නාගරික සංවර්ධන[…]

Read More »

සංචාරකයින්ගේ පැමිණීම 1700ට බසී

පාස්කු ඉරිදා මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය සමග දෛනිකව පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ප්‍රමාණය 1700 දක්වා අඩුවී ඇතැයි සංචාරක මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් උපාලි රත්නායක පැවසීය. වෙනත් වර්ෂවලදී මැයි, ජුනි මාසවල සංචාරකයන් 5000-5500ක් අතර ප්‍රමාණයක් දිවයිනට පැමිණ තිබේ. කෙසේ වෙතත් මේ දිනවල පැමිණෙන සංචාරකයන් වැඩි වශයෙන් ඉන්දියානුවන් හා චීන ජාතිකයන්[…]

Read More »

රුවන්ගේ කමිටුවට රනිල් හරස් වී‍මෙන් එජාපයේ අර්බුද

එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වාර්තාවක් ඉදිරිපත් කිරීමට පත්කළ රුවන් විජයවර්ධන කමිටු වාර්තාව පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කොට ඇත. එහෙත් එම වාර්තාව ක්‍රියාත්මක කිරී‍මේ කටයුතු අත්හිටුවීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ කටයුතු කිරීම නිසා එජාප අභ්‍යන්තරයේ අර්බුදකාරී තත්ත්වයක් මතුවී තිබේ. පක්ෂය තුළ ඉහළ තනතුරු රහස් ඡන්දයකින් පිරවිය යුතු බවට[…]

Read More »

කටුබැද්දේ විහාරස්ථාන ගොඩනැගිල්ලක ගින්නක්

මොරටුව, කටුබැද්ද ශ්‍රී ඥාණවිමලාරාමය විහාරස්ථානයේ ගින්නක් හටගෙන තිබේ. මොරටුව පොලීසිය පැවසුවේ අද (17) පෙරවරු 7.10ට පමණ එම විහාරස්ථානයේ තුන්වෙනි මහලේ ගින්න හටගෙන ඇති බවයි. 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අනුව වහාම ගින්න නිවීම සදහා මොරටුව ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න නිවීමට කටයුතු කර තිබේ. මොරටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

Read More »

ජනපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අතර හමුවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අතර හමුවක් අද (17) පැවැත්වේ. එහිදී රටේ සියලු ජනතාව වෙනුවෙන් පොදු නීති පද්ධතියක් සකස් කිරීම සඳහා වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යෝජනාවලිය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි. මෙම යෝජනාවලිය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කිරීමට ද නියමිතය බව එක්සත්[…]

Read More »