පාස්කු බෝම්බ නිසා සංචාරක ව්‍යාපාරයත් ‘කුඩු වෙයි’

මුස්ලිම් අන්තවාදීන් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් 2019 වසරේ දී අපේක්ෂා කළ විදේශීය සංචාරක ඇණවුම් සියයට 60 ත්, 80 ත් අතර ආසන්න ප්‍රමාණයකින් අවලංගු කිරීමෙන් රුපියල් කෝටි 48,000 කට ආසන්න මුදලක් ශ්‍රී ලංකාවේ ජාතික ආදායමට අහිමිවන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 2019 වසරේදී විදේශීය සංචාරකයන් ලක්ෂ 30කට ආසන්න[…]

Read More »

ගෝඨා සහ ජනපති ඝාතන කුමන්ත්‍රණය පොලිස් හා දේශපාලන ලොක්කන් ගැන මධුෂ් කට අරියි

ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීම සඳහා සැලසුම් සකස් කිරීමේ චෝදනාව එල්ල වී සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන මාකඳුරේ මධුෂ්ගෙන් ඊට සම්බන්ධ තවත් පුද්ගලයන් රැසකගේ තොරතුරු අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී ඇත. පසුගිය පෙබරවාරි 07 වැනි දින ඩුබායිහි දී අත්අඩංගුවට පත් මාකඳුරේ මධුෂ් ඇතුළු 31[…]

Read More »

ලොකුම ග්‍රාම සේවා වසම මට්ටක්කුලියේ – ජනගහනය 45,000ක්

කොළඹ නගරය ආශ්‍රිතව සිදුවූ මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය නිසා ඇතැම් ග්‍රාමසේවා වසම්වල ග්‍රාම නිලධාරීන්ට සිය වසම්වල පදිංචිව සිටින අය පිළිබඳ තොරතුරු රැස් කර ගැනීමේ දැඩි ගැටලුවක් මතුව ඇති බව වාර්තා වේ. කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇතැම් ග්‍රාමසේවා වසම්වල පවුල් 5000 – 6000 අතර ප්‍රමාණයක් සිටිති. ඒ අනුව වැඩිම පවුල් ප්‍රමාණයක්[…]

Read More »

උතුරු මුහුදේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 79 ක් සමග දෙදෙනෙකු මාට්ටු

උතුරු මුහුදේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 79 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. අද (11) අලුයම නාවිකයින් පිරිසක් වෙත්තලකර්නිවලට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයේ කළ මුර සංචාරයකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කළ අතර මෙම කේරළ ගංජා තොගය ඩිංගි යාත්‍රාවක් මගින් මුහුදු මාර්ග ඔස්සේ මෙරටට රැගෙන ඒමට[…]

Read More »

මම නළුවෙක් වෙන්න හිටපු කෙනෙක් නෙවෙයි – ධර්මප්‍රිය ඩයස්

ධර්මප්‍රිය ඔබ වඩාත් කැමැත්තෙන් රංගන කාර්යයේ යෙදෙන මාධ්‍යය කුමක්ද? මම චිත්‍රපටවලට තමයි කැමති. නමුත් මට අඩුවෙන්ම දායක වෙන්න ලැබිලා තියෙන්නෙ සිනමාවටයි. මම නළුවෙක් වෙන්න හිටිය කෙනෙක් නෙවෙයි. හැබැයි මට කරුමෙට සිද්ධ වුණේ නළුවෙක් වෙන්නයි. අධ්‍යක්ෂවරයෙක් වෙන්න තවම මට බැරිවුණා. තව ටිකක් ලොකුවෙලා බලනව අධ්‍යක්ෂවරයෙකුත් වෙන්න. ඇයි ඔබට මෙතෙක් අධ්‍යක්ෂකවරයා කියන[…]

Read More »

පාර්ලිමේන්තුව වසා දමා පන්සලටයි, පල්ලියටයි රට භාර දෙමුද?

