යුද හමුදාවෙන් ඉවත් වීම සඳහා ලබන 22 වනදා සිට පොදු සමාකාලයක්

නිවාඩු නොමැතිව දීර්ඝ කාලීනව සේවයට වාර්තා නොකර සිටින හමුදා නිලධාරින් හා සෙසු නිලයන්ට නීත්‍යානුකූලව යුද හමුදාවෙන් ඉවත් වීම සඳහා ලබන 22 වනදා සිට පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කර ඇත. මැයි 10 වනදා දක්වා එය ක්‍රියාත්මක බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු සඳහන් කළ අතර අංශ 4 ක් යටතේ[…]

Read More »

මෙගාවොට් 71ක ප්‍රමාණයක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කරයි

මෙගාවොට් 71ක ප්‍රමාණයක් ජාතික විදුලිබල පද්ධතියට පෞද්ගලික අංශයෙන් එක් කර ඇති බව විදුලිබල හා බල ශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. එන් පවර් සමාගමේ සපුගස්කන්ද විදුලි බලගාරයෙන් මෙගාවොට් 51ක් සහ මාතර බලාගාරයෙන් මෙගාවොට් 20ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරන අතර තවත් පෞද්ගලික බලාගාර වලින් විදුලිය මිළදී[…]

Read More »

ගම්පහ – වීගොඩ සණස සමිතියේ සභාපතිවරයා අත්අඩංගුවට

ගම්පහ වීගොඩ සණස සමිතියේ ගනුදෙනුකරුවන් 5000කට ආසන්න සංඛ්‍යාවකගේ තැන්පත් මුදලින් රුපියල් කෝටි 36කට අධික මුදලක් වංචා කිරීමේ චෝදනා මත එහි සභාපතිවරයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. මෙම අත්අඩංගුවට ගැනීම ගම්පහ නිවාස සංකීර්ණයක රථගාලේදී සිදුකර ඇති අතර ගම්පහ දිස්ත්‍රික් සමූපකාර කොමසාරිස්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර[…]

Read More »

අදත් පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

උතුර, නැගෙනහිර පළාත්වල හැර අනෙකුත් පළාත්වලට අද පස්වරු 02න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඉදිරි දින කිහිපය තුළද එම තත්ත්වය පැවතිය හැකි බව එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රකාශ කරන අතර අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂපාතනය ලැබී ඇත්තේ[…]

Read More »

චන්දිමාල් කණ්ඩායමේ සිටිය යුතු ක්‍රීඩකයෙක් – ඔහු වැනි ක්‍රීඩකයෙක් නැතිවීම විශාල පාඩුවක්

චන්දිමාල් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් නොවීම විශාල පාඩුවක් බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කළේ ලෝක කුසලාන තරගාවලිය එංගලන්තයේ පැවැත්වෙන බැවින් එය පැති කිහිපයකින් ශ්‍රී ලංකාවට ඍණාත්මක බලපෑම් එල්ල කරනු ඇති බවයි. එවැනි තත්ත්වයක් තුළ පන්දුවාර පනහ ක්‍රීඩා[…]

Read More »

මහින්ද රාජපක්ෂ නුවරඑළියේ ශ්‍රී මුත්තු මාරිඅම්ම්න් දේවස්ථානයේදී විශේෂ පුජාවකට සහභාගි වෙයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (19) උදෑසන නුවරඑළිය හාවාඑළිය ශ්‍රී මුත්තු මාරිඅම්ම්න් දේවස්ථානයේදී විශේෂ පුජාවකට සහභාගි වී ආශිර්වාද ලබා ගත්තේය. එම දේවස්ථානයේ වාර්ෂික පැවැත්වෙන තේරු උත්සවය මෙම දිනවලදී පැවැත්වෙන බව අප වාර්තාකරුවන් සදහන් කළේය.

Read More »

කැකිරාව පල්ලෙකාගම ප්‍රදේශයේ කුරුළු ජාවාරමක්

ගුලිපෙත්තාව ගොවි ගම්මානයකි. කැකිරාවේ ඉපලෝගම පල්ලෙකාගම වූ මේ ගමේ බොහෝ දෙනකුගේ ජීවිකාව වන්නේ හේන් ගොවිතැන හා කුඹුරු ගොවිතැනයි. අව්වට, වැස්සට, නියඟෙට අහුවුණත් ඒ මිනිසුන් සමස්තයකගේ හිත් පිනට දහමට ලැදිය. ඒ නැතත් කැලයත් සමග මිතුරුව වෙසෙන ඔවුන් විශේෂයෙන් සතුන්ට ද අනුකම්පා කරන්නෝය. ගුලිපෙත්තාවේ බොහෝ දෙනෙක් එසේ වුවත් මේ ගමේ එක් පවුලක්[…]

Read More »

කුමන ජාතික වනෝද්‍යානයේදි දිවියෙකුගේ පහරදීමෙන් පුද්ගලයෙක් මරුට

කුමන ජාතික වන උද්‍යානයේදි දිවියෙකුගේ පහරදීමකින් එහි සේවය කරමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. ඊයේ පස්වරු 2.00ට පමණ කුමන ජාතික වන උද්‍යානයේ කම්කරුවන් පිරිසක් අතුරු මාර්ගයක ප්‍රතිසංස්කරණ කටයුතු කරමින් සිටින අවස්ථාවේ එම ස්ථානයට කඩා වැදුනු දිවියෙකු එක් කම්කරුවෙකු වනය තුළට ඇදගෙන ගොස් ඇත. ඉන් අනතුරුව එහි සිටි[…]

Read More »

කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයෙන් හෙරොයින් කිලෝ 3.5ක් සොයාගැනේ

කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේ ගරාජයක් අසළ තිබී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් හෙරොයින් කිලෝ 3.5ක් සොයාගෙන තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ රාත්‍රීයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙම හෙරොයින් තොගය සොයාගත් බවයි. මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 35ක් පමණ වන බව පොලීසිය පවසයි.

Read More »

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ මොහොමඩ් අෆ්රිඩී CCD අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවන ප්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ දෙදෙනාගෙන් 22 හැවිරිදි මොහොමඩ් අෆ්රිඩී ඉන්හාම් නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මොහොමඩ් අෆ්රිඩී ඉන්හාම් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පවසයි. ඔහු[…]

Read More »

පා.ම. නාමල් රාජපක්ෂ බංගලාදේශ අගමැතිනිය හමුවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (18) පෙරවරුවේ බංගලාදේශ අගමැතිනි ශේයික් හසීනා මහත්මිය හමුවිය. එම හමුව සිදුවුයේ බංගලාදේශයේ අගමැතිනියගේ නිල නිවසේදීය. මෙය සුහද හමුවක් වූ අතර ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සුභ පැතුම් එතුමිය වෙත පිරිනැමීමට මන්ත්‍රීවරයා කටයුතු කළේය.

Read More »