හෙට දිවයින පුරා මුස්ලිම් දේවස්ථානවල පැවැත්වීමට නියමිත සිකුරාදා ජුම්මා දේව මෙහෙය අවලංගු කරන ලෙසට ඉල්ලීමක්

දිවයින පුරා පිහිටි මුස්ලිම් දේවස්ථානවල හෙට දිනට යෙදී ඇති සිකුරාදා ජුම්මා දේව මෙහෙය අවලංගු කරන ලෙස මුස්ලිම් ආගමික කටයුතු ඇමති එම්. එච්. ඒ. අලීම් මහතා ඉල්ලීමක් කර තිබේ. අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කළේ රටේ පවතින හදිසි වාතාවරණය හේතුවෙන් බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

Read More »

කටුනායක ගුවන් තොටුපල පර්යන්ත ගොඩනැගිල්ලට පිවිසීම මගීන්ට පමණක් සීමා වෙයි

පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පර්යන්ත ගොඩනැඟිල්ලට පැමිණිය හැකි වන්නේ ගුවන් මගීන්ට පමණක් බව ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම නිවේදනය කර සිටියි.

Read More »

බෝම්බ පිපිරීම්වලට අදාළ සැකකරුවන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි

පසුගියදා සිදුවූ බෝම්බ පිපිරීම්වලට අදාළ සැකකරුවන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි. මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පහත් සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන මෙන් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. දුරකථන අංක – 071 8591771 011 2422176 011 2395605  

Read More »

සෝදිසියකදී නුවරඑලියෙන් ඩෙටනේටර් 198ක් සොයාගැනේ

නුවරඑලිය හාවාඑලිය ප්‍රදේශයේ මහින්ද මාවතේ බොක්කුවක් මත තිබි ඩෙටිනේටර් 198 හමු වු බව නුවරඑලිය පොලිසිය පැවසිය. නුවරඑලිය හාවාඑලිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක් ඇසල බොක්කුවක් මත සැක සහිත පාර්සලයක් තිබෙන බවට නුවරඑලිය පොලිසිය වෙත ලද තොරතුරක් මත යුධ හමුදාව සහ පොලිසිය එක් ව අද (25) උදැසන 10.30 ට පමණ සිදු කල සොදිසි[…]

Read More »

අදත් රාත්‍රී 10 සිට පොලිස් ඇඳිරි නීතිය

දිවයින පුරා අද (25)රාත්‍රී 10 සිට හෙට(26) අලූයම 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇත. පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේය.

Read More »

පසුගිය වසරේ ව්‍යාපෘති වෙනුවෙන් වූ හිඟ මුදල් රු. බිලියන 84 ක් ගෙවා අවසන්

රජයේ අමාත්‍යාංශ හා විවිධ ආයතන මගින් ක්‍රියාත්මක කරන ලද විවිධ වැඩසටහන් සඳහා 2018 දෙසැම්බර් 31 වනවිට ගෙවිය යුතුව තිබූ රු. මිලියන 84,461 ක මුදලක් මේ වනවිට මහා භාණ්ඩාගාරය විසින් අදාළ අංශ වෙත ගෙවා ඇත. 2018 දෙසැම්බර් 31 වනවිට විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් හා අනෙකුත් ගෙවීම් සඳහා රු. මිලියන 99,415[…]

Read More »

අපද්‍රව්‍ය වළක් පිරිසිදු කිරීමට ගිය පුද්ගලයින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට

වවුනියාව නගරයේ තාණ්ඩිකුලමේ ගව ඝාතකාගාරයක අපද්‍රව්‍ය රැදී පැවති වළක් පිරිසිදු කිරීමට ගිය වවුනියාව නගර සභා සේවකයින් සිව් දෙනෙකු විෂ වායුව ආඝ්‍රාහණය වීමෙන් අද(25) දහවල් ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ වවුනියාව ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෙකු වවුනියාව නගර සභාවට අයත් ගව ඝාතකාගාරය ටෙන්ටර් පදනම ලබාදෙන පවත්වාගෙන ගොස් ඇති අතර,අදාළ[…]

Read More »

කුඩා බෝම්බ 21 ක් මට්ටක්කුලිය ප්‍රදේශයේ ඇළ මාර්ගයකින් සොයාගැනේ

මට්ටක්කුලිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක පොහොර උරයක දමා තිබු කුඩා බෝම්බ 21 ක් කොළඹ අපරාධ කොට්ටඨාසය විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත. මෙම බෝම්බ පුපුරණ ද්‍රව්‍ය යොදා ටෙනිස් බෝල ප්‍රමාණයට සකස් කර තිබු අඩු බලැති අත් බෝම්බ බව පොලිසිය සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් සැකකරුවන් 03දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More »

රංගන ශිල්පී රයන් ලබන 02වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

ඩුබායිහී සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ රංගන ශිල්පී රයන් වෑන් රෝයන් අද(25) යළි අධිකරණයට ඉදිරිපත් කළේය. ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී එළඹෙන මැයි 2 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

Read More »

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරුණු බෝම්බකරු ව්‍යාපාරික උළෙලකදී සම්මානයකුත් අරගෙන

පාස්කු ඉරිදා දිනයේදී කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයට හා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහෝදරයන් දෙදෙනාගේ ඡායාරූප කිහිපයක් ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කරයි. ඉල්හාම් ඉබ්‍රාහීම් ෂැන්ග්‍රිලා හෝටලය තුල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකල බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති බව වාර්තා වන අතර ඉන්ශාෆ් ඉබ්‍රාහීම් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී[…]

Read More »