මේ දිනවල ශ්‍රී ලංකාවේ ආණ්ඩුවක් නැතැයි රට වැසි බොහෝ දෙනා පවසති. සමහර මාධ්‍ය ද පවසයි. සමහර කාටුන් ශිල්පීන් ඍජුව ද, සමහර කාටුන් ශිල්පීන් ව්‍යංගයෙන් ද, ඒ බව පවසයි. ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා, කිසිදු කට පැටලීමකින් තොරව ප්‍රසිද්ධියේ ද ඉඳුරාම ද ඒ බව පවසයි. භාරකරුවන් ගෙන නොගිය මළසිරුරු කොටස් පනස් හතරක්[…]

Read More »

මගේ අමාත්‍යාංශයේ ළමයි ඒ ලියුම යැව්වේ රට දැනුවත් කරන උතුම් චේතනාවෙන්

සභානායක ලෙස වගකීම් දරන ඔබ අමාත්‍යාංශ නිලධාරින් තිදෙනකු ලවා ‘කැලෑ පත්තර’ ගැසූ බවට එල්ලවෙන චෝදනාව ඉතා බරපතළයි නේද? මේක කැලෑ පත්තරයක්ය කියන එක සම්පූර්ණයෙන්ම වැරදියි. ඒක පන්සල්වලට ලියපු ලියුමක්. පන්සල්වලට කැලෑ පත්තර යවන සම්ප්‍රදායක් අපට නෑ. අනික මේ ලියුම අපට පක්ෂ හෝ විපක්ෂ දේශපාලන ක්‍රියාකාරින්ට යවපු ලියුමකුත් නෙවෙයි. පොලිසිය ලකුණු[…]

Read More »

බුද්ධි සේවයට ‘ගොට්ටෝ’ පත්වෙති

මුස්ලිම් අන්තවාදීන් හඳුනා ගැනීම සඳහා පොලිස් බුද්ධි අංශය යළි ප්‍රතිසංවිධානය කරන ලෙසට පොලිස් මූලස්ථානය ලබා දී ඇති නියෝගය අනුව ක්‍රියාත්මක වී ඇති පොලිසිය ඊට සුදුසු පළපුරුදු නිලධාරින් නොසලකා පොලිස් ස්ථානාධිපතිවරුන්, කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට හිතවත්කම් ඇති අය බඳවාගෙන ඇති බව වාර්තාවේ. සෑම පොලිස් ස්ථානයකටම බුද්ධි[…]

Read More »

තවුහිද් අන්තවාදීන් සිටින බවට සැක සහිත ප්‍රදේශ පරික්ෂා කර නැහැ

රට පුරා තවුහිද් ජමාත් පල්ලි පිහිටි හා අන්තවාදී කොටස් සිටින මුස්ලිම් ගම්මාන මේ වනතෙක් ආරක්ෂක අංශ මගින් සම්පූර්ණ පරීක්ෂාවකට ලක් නොකිරීම නිසා ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි සැක ජනතාව අතර මතු වී ඇත. රටේ මුස්ලිම් ගම්මාන බොහෝමයක ඉස්ලාම් පල්ලියට අමතරව අන්තවාදී කොටස් ආගම අදහන පල්ලිද ඇති බැවින් එම මුස්ලිම් ගම්මාන මෙම හේතුව[…]

Read More »

ඉර ඇඳීම

අද ශ්‍රී ලාංකික ජාතිය මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ කිසිදු විටෙක අත් නොවිඳි තාලේ අභියෝගයකටය. මර බියකටය. 1971 සිට නොයෙක් මාදිලියේ කැරලි හා ත්‍රස්තවාදී ව්‍යාපාරවලට ලාංකිකයෝ මුහුණ පෑහ. 1971 මතු වූ ජනතා විමුක්ති පෙරමුණේ චේ ගුවේරා ව්‍යාපාරයට මහපොළොවේ ජයගත යුතු අරමුණක් තිබුණි. එසේම ඊට ඇදී ආ තරුණ තරුණියෝ ලංකා විශ්ව විද්‍යාලවල[…]

Read More »

තුර්කි ජාතිකයන් සිටින කිරිබත්ගොඩ නිවාස පහකට හමුදා ආරක්ෂාව

ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිකිරීමට මෙරටට ගෙන ආ තුර්කි ජාතිකයන් අනූහත් දෙනකු රැඳී සිටින කිරිබත්ගොඩ කෝන්ගහවත්ත පාරේ නිවාස පහකට හමුදා ආරක්ෂාව ලබා දීමට ආරක්ෂක අමාත්‍යාංශය නියෝග කර ඇත. ඇමෙරිකානු තානාපති කාර්යාලය කළ ඉල්ලීමක් මත ආරක්ෂක අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇත්තේ පසුගිය සති අන්තයේ පටන්ය. ඇමෙරිකානු කාර්යාලයේ ඉදිකිරීම් කටයුතු භාරගත් ඇමෙරිකානු සමාගමක්[…]

Read More »