දෙමටගොඩ වර්චුසාහි සිරියාවෙන් IS පුහුණුව ලද සාමාජිකයෙක් – දෙහිවලදි අල්ලා ත්‍රස්ත විමර්ශනයට දෙයි

සිරියාවට ගොස් IS ත්‍රස්ත පුහුණුව ලබා පැමිණි බව කියන දෙමටගොඩ පිහිටි වර්චුසා ආයතනයේ සේවකයකු යුද හමුදා විශේෂ කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරදී ඇත. දෙහිවලදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලද තොරතුරු මත දෙමටගොඩ පිහිටි එම ආයතනයේ ඇතුළු ආයතන හතලිහක් පිහිටි ගොඩනැගිලි නවයක් යුද හමුදාව හා පොලීසිය එක්ව ඊයේ (08) සෝදිසි[…]

Read More »

වැල්ලවාය නගරයේ කළ හදිසි සෝදිසියකින් යුද හමුදා නිල ඇදුමට සමාන ඇදුම් රැසක් සහ සිවුරු හමුවෙයි

වැල්ලවාය නගරය ආශ්‍රිත ප්‍රදේශයේ අද (09) දින යුද හමුදා නිලධාරීන් විසින් විශේෂ සොදිසි මෙහෙයුමක් සිදු කළේය. එහිදී වැල්ලවාය නගරයේ මුස්ලිම් පල්ලිය, වෙළදසැල් සහ නිවාස රැසක් පරික්ෂාවකට ලක් වූ අතර එහිදී යුද හමුදා නිල ඇදුමට සමාන ඇදුම් රැසක් සහ සිවුරු,රැසක්ම වෙළදසැල් වල තිබියේදී යුද හමුදා නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. එම නිල[…]

Read More »

“ජාතික වෙසක් දින උත්සවය කිසිදු හේතුවක් නිසා කල් දාන්නේ නෑ”

ජාතික වෙසක් උත්සවය කිසිදු හේතුවක් නිසා අවලංගු නොකරන බවත්, එය සැළසුම් කළ පරිදි හික්කඩුව තොටගමුව රන්පත් විහාරයේ පවත්වන බවත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජාතික වෙසක්දින උත්සවය සංවිධානය කිරීම සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති[…]

Read More »

අබ්දුර් රාසික් අධිකරණය හමුවට

2016 වසරේදී මාලිගාවත්ත ප්‍රදේශයේ පැවති රැස්වීමක දී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බැණ වැදී ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇති කිරීමට ක්‍රියා කළ යැයි සැක කෙරෙන සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුර් රාසික්ට එරෙහිව පැමිණිල්ල ජුලි මස 25 වැනිදා කැඳවන ලෙසට අධිකරණය අද නියම කළේය. අද (09) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා සිල්වා මහත්මිය[…]

Read More »

“ඇට ඉන්දික” අත්අඩංගුවට

දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු වන ඩැනී හිත්තැටිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන සුනිල් ප්‍රේමරත්න හෙවත් ඇට ඉන්දික අත්අඩංගුවට ගෙන තිබේ. පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙකු වන සුනිල් ප්‍රේමරත්න නමැති මෙම සැකකරුවා ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ කරන්දෙණිය ප්‍රදේශයේදීය. පොලීසිය පැවසුවේ වයස අවුරුදු 38ක් වන සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි.

Read More »

සන්රයිස් හයිද්‍රාබාද් තියුණු තරගයක් දෙයි – දිල්ලිය අයි.පී.එල් සිහිනයේ තවදුරටත් ඉදිරියට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග පැවැති තරගය කඩුළු දෙකකින් ජය ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්ව තිබේ. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 162ක් රැස්කර ගැනීමට සමත් විය. එහිදී මාර්ටින් ගප්ටිල් ලකුණු 36ක් ලබාගත්තේය.[…]

Read More »

රංගන ශිල්පී රයන් රු. 4000ක දඩයක් මත මුදාහැරේ

ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් වෑන් රෝයන් අද (09) රුපියල් හාරදහසක දඩයක් මත මුදාහැර තිබේ. ගංජා සන්තකයේ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රංගන ශිල්පී රයන් අද පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි. රංගන ශිල්පී රයන් පාතාල නායක මාකඳුරේ මධුෂ්[…]

Read More »

විදුලි බල සැපයුම අඛණ්ඩව ලබාදීම යළි අභියෝගයක් – අරපිරිමැස්මෙන් විදුලිය භාවිතා කරන්න

ඉදිරියේදී විදුලි බල සැපයුම අඛණ්ඩව ලබාදීම යළි අභියෝගයක් වී ඇති බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යංශය සදහන් කළේ ජල විදුලි උත්පාදනය යළි පහත වැටීම හා දෛනික විදුලි ඉල්ලුම ඉහළ යාම එම තත්ත්වයට හේතු වී ඇති බව ය. පසුගිය කාලයේ ජල විදුලිබලාගාර ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශවලට ලැබුනු[…]

Read More »

මාලදිවයින් විදේශ කටයුතු ඇමති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ හමුවෙයි

මාලදිවයින් විදේශ කටයුතු ඇමති අබ්දුල් සහීඩ් මහතා සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (08) පස්වරුවේ විජේරාම නිල නිවසේදී පැවැත්විණි. මෙහිදී පසුගිය අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින සිදුවූ මිලේච්ච ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මාලදිවයින් ජනාධිපතිතුමාගේ හා එරට ජනතාවගේ කණගාටුව අබ්දුල් සහීඩ් මහතා විසින් මහින්ද රාජපක්‍ෂ මහතා වෙත මෙහිදී පළ කළේය. එමෙන්ම[…]

Read More »

Update : නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ ලබන 30 වැනිදා යළි සාකච්ඡාව පැවැත්වීමට තීරණය කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර නව සන්ධානය සම්බන්ධයෙන් වන 5 වන සාකච්ඡා වටය ලබන 30 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ අද (09) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ එම පක්ෂ දෙක අතර පැවැති සිව්වන සාකච්ඡාවේදී මෙම තීරණය[…]

Read More »

එල් ටි ටි වළදැමු ආයුධ සොයා ගෙවත්තක් හාරයි

එල් ටි ටි සංවිධානය ආයුධ හා රත්රන් වළදැමු බවට සැක සහිත මුලතිව්,පුදුකුඩිඉරිප්පු,මුංගිලාරු ප්‍රදේශයේ ඉඩමක් ඊයේ(08) හැරීම සිදුකළ බව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ ලද තොරතුරක් මත අදාළ ස්ථානය හැරීම සිදුකළ අතර, බැකෝ යන්ත්‍ර යොදාගෙන හැරීම් සිදුකළ බවයි. පැය කිහිපයක් අදාළ ස්ථානයේ හැරීම් සිදුකළ නමුත් කිසිවක් හමුනොවු බැවින් මුලතිව් මහේස්ත්‍රාත්[…]

Read More »