නීතිපතිවරයා ලෙස ලිවේරා මහතා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය

නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒකමතික අනුමැතිය හිමිවී ඇත. කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

Read More »

තව්හීත් ජමාත් සංවිධානයට සම්බන්ධ විනිසුරුවරු ඉන්නවා නම් අත්අඩංගුවට ගන්න

ජාතික තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධකම් පවත්වන අධිකරණ විනිසුරුවරු සිටී නම් ඔවුන් වහාම අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් පවත්වන්නැයි ත‍්‍රස්ත විරෝධී ජාතික එකමුතුව අද (07) අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලීමක් කළේය. එහි සංවිධායක පුජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් අද අධිකරණ සේවා කොමිසමට වැඩම කොට අදාළ ඉල්ලීම ලිඛිතව කොමිසමට බාර දුන්හ.[…]

Read More »

ඝාතනයකට වරදකරුවන් වූ විත්තිකරුවන් 04 දෙනෙකුට මරණ දඬුවම

මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවන් වූ විත්තිකරුවන් 04 දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් අද(07) මරණ දඬුවම නියම කර ඇත. 2008 වසරේ දෙසැම්බර් 30 වන දා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී තරුණයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් 05 දෙනෙකුට එරෙහිව නීතිපතිවයා විසින් අධිචෝදනා ගොනු කර ඇත. එහිදී එක් විත්තිකරුවෙකු නිදොස් කොට නිදහස් කළ කොළඹ[…]

Read More »

පාකිස්ථාන සරණාගතයින් නිසා අම්බලන්තොට විරෝධතාවක්

පාකිස්ථානයෙන් පිටුවහල් කරන ලද සරණාගතයින් පිරිසක් අම්බලන්තොට රිදියගම රජයේ පුනුරුත්තාපන නිවර්තන කඳවුර වෙත රැගෙන ඒමට විරෝධය පළකරමින් අද පෙරවරුවේ අම්බලන්තොට රිදියගම හා ප්‍රදේශ කිහිපයකම ජනතාව 300 කට වැඩි ප්‍රමාණයක් විරෝධතා රැළියක් සංවිධානය කර තිබිණි. අම්බලන්තොට නගරය ඇතුළු ප්‍රධාන විහාරස්තාන කිහිපයකම විහාරාධිපති හිමි වරුන් හා පක්ෂ විපක්ෂ බේදයකින් තොරව දේශපාලන අධිකාරියේද[…]

Read More »

දුරකථන මාර්ග අවහිර කිරීමට යොදාගන්නා උපකරණ සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

මීගමුව ප්‍රදේශයේදී සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී දුරකථන මාර්ග ඇතුළු විවිධ සන්නිවේදන ජාලයන් අවහිර කිරීමට යොදාගන්නා උපකරණ 8ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More »

ගුවන්තොටුපොළ ආශ්‍රිතව සේවා සපයන සංචාරක මාර්ගෝපදේශක රියදුරන් දැඩි පීඩාවකට පත්වෙයි

පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් සංචාරක ව්‍යාපාරය මුහුණපා තිබෙන අර්බුදකාරී වාතාවරණය හමුවේ ගුවන්තොටුපොළ ආශ්‍රිතව සේවා සපයන සංචාරක මාර්ගෝපදේශක රියදුරන් දැඩි පීඩාවකට පත්ව සිටින බව ගුවන්තොටුපොළ සංචාරක සේවා මාර්ගෝපදේශක රියදුරන්ගේ සංගමය පවසයි. කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ ස්ථාපිත සංචාරක සේවා කවුළුවල සේවයේ නියුතු සංචාරක මාර්ගෝපදේශක රියදුරන් සිය ගැටලු සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා[…]

Read More »

මගේ අම්මෝ මෙන්න මෙහෙත් කඩුවක්

ඉකුත් බ්‍රහස්පතින්දා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතනවල දේශපාලනඥයින්ගේ රැස්වීමක් ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාගේ නිවසේදී පැවැත්විණි. මෙම රැස්වීමට පැමිණි ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයා ‘යමක්’ දැක එක්වනම කෑගැසුවේය. ‘‘මගේ අම්මෝ මෙන්න මෙහෙත් කඩුවක් …’’ ‘‘නැහැ බයවෙන්න එපා… මේක මේ පිත්තල කඩුවක්… මට තාත්තගෙන් හම්බවුණේ… පරම්පරාගත කඩුවක්… මේක මගේ කාමරේ තිබුණේ… පස්සේ මම ගෙනල්ලා මෙතනින්[…]

Read More »

ළගම පාසල හොදම පාසල ව්‍යාපෘති ලොක්කෙක් අයි.එස්. ප්‍රචාරණයේ – අධ්‍යාපන අමාත්‍යංශ කාර්යාලකට පොලීසියෙන් සීල් තබයි

අයි.එස්. මතවාදී පෝෂණය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ලගම පාසල හොදම පාසල ව්‍යාපෘතියට අයත් සහකාර අධ්‍යක්ෂකවරයෙකුගේ ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශ ගොඩනැගිල්ලේ කාර්යාලයකට පොලීසිය සීල් තබා ඇත. පොලිස්පති කාර්යාලයෙන් ලබාදුන් අයි.එස්. ත්‍රස්තයන්ට උදව් දුන් පුද්ගලයන්ගේ තොරතුරු ලේඛනයකට අනුව නොරොච්චෝලේ පදිංචි මරික්කාර් දිල්ශාන් මුහම්මද් නමැති සහකාර අධ්‍යක්ෂවරයා නොරොච්චෝලේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙගන ඇත්තේ[…]

Read More »

නාලක ද සිල්වා ලබන 21 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. අද(07) අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී නාලක ද සිල්වා ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

Read More »

සේවකයන් පිරීසකගේ වෙනම සාකච්ඡාවක් නිසා පැල්වත්ත සීනී සමාගමේ උණුසුම් තත්ත්වයක්

බුත්තල පැලවත්ත සීනි සමාගමේ අද (07) පෙරවරුවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි. ඒ පැල්වත්ත සිනී සමාගමේ පරිපාලන නිලධාරීයා විසින් පැල්වත්ත සිනී සමාගමේ සේවය කරන මුස්ලිම් සේවකයන් පමණක් වෙනම ශාලාවකට කැදවා ඔවුන් වෙනුවෙන් දේශනයක් සිදු කිරීම හේතුවෙනි. එම පරිපාලන නිලධාරීයාද මුස්ලිම් ජාතිකයෙකු වන අතර මෙම සිදුවීම සැලවීමත් සමග අනෙක් සේවකයන් එම දේශනය[…]

Read More »

තවුහිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක 21 වැනිදා දක්වා යළි රිමාන්ඩ්

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් එළඹෙන 21 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියම කර ඇත. එම සැකකරු අද බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියට පමුණුවනු ලැබ ඇත. මෙහිදී පොලිසිය අධිකරණයට දන්වා සිටියේ[…]

Read More »
1 2 3