අද රාත්‍රී 10 සිට යළිත් පොලිස් ඇදිරිනීතිය

අද (26) රාත්‍රී 10.00 සිට හෙට (27) අලුයම 4.00 දක්වා දිවයින පුරා යළි පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන එම පියවර ගත් බවයි.

Read More »

සායින්ද මර්දූ ප්‍රදේශයේදි හමුදාව සහ සැකකටයුතු පිරිසක් අතර වෙඩි හුවමාරුවක්

අම්පාර සායින්ද මර්දූ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී සැකකටයුතු පිරිසක් සහ ආරක්ෂක අංශ අතර මීට සුළු වේලාවකට පෙර වෙඩි හුවමාරුවක් සිදු ව තිබේ. යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක අංශ මෙම මෙහෙයුම යෙදී සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ[…]

Read More »

28, 29 හා මැයි 01 අධික සුළං තත්ත්වයක් සමග විශාල වර්ෂාපතනයක්

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධන වී ඇති බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ දිවයිනට කිලෝමිටර් 1000ක මුහුදු ප්‍රදේශයක කුණාටු තත්ත්වයක් වර්ධන වී ඇති බවයි. මේ තත්ත්වය සමඟ මස 28, 29, හා මැයි 01[…]

Read More »

ඇමති රිෂාඩ්ගේ සොහොයුරාගෙන් පොලිසිය ප්‍රකාශයක් ලබා ගනී

සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදුයුදීන්ගේ සොහොයුරා යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත බාර දී ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව මුදා හැර ඇති බව පොලිසිය සඳහන් කරයි.

Read More »

බස් රථයක් තුල බෝම්බයක් ආකාරයෙන් පාර්සලයක් දමා ජනතාව බිය ගැන්වූ අයෙක් අත්අඩංගුවට

රට තුල පැන නැගී තිබෙන හදිසි වාතාවරණය තුල ඊයේ දිනයේදී අම්බලන්තොට කොග්ගල්ල මාර්ගයේ ධාවනය කෙරෙන බස් රථයක් තුල බෝම්බයක් ආකාරයෙන් පරිඝනක කොටස් අඩංගු පාර්සලයක් දමා ජනතාව බියවැද්දීම හා නිලධාරීන් අපහසුතාවයට ලක්කරන ලද සැකකරු අද පෙරවරුවේ අම්බලන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ බස් රථය තුල තිබූ පාර්සලය සම්බන්දයෙන් පරීක්ෂණ පැවැත්[…]

Read More »

පොලීසියේ ඉහළ නිලධාරීන් 13කට දුන් ස්ථාන මාරුවීම තාවකාලිකව අත්හිටුවයි

පොලීසියයේ ඉහළ නිලධාරීන් 13දෙනෙකුට ලබා දුන් ස්ථාන මාරුවීම් තාවකාලිකව අත්හිටු වීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ. එම කොමිසම සදහන් කළේ රජය පත් කළ කොමිසමකින් ක්‍රියාත්මක විමර්ශනයට බාධා ඇති වීම වැළැක්වීමේ අරමුණින් එම තීරණය ගත් බවයි.

Read More »

තුසිත වනිගසිංහ මහතා වැඩ බලන ආරක්ෂක ලේකම් ලෙස පත්කරයි

වැඩ බලන ආරක්ෂක ලේකම් ලෙස තුසිත වනිගසිංහ මහතා පත්කර ඇත. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමත් සමග මෙම පත්කිරිම සිදුකර ඇති අතර ශ්‍රී ලංකා පරිපාලන ‍සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඒ මහතා රාජ්‍ය ආයතන ගණනාවකම ඉහළ තනතුරු හොබවා ඇති බව වාර්තා වෙයි.

Read More »

පොලිසියේ සහ යුධ හමුදාවේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ සිකුරාදා ජුම්මා යාඥාව පවත්වයි

පාස්කු ඉරුදින එල්ල වු ත්‍රස්තවාදි ප්‍රහාරය නිසා අද (26) දින දිවයිනේ සියළුම මුස්ලිම් පල්ලිවල ජුම්මා යාඥාව නොපත්වන ලෙස මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යයවරයා විසින් ඉල්ලිමක් කර තිබුණි. එම ඉල්ලිම අනුව වතුකරයේ මුස්ලිම් පල්ලි ගණනාවක අද දින ජුම්මා යාඥාව නොපැවැත්වු අතර හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ සිකුරාදා ජුම්මා යාඥාව පොලිසියේ සහ යුධ හමුදාවේ[…]

Read More »

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ තිබී කඩු 46ක් සොයා ගැනේ

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ තිබී කඩු 46ක් සොයා ගෙන ඇති අතර සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙයි. අදාළ සැකකරුවෙක් අද(26) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More »

IS ත්‍රස්ත සංවිධානය සමග සබඳතා පැවැත් වූ සැකකරුවෙක් අලුත්ගමදී අත්අඩංගුවට

IS ත්‍රස්ත සංවිධානය සමග සබඳතා පැවැත්වූ සැකකරුවෙකු අලුත්ගම දර්ගා නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අලුත්ගම පොලීසිය සදහන් කළේ ඊයේ (25) රාත්‍රීයේ සැකකරු අත්අඩංගුවට ගත් බවයි. වයස අවුරුදු 24ක් වන මොහොමඩ් ආදිල් මොහොමඩ් අමීස් නමැති සැකකරු අයි.එස්. සංවිධානය සමග අන්තර්ජාලය ඔස්සේ සබඳතා පවත්වා ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි පොලීසිය වැඩිදුරටත් සඳහන්[…]

Read More »

චූලා වික්‍රමරත්න නව විගණකාධිපතිවරයා ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය

නව විගණකාධිපතිවරයා ලෙස චූලා වික්‍රමරත්න මහතා පත් කිරීමට ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය ලබා දී ඇත.

Read More »