නොර්වුඩ් ප්‍රා. සභාවේ එ.ජා.පයේ කණ්ඩායම් නායිකාව සභා රැස්විමෙන් ඉවත් කරයි

නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ විශේෂ සභා රැස්විමක් අද (11) එම සභාවේ සභාපති කුලන්දවෙල් රවි මහතාගේ ප්‍රධානත්වයෙන් (ලංකා කම්කරු පක්ෂය ) නොර්වුඩ් පුලියාවත්තේ පිහිටි නොර්වුඩ් ප්‍රාදේශිය සභාප්‍රධාන කාර්යයාලයේ රැස්විම් ශාලාවේ පැවැත්වුණා. නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභා වාර්තාවක් සභා සම්මත කර ගැනිම සදහා ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා විසින් මෙම විශේෂ රැස්විම අද දින කැදවා තිබුණි.[…]

Read More »

සුපිරි පළාත් එක්දින තරඟාවලිය : ගාල්ල සහ කොළඹ කණ්ඩායම් දෙකට සමශූරතාවලිය

සුපිරි පළාත් එක්දින තරගාවලියේ අවසන් මහා තරගය විසදුමකින් තොරව අවසන්ව ඇත. තරගය පැවැත්වෙන රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට ඇදහැළුනු අධික වර්ෂාව හේතුවෙන් තරගය අවසන් කිරීමට ක්‍රීඩා බලධාරීන් තීරණය කළේය. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 7ක් පමණක් දැවී ලකුණු 337ක් රැස්කර ගත්තේය.[…]

Read More »

කෝටි 03කට වඩා අධික වටිනාකමකින් යුත් රන් බිස්කට් සමඟ කටුනායකදී අයෙක් අත්අඩංගුවට

රුපියල් තුන් කෝටි විසි ලක්ෂයක් වටිනා රන් බිස්කට් තොගයක් ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කිරීමේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(11) අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ තුළ රාජකාරී ඉටු කරන කාර්යය මණ්ඩල සාමාජිකයෙකු වන[…]

Read More »

ගාල්ලෙන් කොළඹට ලකුණු 337ක අභියෝගයක්

සුපිරි පළාත් පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ගාල්ල කණ්ඩායම ලකුණු 337ක් රැස්කර ගැනීමට සමත්ව තිබේ. කාසියේ වාසිය දිනාගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 7ක් පමණක් දැවී ලකුණු 337ක් රැස්කර ගත්තේය. ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ලහිරු තිරිමාන්න[…]

Read More »

ලබන වසරේ අලුත් අවුරුද්ද සමරන්නේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවක් තුළයි – නාමල්

ලබන වසරේ මෙරට ජනතාව සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ පිහිටුවනු ලබන ආණ්ඩුවක් තුළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී ඊයේ (10) ඔහු මේ බව පැවසුවේ අතර වෙතත් මැතිවරණ පවත්වන ලෙස යහපාලන ආණ්ඩුවට බලකර සිටින බව ද පළාත් සභා මැතිවරණය කල්දැමීමට[…]

Read More »

සෝමාවතිය රක්ෂිතයේදී වෙඩි වැදී වනඅලියෙකු මියයයි

සෝමාවතිය රක්ෂිතයේදී හිසට සිදුවූ වෙඩි වැදීමකින් වනඅලියෙකු මියගොස් ඇත. සෝමාවතිය රක්ෂිතයේ මැදිරිගිරිය බෙරිවිල ප්‍රදේශයේදී මියගොස් තිබුණේ අඩි 8 ක් පමණ උස අවුරුදු 15 ත් 25 ත් අතර වයසේ වනඅලියෙකු වන අතර දඬයක්කරුවෙකු වන අලියාට වෙඩි තබන්නට ඇති බවට සක කෙරෙයි. සිද්ධිය සම්බන්ධයෙන් බෙරිවිල සහ ගිරිතලේ වනජීවී කාර්යාල පරීක්ෂණ ආරම්භ කර[…]

Read More »

මරදානෙන් හිමිකරුවෙකු නොමැති හෙරොයින් හමුවෙයි

මරදාන ප්‍රදේශයේ ඩී.ආර් විජේවර්ධන මාවතේ තිබි හෙරොයින් කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇත. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී හිමිකරුවෙකු නොමැති මෙම හෙරොයින් තොඟය සොයාගෙන ඇති අතර එහි හෙරොයින් කිලෝග්‍රැම් 01යි මිලිග්‍රෑම් 30ක් තිබී ඇත. සිද්ධියට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විමර්ශන ආරම්භ[…]

Read More »

රංගන ශිල්පි රයන් 25වනදා දක්වා රිමාන්ඩ්

ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කෙරුණු රංගන ශිල්පි රයන් වැන් රූයන් 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත. ඔහු අද (11) මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ධිකරණය නියෝග කර ඇත.

Read More »

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ධූරයට මංගල පී.බී. යාපා

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ධූරයට මංගල පී.බී. යාපා මහතා පත් කර තිබේ. ඒ මහතා සිය පත්වීම් ලිපිය අද (11) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් ජනාධිපති නිල නිවසේ දී ලබා ගත්තේ ය.

Read More »

ආවා කල්ලිය යාපනය මානිප්පායි නිවාස තුනකට පහරදෙයි

යාපනය, මානිප්පායි ප්‍රදේශයේ නිවාස තුනකට ඊයේ(10) සවස ආවා කල්ලිය විසින් පහරදී ‍නිවාසවල භාණ්ඩවලට හානි සිදුකොට නිවැසියන් වෙත තර්ජනය කොට පළාගොස් ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසති. යාපනය ආරක්ෂක අංශ පැවසූවේ යතුරුපැදිවලින් පැමිණි නම දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යාපනය මානිප්පායි හින්දු විද්‍යාල මාවතේ පිහිටි නිවාස දෙකකට හා මානිප්පායි නගරයේ නිවසක් වෙත එලෙස[…]

Read More »

රටක් ලෙස ඉදිරියට යාමට මාධ්‍ය නිදහස මෙන්ම මාධ්‍යයේ වගකීම ද ඉතා වැදගත්

රටක් ලෙස ඉදිරියට යාමට මාධ්‍ය නිදහස මෙන්ම මාධ්‍යයේ වගකීම ද ඉතා වැදගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. දේශපාලනඥයා සහ ජනමාධ්‍ය අතර තිබෙන බෙදීම රටක් ලෙස ඉදිරියට යාමට කිසිසේත් සුදුසු තත්ත්වයක් නොවන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ඊයේ (10) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළ අමතමිනි.[…]

Read More »