ඇන්ජලෝ පළමු තැනට – කණ්ඩායම තෙවන තැනට

සුපිරි පළාත් පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන ස්ථානය තෝරා ගැනීම සදහා පැවැති තරගය ලකුණු 94කින් ජය ගැනීමට ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම සමත්ව තිබේ. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම කඩුළු 5ක් දැවී ලකුණු 325ක් රැස්කර ගත්තේය. කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 101ක්[…]

Read More »

රජයේ මුද්‍රණාලයේ ආරක්ෂක අංශ නිලධාරීන්ට පහරදීමක්

බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණාලයේ ආරක්ෂක අංශ නිලධාරීන්ට එහි සේවකයින් පිරිස් පහර දී ඇති බවට වාර්තා වේ. රජයේ මුද්‍රණාලයාධිපතිනියගේ නියෝගයක් අනුව බීමත් පුද්ගලයින් මුද්‍රණාල පරිශ්‍රයට ඇතුළත් කර නොගැනීම හේතුවෙන් ඇති වූ ගැටලුවක් මත මෙම පහර දීම සිදුව ඇති බවට තොරතුරු වාර්තා වේ. පහරදීම හේතුවෙන් ආරක්ෂක අංශ නිලධාරීන් සිය රාජකාරි කටයුතු වලින්[…]

Read More »

මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන සිට මෙරටට පිටුවහල් කළ ෆයිසර් 24 දක්වා රිමාන්ඩ්

මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (10) අත්අඩංගුවට ගනු ලැබූ මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාර් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. 37 හැවිරිදි මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාර්ගෙන් පැය 24ක් රඳවා තබා ගෙන ප්‍රශ්න[…]

Read More »

විපක්ෂ නායක මහින්ද අද දුම්රියෙන් බෙලිඅත්තට

බෙලිඅත්ත දක්වා ඉදිකර ජනතා අයිතියට පත්කළ නව දුම්රිය මාර්ගයේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ අද (10) නිරීක්ෂණ චාරිකාවකට එක්වෙන බව විපක්ෂනායක කාර්යාලය පවසයි. අද පස්වරු 5.00ට විපක්ෂනායකවරයා මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රියෙන් ගමන් කිරීමට නියමිතව තිබේ.

Read More »

අද සවස සබරගමුව, මධ්‍යම ඌව සහ දකුණු පළාතට වැසි

මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, වයඹ, උතුරු-මැද, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන අද (10) සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඌව, මධ්‍යම,[…]

Read More »

අද රාත්‍රියේ සිට අඛණ්ඩව විදුලිය ලබා දෙනවා

විදුලිය විසන්ධි කිරිමකින් තොරව අද (10) රාත්‍රියේ සිට විදුලි පාරිභොගිකයන්ට විදුලිය ලබා දිමට කටයුතු කරන බව විදුලි බල සහ බල ශක්ති අමාත්‍යය රවි කරුණානායක මහතා පැවසිය. රවි කරුණානායක මහතා එ බව කියා සිටියේ මස්කෙලිය සමන් දේවාලයේ අද පැවති විශේෂ ආශිර්වාද පුජාවකට සහභාගි විමෙන්අනතුරුව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිනි. මෙහිදි වැඩි දුරටත්[…]

Read More »

මාලිංග මුම්බායි යයි – හෙට පාන්දරම කොළඹට

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග මුම්බාය බලා පිටත්ව ගොස් තිබේ. මේ වන විට ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන සුපිරි පළාත් පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවී සිටියදීයි මාලිංග මෙලෙස මුම්බාය බලාපිටත්ව ගොස් ඇත්තේ. මාලිංග ගාල්ල කණ්ඩායමේ නායකත්වය දරණ අතර, “අරුණ” අප මේ පිළිබදව ගාල්ල කණ්ඩායමේ කළමණාකරු ශම්මි ගුණසේකර මහතාගෙන්[…]

Read More »

දකුණු පළාත් සභාව අද මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හැරේ

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දකුණු පළාත් සභාව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රයට පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා අත්සන් තබා ඇති බව වාර්තා වෙයි.

Read More »

ගාලුමුවදොර ලෝටස් වටරවුමෙන් වසා දැමේ

විරෝධතාවක් හේතුවෙන් ගාලුමුවදොර පාර ලෝටස් වටරවුමෙන් වසා දමා ඇති බව පොලිසිය සඳහන් කරයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදේශ, තාවකාලික, අනියම් සේවකයින් පිරිසික් විසින් සංවිධානය කර ඇති විරෝධතාවක් හේතුවෙන් මෙලෙස ගාලු මුවදොර පිවිසුම් මාර්ගය වසාදමා ඇති අතර ප්‍රවාහන අමාත්‍යාංශය ඉදිරිපිටින් ආරම්භ කළ මෙම විරෝධතාවය මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ පැවැත්වෙයි.

Read More »

විදුලි අර්බුදය විසඳීමට අගමැතිගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවට කැබිනට් අනුමැතිය

දැනට ඇතිව තිබෙන විදුලිබල අර්බුදය විසඳීම සඳහා අමාත්‍යවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත. මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන් යුතුව මෙම කමිටුව පත් කර ඇති අතර මුදල් හා විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන, මහාමාර්ග හා මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන, වරාය[…]

Read More »

නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ අතර තවත් සාකච්ඡාවක් අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානය ගොඩනැගීමේ තවත් සාකච්ඡාවක් අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. එම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇතුළු පිරිසක් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා[…]

Read More »