‘‘මාලි’’ ගෙනියන්න ගෙනා කෝටි 36ක වාහන පනාගොඩ කඳවුරේ මළකඩ කයි

කොළඹ වරායේවත් නොමැති, එකක් රුපියල් කෝටි හයක් බැගින් වටිනා ඉන්දියාවෙන් ආනයනය කළ කන්ටේනර් ඔසවන රථ (Contrainer Lifter) තුනක් පනාගොඩ යුද හමුදා කඳවුරේ අවුරුද්දක් තිස්සේ පැත්තකට දමා තිබෙන බව ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් අනාවරණය කළේය. මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් සඳහා යන හමුදා බලඇණියක් සඳහා රුපියල් බිලියන 600ක හමුදා උපකරණ හා වාහන[…]

Read More »

පෞද්ගලික සහල් මෝල් හිමියෝ ඇමැතිට කොකා පෙන්වති

පෞද්ගලික ව්‍යාපාරිකයින් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබාදුන් පොරොන්දු කඩ කරමින් උත්සව සමයේ හා ඉන්පසුව ද සහල් මිල ඉහළ දමා තිබේ. පසුගිය මහකන්නයේ වී මිලදී ගැනීමට රජයෙන් රුපියල් බිලියන 22ක බැංකු ණයකර ලබාදුන් අතර ඒ අනුව 1:2 අනුපාතයට අනුව සහල් මිල අප්‍රේල් 01 වැනි දින සිට පහත හෙළන බවට ප්‍රධාන සහල් ව්‍යාපාරිකයෝ කෘෂිකර්ම[…]

Read More »

එජාපයේ ජනපතිවරණ සැලැස්ම එළියට

විපක්ෂය ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා අනුව එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කිරීමට අපේක්ෂකයින් තිදෙනකුගේ නම් යෝජනා කරගෙන ඇති බව වාර්තා වේ. සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති රනිල් හිතවාදී හමුවකදී එම යෝජනාව ඉදිරිපත් වී ඇත. විපක්ෂයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ හොත්[…]

Read More »

රත්ගම ඝාතන පරීක්ෂණවලට පොලිසියේ ඉහළින් බලපෑම්

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනකු ඝාතනය කිරීම සම්බන්ධ පරීක්ෂණ සඳහා බලපෑම් එල්ලවීම නිසා එහි පරීක්ෂණ කටයුතු මන්දගාමී වී ඇති බවට තොරතුරු වාර්තා වේ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 13 දෙනකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල ලබාදීමේ චෝදනාව එල්ල වූ ඉහළ පොලිස් නිලධාරියාට ඉහළම පොලිස් නිලධාරීන්ගේ රැකවරණය ලැබීම නිසා[…]

Read More »

විදෙස් සිසුන්ට සරසවි දොර ඇරීමෙන් රජයට කෝටි 7 ක ආදායමක්

මෙරට විශ්ව විද්‍යාලවලින් විදේශීය ශිෂ්‍යයන්ට උපාධිය හැදෑරීමට අවස්ථාව ලබා දීමෙන් 2017 වර්ෂයේ පමණක් රුපියල් හත්කෝටි පනස්තුන් ලක්ෂයක ආදායමක් ලබා ඇති බව වාර්තා වේ. ප්‍රථම උපාධිය සඳහා සිසුහු 26 දෙනෙක් හා පශ්චාත් උපාධිය සඳහා සිසුහු 341 දෙනෙක් මෙරට විශ්වවිද්‍යාලවලට ඇතුළත්ව සිටිති. ඉන් ප්‍රථම උපාධිය ලබා ගැනීමට ඇතුළත් වූ සිසුන්ගෙන් රුපියල් එක්කෝටි[…]

Read More »

