ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාර මාලාවෙන් අයිෆල් කුළුණ අඳුරු වෙයි

දිවයිනේ ස්ථාන 08ක සිදුවූ පිපිරිමේන් මිය ගිය පිරිස සිහිපත් කරමින් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි බුබුළු නිවා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාස්කු දේව මෙහෙයන් පැවති කතෝලික දේවස්ථාන තුනක්, හෝටල් 04 ක් ඇතුළු ස්ථාන 08 ක් ඉලක්ක කර අද (21) සිදුවූ පිපිරීම් මාලා වෙන් පුද්ගලයින් 228 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.[…]

Read More »

සිදුවූ පිපිරීම් ගැන සොයන්න ජනපති නියමයෙන් විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට එල්ල වූ ප්‍රහාරයට මුල් වූ කරුණු හා එහි පසුබිම සොයා බැලීම සඳහා ඉදිරි පැය 24 තුළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත්කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකුගේ සමන්විතව නම් කරන මෙම පරීක්ෂණ මණ්ඩලය හරහා ඒ සම්බන්ධයෙන් ව වාර්තාව සති දෙකක් තුළ ලබාගන්නා බව[…]

Read More »

ජෝති-වි‌ජේ එක්ක ප්ලේන්ටියක් ගහමු

මම දුරකථන ඇමැතුමක් ගත්තෙමි. දුරකථනයේ නාදය වෙනුවට ඇසුණේ එච්.ආර්. ජෝතිපාලයන්ගේ “සිරියාමේ සාරා නැගේවී හද මෝරා ගීතයයි. මගේ ඇමැතුමට කිසිවෙක් කතා නොකළෙන් මම මග හැරුණු ඇමැතුම යළිත් අංකනය කළෙමි. එවිට ඇසෙන්නට ගත්තේ විජය කුමාරතුංගයන්ගේ ගී හඬයි. මේ උඩුබද්දාව හන්දියේ ජෝති-විජේ හෝටලයේ දුරකථනයයි. එහි යනෙන ඕනෑම මොහොතක එච්.ආර්. ජෝතිපාලගේ හෝ විජය කුමාරතුංගගේ[…]

Read More »

Facebook ඇතුළු සමාජ ජාල මාධ්‍ය තාවකාලිකව අත්හිටුවයි

ෆේස් බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත. ජාතික ආරක්ෂාව පිළිබඳව මතුවී ඇති තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

Read More »

දෙමටගොඩත් පිපිරීමක්

දෙමටගොඩ ප්‍රදේශයේ පිපිරීමක් සිදු වි ඇත. දෙමටගොඩ දුම්රිය ස්ථානය පිටුපස මහවිල උද්‍යානය ප්‍රදේශයේ නිවසක මෙම පිපිරීම සිදු වි ඇති බව වාර්තා වේ.

Read More »

අද සවස 6 සිට දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය

අද (21) සවස 6 සිට හෙට (22) පෙරවරු 6 දක්වා දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර ඇත. ජනාධිපති ලේකම් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පොලීසිය, තිවිද හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා සියලුම ආගමික ස්ථාන සංචාරක හෝටල් තානාපති කාර්යාල සියලුම කතෝලික ආගමික නායකයින් ඇතුළු ආගමික ස්ථාන රජයේ වැදගත්[…]

Read More »

විපක්ෂ නායක කොච්චිකඩේ දේවස්ථානයට පැමිණෙයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන සිදුවූ පිපිරීමෙන් අනතුරුව කොච්චිකඩේ දේවස්ථානය වෙත පැමිණ ඇත. මෙම සිදුවීම්වලින් මිය ගිය ජනතාව වෙනුවෙන් තමන් ශෝකය ප්‍රකාශ කරන බවත් සිය බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවද ඒ මහතා පැවසීය. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සඳහන් කළේ මෙම අවාසනාවන්ත ප්‍රහාර මාලාව[…]

Read More »

පාර්ලිමේන්තුව හදිසියේ කැඳවයි

පවතින හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් අප්‍රේල් 23 වන අඟහරුවාදා පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇති බව කථානායක කාර්යාලය සඳහන් කරයි. මිට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අද පස්වරුවේ නිකුත් කරන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේය.

Read More »

දෙහිවල සත්ව උද්‍යානය අසල පිහිටි හෝටලයක පිපිරීමක් – දෙදෙනෙකු මරුට

මීටසුළු මොහොතකට පෙර දෙහිවල සත්වෝද්‍යානය අසල හෝටලයක උත්සව ශාලාවක පිපිරීමක් සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි. එම පිපිරීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් ඇති බවත් තුවාලකරුවන් කළුබෝවිල රෝහලට ඇතුලක් කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

Read More »

Update – දිවයිනේ ස්ථාන 8ක සිදුවූ පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 228 දක්වා ඉහළට

පාස්කු ඉරිදා වන අද (21)දින කොච්චිකඩේ , කටාන සහ මඩකලපුවේ කිතුණු දේවස්ථාන තුනක සහ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනක් ඇතුළු ස්ථාන අටක සිදු වූ පිපිරීම් වලින් මේ වනවිට පුද්ගලයන් 228දෙනකු මිය ගොස් 470කට අධික පිරිසක් තුවාල ලබා ඇත. ඒ අනුව රාගම රෝහලේ මළ සිරුරු 07 ක්, මඩකලපුව රෝහලේ මළ සිරුරු[…]

Read More »