කඩවත සිට කිරිදිවිට දක්වා අද සවස 6යේ සිට පැය 24ක ජල කප්පාදුවක්

කඩවත සිට කිරිදිවිට දක්වා ගනේමුල් පාර හා සියලු අතුරු මාර්ගවල අද (29) සවස 6යේ සිට හෙට (30) සවස 6 දක්වා පැය 24ක් ජල සැපයුම අත්හිටුවයි.

Read More »

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස ශාන්ත කෝට්ටේගොඩ පත් කෙරේ

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පත් කර තිබේ. ජනාධිපති කාර්යාලයේ ඒ මහතා අද (29) දහවල් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

Read More »

මේ ප්‍රශ්න ඉවර වෙනකන් කිසිම උත්සවයක්… කිසිම පිංකමක්… කරන්න දෙන්න එපා ලංකාවේ

අද (29) දින හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් කරන ලදී. “මොකුත් කියන්න ඕනේ නැහැ… වෙසක්, පොසොන්… මේ ප්‍රශ්න ඉවර වෙනකන්, කිසිම උත්සවයක්… කිසිම පිංකමක්… කරන්න දෙන්න එපා ලංකාවේ. පන්සල් පනහකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්න නියමිතව තියෙනවා. ඒ[…]

Read More »

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් නායකයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් නායක මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් පැය 72 ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබේ. ඔහු අද (29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ එම නියෝගය නිකුත් කර ඇත.

Read More »

ආසියාව දිනා යද්දී ඇයට අත්පුඩි ගසන්නට කෙනෙක් ගමේ නැත

‘මට මේ වෙලාවෙ ඕනෙ ගමට ගිහින් ඒ අයත් මේ පදක්කමේ සතුට බෙදාගන්න නෙමෙයි. මගෙ ගමට ගිහින් ඒ අයගේ දුක බෙදාගන්න’ යැයි දෝහා කටාර් සිට අප සමග කතා කරමින් විදූෂා ලක්‍ෂාණි පවසන්නීය. ලොව වැඩිම ජනගහනයක් වෙසෙන ආසියානු මහද්වීපයේ තුන් පිම්ම ඉසව්වෙන් පළමු තුන්දෙනා අතරට පැමිණි ඇයට ඒ ජයග්‍රහණයේ සතුට සිත් සේ[…]

Read More »

පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යවයි

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යවා ඇති බව වාර්තා වෙයි. පාස්කු ඉරිදා (21) දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධව විමර්ශනයක් ක්‍රියාත්මක බැවින් මෙලස පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යැවීමට හේතු වී ඇති බව වාර්තා වේ. මේ අතර වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පත් කර තිබේ. ඊට අදාළ[…]

Read More »

දෙමටගොඩින් අත්අඩංගුවට ගත් ඊබ්‍රාහිම් ‘අරුණ’ට කතා කරයි

මීට වසර කිහිපයකට පෙර මෙරට ගම්මිරිස් ගොවීන් තම ගම්මිරිස් වැල් ගලවා පාරට ගෙනැවිත් ටයර් දමා පුච්චමින් විරෝධතා දක්වන්නට විය. විරෝධතාකරුවන් කිව්වේ රුපියල් 1600 ට විකිණූ ගම්මිරිස් දැන් රුපියල් 150 ටවත් විකුණාගත නොහැකි බවය. එවකට මා සේවය කළ පුවත්පතේ කතුවරයා මට කීවේ පිටකොටුවේ කරක් ගසා කෙසේ හෝ ලංකාවේ ලොකුම ‘ගම්මිරිස්’ එක්ස්පෝටර්[…]

Read More »

නව අගවිනිසුරු, වැඩබලන නීතිපති, නව විගණකාධිපති සහ වැඩබලන පොලිස්පති පත් කෙරේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද නව අගවිනිසුරු, වැඩබලන නීතිපති, නව විගණකාධිපති සහ වැඩබලන පොලිස්පති කර තිබේ. නීතිපති ජයන්ත ජයසූරීය මහතා නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පත් කර ඇත. ඒ අනුව නව අගවිනිසුරුවරයා ලෙස ජයන්ත ජයසූරිය මහතා අද(29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම්[…]

Read More »

රණසිංහ ප්‍රේමදාස සමග තොරණ ගැසූ හැටි

අත්සන නොමැතිව චිත්‍රය කාගේ දැයි සොයාගත හැකි අනන්‍යතාවක් ඇති චිත්‍ර ශිල්පියෙක් නම් ජයසිරි සේමගේය. ඩී. බී. ධනපාලයන් යටතේ චිත්‍ර ශිල්පියකු ලෙස ලංකාදීප හා දවස පුවත්පත්වලට පිවිසි සේමගේ ගැන මේ අසන්නට යන්නේ චිත්‍ර කලාව ගැන නම් නොවේ. මෙරට දෙවැනි විධායක ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතාගේ සමීපම චිත්‍ර ශිල්පියා වූයේ ජයසිරි සේමගේය.[…]

Read More »

කුඹුක් ලී ගෙට දැම්මම සීතලද?

ගස්වල දෙවි දේවාතාවන් වැඩ වෙසෙතැයි යන විශ්වාසය අනාදිමත් කාලයක සිට අප ජන විඥානයේ පවතී. බෞද්ධ, හින්දු ආදී ආගමික සාහිත්‍යයන් මගින්ද මේ සඳහා ලැබෙනුයේ නොමඳ පිටිවහලකි. එහෙත් වෘක්ෂ දේවතාවන්, විමාන දේවතාවන් යනුවෙන් හැඳින්වෙන දේව ගණයා ගස්වල වැඩවාසය කරන බව පිළිගන්නා අපි එම ගස්වලට ඍජුවම දේවත්වයක් ආරෝපණය කිරීමට මැළි වන්නෙමු. එහෙත්, අපට[…]

Read More »

හැටන් නගරයේ ධාවනය වන සියළුම ත්‍රිරෝද රථ, වෙළදසැල් ,සංචාරක නිකේතන ලියාපදිංචි කිරිම අනිවාර්යය කෙරේ

පාස්කු ඉරුදින (21) සිදු වු ත්‍රස්තවාදි ප්‍රහාරයත් සමගම හැටන් ප්‍රදේශයේ ධාවනය කරවන සියළුම ත්‍රිරෝද රථ, වෙළදසැල් සහ සංචාරක නිකේතන ලියාපදිංචි කිරිම අනිවාර්යය කෙරේ. හැටන් ප්‍රදෙශයේ ආරක්ෂාව පිලිබදව සියළු පාර්ශවයන් දැනුවත් කිරිම සදහා හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් සහ හැටන් පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂ එ.එල්.එම් ජෙමිල් යන මහතුන්ගේ[…]

Read More »