‘‘බස්නාහිර යකා’’ කොරහ බිඳගෙන යන්න සැරසෙයි

බස්නාහිර පළාත් සභාවේ නිල කාලය අදින් (21වැනිදා) අවසන් වීම හේතුවෙන් ප්‍රධාන අමැතිවරයා හා කාර්ය මණ්ඩලය වෙනුවෙන් සමුගැනීමේ සාදයක් පැවැත්වීමට පළාත් පාලන ආයතනවලින් අවම වශයෙන් රුපියල් ලක්ෂ දහයක් එකතු කිරීමට නිලධාරියෙක් කටයුතු කරගෙන යන බව පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කරයි. සමාලෝචන රැස්වීමක් ලෙස හඟවමින් මෙම සමුගැනීමේ සාදය පැවැත්වීමට යන බව[…]

Read More »

දෙවියන් මට සමහර දේවල් දෙනවා, සමහර දේවල් මගෙන් ගන්නවා

සුන්දර රුව දඟකාර හැසිරීම් රටාව මෙන්ම ළගන්නා කතා විලාශය හේතුවෙන් වොල්ගා කල්පනී වෙත යළි යළිදු ආදරයම තිළිණ වෙනවා. මේ දවස්වල හුස්ම වැටෙන මලක් වී සිටින වොල්ගාගෙන් විමසා පසිඳගන්න තියෙන බොහෝ ප්‍රශ්නවලට උත්තර අරන් මුතුපලසට ආවෙ මෙහෙමයි. වොල්ගා මේ දිනවල කරන වැඩ මොනවද? චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න නියමිතව තිබුණා අප්‍රේල් මාසයෙ. නමුත්[…]

Read More »

ජනපතිට අමාත්‍යාංශ අටක ප්‍රධාන තැන

දහ නව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලැබී ඇති බලය අනුව අමාත්‍යාංශ තුනට අමතරව මේ වන විට අමාත්‍යාංශ පහක ප්‍රධානියා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කරයි. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ජනාධිපතිවරයා ආණ්ඩුවේ පත් කර ඇති කැබිනට් නොවන අමාත්‍යාංශවල ඇමැතිවරයා ලෙසද කටයුතු කරනු ලබයි. එම අමාත්‍යාංශවලට අදාළව ඉදිරිපත් කරනු ලබන[…]

Read More »

මගේ ක්‍රිකට් අනාගතය තියෙන්නේ බෝලේ අතට ලැබෙනකම් විතරයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරුණි. එහි නායකයා ලෙසින් දිමුත් කරුණාරත්නව නම් කර තිබේ. මෙය ලසිත් මාලිංගගේ සිත පෑරු තීරණයක් වීද? ඔහු ඒ ගැන ළතැවිල්ලෙන් ක්‍රීඩාවෙන් සමුගැනීමට හෝ ලෝක කුසලාන සහභාගිත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබේද? මාලිංග දකින නායකයා යනු කව්රුන්ද? මේ කරුණු විමසා බැලීමට මේ දිනවල අයි.පී.එල්.[…]

Read More »

එජාපයේ තවත් 8 දෙනකුට ඇමැති ධුර ඉල්ලයි

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ තවත් අට දෙනකුට කැබිනට් නොවන ඇමැති ධුර ලබාදෙන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව එම පක්ෂයේ ප්‍රබල ඇමැතිවරයෙක් පැවැසීය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කැබිනට් නොවන සහ නියෝජ්‍ය ඇමැතිවරුන් උපරිම හතළිහක් විය යුතු අතර මේ වන විට තිස් දෙදෙනකු පත්කර ඇත. එහෙත් ව්‍යවස්ථාවේ කැබිනට් නොවන හෝ නියෝජ්‍ය[…]

Read More »

සෞදි අරාබියේදි සිදුවූ මෝටර් රථ අනතුරකින් ශ්‍රී ලාංකිකයෙක් මරුට – තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනකුට බරපතලයි

සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු හදිසි අනතුරකට ලක්ව එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පසුගිය සිකුරාදා දිනයේ “ජුම්මා” ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව දහවල් ආහාරය රැ‌ගෙන නවාතැන්පළට එමින් සිටියදී මෙම ශ්‍රී ලාංකිකයින් තිදෙනා මෙලෙස අනතුරට ලක්ව ඇත. මොවුන් ගමන් ගත මෝටර් රථයට පසුපසින් අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් මෙලෙස අනතුර සිදුකර[…]

Read More »