කොළඹ නගරයට ඇතුළු වන පාලම් කිහිපයක් පිපිරවීමට සැලැස්මක්

ඉස්ලාමීය අන්තවාදීන් විසින් කොළඹ නගරයට ඇතුළු වන පාලම් පුපුරුවා හැරීමට සූදානම් වන බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයි බලධාරීහු පවසයි. මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස කොළඹ ආසන්නයේ පිහිටි සියලූම පොලිස් ස්ථාන වලට දන්වා ඇති බවත් ගංගා සහ පාලම් ආරක්‍ෂා කරගැනීම සඳහා වැඩි වැඩියෙන් යාත‍්‍රා යොදවන ලෙස නාවික හමුදාවට දැනුම් දී ඇත.[…]

Read More »

කටුගස්තොට මාර්ග බාධකයේදී සුඛෝපභෝගී වාහනයක තිබී ආයුධ තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

කටුගස්තොට මාර්ග බාධකයේදී සුඛෝපභෝගී වාහනයක තිබී ආයුධ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහි තිබී චීනයේ නිෂ්පාදිත ගිනිඅවියක්, වායු පිස්තෝල දෙකක්, වායු රයිෆලයක්, උණ්ඩ 7ක් සහ වායු පිස්තෝල සඳහා භාවිත කරන උණ්ඩ විශාල ප්‍රමාණයක් ද සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළේය. පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු[…]

Read More »

අපහාසාත්මක ලිපි මුද්‍රණය සදහා යොදා ගත් බවට සැක කෙරෙන පරිගණක් සහ ඡායා පිටපත් යන්ත්‍රයක් පොලිස් භාරයට

රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශයේ තිබී අපහාසාත්මක ලිපි මුද්‍රණය සදහා යොදා ගත් බවට සැක කෙරෙන පරිගණක යන්ත්‍රයක් සහ ඡායා පිටපත් යන්ත්‍රයක් පොලිස් භාරයට ගෙන ඇත. ලෝක වෙළද මධ්‍යස්ථානයේ නැගෙනහිර කුළුණේ 36 වන මහලේ පිහිටි මෙම අමාත්‍යාංශයේ කාර්යාලයකින් ඒවා සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි[…]

Read More »

ඩයරබා තේ වත්තක තිබී පිස්තෝල 02ක් හා උණ්ඩ 42ක් සොයාගැනේ

වැලිමඩ ඩයරබා වතුයායේ තේ වත්තක තේ පඳුරක් ආසන්නයේ තිබී මිලිමීටර් 09 පිස්තෝල දෙකක් සහා වෙඩි උණ්ඩ 42ක් පොලිසියට ලද තොරතුරක් මත සොයාගෙන ඇත. තේ වත්තේ දළු නෙලීමට ගිය කාන්තාවක් මෙය දැක පොලිසියට දැනුම්දීමෙන් පසු ක්‍රියාත්මක වුනු පොලිසිය විසින් මෙම පිස්තෝල හා උණ්ඩ සොයාගෙන ඇති අතර වැලිමඩ පොලිසිය විසින් මේ පිලිබඳ[…]

Read More »

හිටපු ආරක්ෂක ලේකම්ට සහ පොලිස්පතිට එරෙහි පෙත්සම සලකා බැලීම 21වනදා

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත ජයසුන්දර වගඋත්තකරුවන් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මෙම මස 21 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කර ඇත. බුද්ධි තොරතුරු ලැබී තිබියදී බෝම්බ ප්‍රහාර වැළැක්වීමට කටයුතු නොකිරීම තුළින් තම මූලික අයිතිවාසිකම් කඩ වූ බව පවසමින් ඔවුන්ට එරෙහිව මෙම පෙත්සම ගොනුකර ඇත්තේ සංචාරක[…]

Read More »

පාස්කු ඉරුදින ප්‍රහාරයට භාවිතා කර තිබෙන්නේ නීත්‍යානුකූල වෙඩි බෙහෙත් ?

පසුගිය පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රසත්වාදී බෝම්බ ප්‍රහාර සදහා භාවිතා කර ඇත්තේ ගල්වලවල් සදහා නීත්‍යනුකූලව නිකුත් කරන වෙඩි බෙහෙත් ද යන්න සැකයක් පවතින බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි. ගල් වලවල් සඳහා නීත්‍යනුකූලව නිකුත් කරන වෙඩි බෙහෙත් යම් ප‍්‍රමාණයක් වැරදි මාර්ග හරහා ත‍්‍රස්තවාදීන් අතට පත්ව ඇති[…]

Read More »

අන්තවාදී ක්‍රියා වලට සම්බන්ධ පුද්ගලයෙකු දින 30ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ඉස්ලාම් අන්තවාදී ක්‍රියා වලට සම්බන්ධ සංයුක්ත තැටි ළඟ තබාගෙන සිටි වරාය අධිකාරියේ කම්කරුවෙකු දින 30ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වෙරළබඩ පොලීසියට අවසර ලබා දී ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ රුපියල් ලක්ෂ 10ක චෙක්පතක් තිබී ඇති බව වාර්තා වන අතර පසුගිය මාස කිහිපය තුළ සැකකරුගේ බැංකු ගිණුම හරහා[…]

Read More »

බලපිටියෙන් කඩුවක් සිවුරු කොටස් සහ පාත්තර තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

බලපිටිය මුස්ලිම් දේවස්ථානය අසල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයින් තිදෙනෙක් ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ එම ප්‍රදේශ‌යේ නිවසක සඟවා තිබූ කඩුවක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් නිවසක තිබී සිවුරු කොටස් සහ පාත්තර තොගයක් සොයාගත් බවයි. එම නිවසේ සිටි පුද්ගලයින් දෙදෙ‌නෙකු ද අහුංගල්ල පොලීසිය විසින්[…]

Read More »

විපක්ෂ නායකගෙන් කථානායකට ලිපියක්

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ලබන 07වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු වැඩසටහන සම්බන්ධයෙන් කථානායකවරයා වෙත ලිපියක් යොමු කර ඇත. ඒ, අප්‍රේල් 21 වන දා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට වැඩි කාලවේලාවක් ලබාදෙන ලෙස ඉල්ලමින්ය. එම ලිපිය මගින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ මෙම ඛේදවාචකයත් සමඟ සංචාරක කර්මාන්තය මෙන්ම ඒ[…]

Read More »

2019 අ.පො.ස සාපෙළ විභාගයට අයැදුම්පත් භාර ගැනීම ඇරඹෙයි

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයැදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇත. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ලබන 31 වැනි දා දක්වා අයැදුම්පත් භාර ගන්නා බවය. පාසල් අයැදුම්කරුවන් විදුහල්පතිවරුන් මාර්ගයෙන් ඉල්ලුම් කළ යුතු වන අතර පෞද්ගලික අයැදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති ආදර්ශ අයැදුම්පත පුරවා එවීමෙන් ඒ සඳහා[…]

Read More »

විජිත් විජිතමුණිගේ පුත්‍රයාගේ විවාහ අරලියගහ මැදුරේදි සිදුකෙරෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතාගේ පුත් ගජිදු සොයිසා මහතාගේ විවාහ මංගල උත්සවය ඊයේ (2) කොළඹ අරලියගහ මන්දිරයේදී පවත්වනු ලැබීය. අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී මෙම විවාහ මංගලය‍ පැවති බවට වාර්තා වේ. පසුගිය පාස්කු ඉරිදා (අප්‍රේල් 21) ෂැංග‍්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් එහි කලින් වෙන්කර තිබූ උත්සවය පැවැත්වීමට නොහැකි වීම[…]

Read More »