වසර තිහකට පසුව දුම්රිය ප්‍රවාහන ගැල් දහයක් ලංකාවට

ශ්‍රී ලාංකේය දුම්රිය ඉතිහාසයේ පෙරළියක් ඇති කරමින් වසර තිහකට පසුව බහළුම් ප්‍රවාහන ගැල් දහයක් අද අලුයම මෙරටට (16) ආනයනය කෙරිණ. ඒ කොළඹ වරායේ බණ්ඩාරනායක පර්යන්තයෙනි. දැනට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති බහළුම් ප්‍රවාහන ගැල් (container carrier wagon) සංඛ්‍යාව 25කි. එම ඇණිය වැඩිකර ගැනීම සඳහා ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ[…]

Read More »

ඔයින් මෝගන්ට එක්දින ක්‍රිකට් තරඟයක් තහනම් වෙයි

නියමිත වේලාව තුළ අදාළ පන්දුවාර සංඛ්‍යාව යැවීමට අසමත්වීම හේතුවෙන් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක ඔයින් මෝගන්ට එක්දින ක්‍රිකට් තරගයක් තහනම් කර තිබේ. ඒ පකිස්ථානය සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේදී නියමිත වේලාව තුළ අදාළ පන්දුවාර සංඛ්‍යාව යැවීමට අසමත්වීම හේතුවෙනි. දෙරට අතර මේ දිනවල එක්දින ක්‍රිකට් තරගාවලියක් ක්‍රියාත්මක වේ. එලැඹෙන ලෝක[…]

Read More »

වෙසක් පෝයට සිරකරුවන් 762කට ජනපති පොදු සමාව

මෙවර වෙසක් පුර පසළොස්වක පෙහොය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 762 දෙදෙනෙකු නිදහස් කිරීමට නියමිතය. මෙම උත්සවය වැලිකඩ බන්ධනාගාර ක්‍රිඩාංගණයේදී ජනාධිපති ප්‍රධානත්වයෙන් වෙසක් පුර පසළොස්වක පෝදා (18) පෙරවරු 10ට සිදු කිරීමට නියමිතව ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ මෙසේ සිරකරුවන් සඳහා ජනාධිපති පොදු සමාව ලබා දීමට නියමිතය.[…]

Read More »

විශ්වාසභංගයට සහය දෙනවාද නැද්ද තව තීරණය කර නැහැ – දුමින්ද

ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව කතානායකවරයාට බාර දී ඇති විශ්වාසභංගයට සහය දීම හෝ නොදීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව එම පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි. පක්‍ෂයක් ලෙස දීර්ඝ වශයෙන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ජාතික ඔහු[…]

Read More »

ශ්‍රී ලංකාවේ විදේශීය සරණාගතයින් 1670ක්

ශ්‍රී ලංකාව තුළ විදේශීය සරණාගතයින් 1670දෙනෙකු රැඳී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. ඔවුන් සියලුදෙනා සරණාගතභාවය සහ දේශපාලන රැකවල් පතා මෙරටට පැමිණි අය වේ. ඉකුත් මාර්තු 31 වැනිදා වනවිට විදේශික සරණාගතයින් 851දෙනෙකු සහ දේශපාලන රැකවල් ඉල්ලා පැමිණි විදේශිකයින් 819 දෙනෙකු ලංකාවේ රැඳී සිටින බව එක්සත්[…]

Read More »

පාස්කු ඉරුදින ප්‍රහාරයේ ත්‍රස්තවාදීන්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුකළ ත්‍රස්තවාදීන් සමග සමීප සබඳතා පැවැත්වූ මොහොමඩ් රිස්වාන් නැමති පුද්ගලයා වත්තල මාබෝල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගන්නා අවසථාවේ ඔහු සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර කිහිපයක් ද සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ[…]

Read More »

උසස් පෙළ, සාමාන්‍ය පෙළ හා ශිෂ්‍යත්ව විභාගය සැලසුම් කළ පරිදි පැවැත්වෙනවා

උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සැලසුම් කළ පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි. පවතින වාතාවරණය තුළ අදාළ විභාග කල් දැමීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළ අතර පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ[…]

Read More »

බේරුවලින් යුද හමුදා කැළෑ ඇඳුම් සමඟ පස්දෙනෙක් අත්අඩංගුවට

බේරුවල පොදු වෙළඳපල සහ අවට සිදුකළ සෝදිසි මෙහෙයුමකදී යුද හමුදා කැළෑ ඇඳුම් සමඟ පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ අලුත්ගම කඳවුරේ නිලධාරීන් සහ බේරුවල පොලිසිය එක්ව කළ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. කැමා බැනියම් 6ක්, දිග කලිසම් 2ක්, ටී ෂර්ට් 6ක්, කොට කලිසම් 6ක් සහ කුඩා කලිසම්[…]

Read More »

විරාජ් පෙරේරා ඉන්දියාවට ගිහින් කරන්න හදන අලුත්ම වැඩේ

විරාජ් පෙරේරා කියන්නේ ලංකාවේ බිහිවුණු දක්ෂතම ගායන ශිල්පියෙක්. මේ දවස්වල රසික හදවත් දිනාගත් ගායකයන් අතර ඉදිරියෙන්ම සිටින ගායන ශිල්පියෙකි. ඉතින් විරාජ් ගායකයෙක්ට අමතරව මේ දවස්වල රංගන ශිල්පියෙක් විදිහටත් වැඩ කරනවලු. රංගන ශිල්පි ගිවන්ත අර්ථසාත් අධ්‍යක්ෂණය කරන ”කාසි” ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය සඳහා තමයිලු විරාජ් රංගනයෙන් දායක වෙන්නේ. විරාජ් කියන්නේ නම්[…]

Read More »

ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා සදහා ජනතාව පොළඹවන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න

පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයෙන් අනතුරු හටගෙන ඇති ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබද යුරෝපා සංගමයේ අවධානය යොමු වී ඇත. ප්‍රංශ, ජර්මනි, ඉතාලි, නෙදර්ලන්ත, රුමේනියා තානාපති කාර්යාල සහ එක්සත් රාජධානියේ මහා කොමසාරිස් කාර්යාලය මෙන්ම නෝර්වේ සහ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලවල එකගතාව මත යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය විසින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබේ. එමගින්[…]

Read More »

ගංජා මිශ්‍ර මදන මෝදක සමඟ තරුණයන් 03දෙනෙකු අත්අඩංගුවට

ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි සන්තකයේ තබා ගත් තරුණයන් තිදෙනෙක් හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරින් විසින් ඊයේ (15) රාත්‍රි සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. සැකපිට අත්අඩංගුවට ගත් තරුණයන් හැටන් කොටගල ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත්, එම සැකකරුවන් හැටන් කොටගල ප්‍රදේශයේ තරුණයන්ට මදන මෝදක අලෙවි කරන බවට ලද තොරතුරක් මත මෙම වැටලිම සිදු කර ඇත.[…]

Read More »