ඇමති මංගල පත් කළ ලිට්‍රෝ අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු වළක්වාලමින් අතුරු තහනමක්

මුදල් ඇමති මංගල සමරවීර විසින් ලිට්රෝ ගෑස් සමාගමට ඊයේ (14) පත් කළ අධ්‍යක්ෂක මණ්ඩලයේ කටයුතු වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය අතුරු තහනමක් පනවා තිබේ. එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරු සිව් දෙනෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කළ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර්.ගූරුසිංහ මහතා විසින් මෙම නියෝගය කරනු ලැබීය.

Read More »

ඩෑන් ප්‍රියසාද්ට ඇප

කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගත් නව සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් රුපියල් ලක්ෂ 5 බැගින් වූ පුද්ගලික ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද (15) නියම කළේය. කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට පමුණුවනු ලැබීය. එහිදී[…]

Read More »

මුහුණ සඟවාලන ඇඟළුම් හෝ වෙනත් ඇඳුම් පැළඳීම වැළැක්වීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

සම්පූර්ණයෙන් මුහුණ සඟවාලන ඇඟළුම් හෝ වෙනත් ද්‍රව්‍යයක් හැඳීම හෝ පැළඳීම වැළැක්වීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත. කිසියම් තැනැත්තෙකු ප්‍රසිද්ධ ස්ථානයකදී ඔහුගේ හඳුනාගැනීමට යම් අයුරකින් බාධාවක් විය හැකි සම්පූර්ණ මුහුණ සඟවාලන ඇඟළුමක්, ඇඳුමක් හෝ වෙනත් ද්‍රව්‍යයක් නොඇඳිය සහ නොපැළඳිය යුතු බව එහි දැක්වෙන අතර මෙහිදී සම්පූර්ණ මුහුණ යන්න නළල මුදුනේ[…]

Read More »

කොච්චිකඩේ දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි වෑන් රථයේ හිමිකරු අත්අඩංගුවට

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ බෝම්බ කරු පැමිණී වෑන් රථය මිලට ගෙන එහි ආසන සකස් කළ පුද්ගලයා පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. නව කාත්තන්කුඩි ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේය. අප්‍රේල් 21 වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන[…]

Read More »

වයඹ පළාතට සහ ගම්පහට අද රාත්‍රී 7 සිට පොලිස් ඇඳිරිනීතිය

වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාශයට බලපැවැත්වෙන ලෙස අද (15) රාත්‍රී 7.00 සිට හෙට (16) අළුයම 4.00 දක්වා පොලිස් ඇදිරිනීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. ඒ අනුව ගම්පහ පොලිස් කොට්ඨාශයේ ගම්පහ, මිනුවන්ගොඩ, දොම්පේ, ගණේමුල්ල, කිරිඳිවැල, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලෙවෙල සහ[…]

Read More »

අමිත් වීරසිංහ ලබන 28 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

මහසොහෙන් බළකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ලබන 28 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය නියෝග කළාය. මහජන සාමය, ආගමික සංහිදියාව කඩ කිරීම යන චෝදනා මත මොහු ඊයේ (14) අත්අඩංගුවට ගත්තේය. පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරුව ජාතීන් සහ ආගම් අතර පවතින සහජීවනයට බාධා වන[…]

Read More »

වෙසක් පෝය නිමිත්තෙන් දින හතරකට සුරාසැල් වැසේ

වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයිනේ සියලූම සුරාසැල් දින 4 ක කාලයක් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව ලබන 17 වනදා සිට 20 වනදා දක්වා සියලූම සුරාසැල් වසා තැබෙන බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Read More »

පොලිස් අධිකාරිවරුන් 03දෙනෙකුට ස්ථාන මාරුවීම්

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරු වීම් සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. ඒ අනුව කුලියාපිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී ඔෂාන් හේවාවිතාරණ මහතා කළුතර පොලිස් විද්‍යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස පත් කර ඇත. නුගේගොඩ කොට්ඨාසයේ පොලිස් අධිකාරී එල්.එස්.සිගේරා මහතා කුලියාපිටිය කොට්ඨාස බාර නිලධාරියා[…]

Read More »

කැකිරාවේ රිය අනතුරකින් තිදෙනෙක් මරුට – 6කට තුවාල

කැකිරාව මඩඇටිගම ප්‍රදේශයේදී ලොරි රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටිමෙන් සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ අනතුරින් තවත් හයදෙනෙකු තුවාල ලබා ඇති බවයි. මෙලෙස මියගොස් ඇත්තේ වැන් රථයේ පැමිණි පිරිස බවත් ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙක් සිටින බවද වාර්තා වේ. මෙම පිරිස මාතලේ ප්‍රදේශයේ පදිංචි කරුවන්[…]

Read More »

මැයි 20 වැනි සඳුදා රජයේ නිවාඩු දිනයක් කරයි

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලබන 18 වැනි සෙනසුරාදා දිනට යෙදී තිබීමත් පොහොයට පසු දින නිවාඩු දිනය (19) ඉරිදා දිනයක් වීමත් හේතුවෙන් මැයි මස 20 වැනි සඳුදා දින රජයේ නිවාඩු දිනයක් කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගත්[…]

Read More »

ටැබ් පරිගණක ලබා දෙන්න අධ්‍යාපන අමාත්‍යංශය මුදල් අවභාවිත කරයි

උසස් පෙළ සිසුන් සහ ගුරුවරුන් සඳහා ටැබ් පරිගණක ලබා දීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් පිළිබඳ සාක්ෂි විභාගය අද ආරම්භ කරන බව පසුගිය වසර 04 තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දුෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම සඳහන් කරයි. සාක්ෂි ලබා දීම සඳහා අද දිනයේ අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් මහේෂ් හේවාවිතාරණ මහතා[…]

Read More »
1 2 3