April2019

අදත් රාත්‍රී 10 සිට පොලිස් ඇඳිරි නීතිය

දිවයින පුරා අද රාත්‍රී 10 සිට හෙට අලූයම 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇත. පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේය.

Read More »

ජනපති මෛත්‍රී හෙට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රට තුළ මතුව ඇති තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක් හෙට (25) කැඳවා තිබේ. ජනාධිපති කාර්යාලයේ දී හෙට (25) පෙරවරු 10.00 ට මෙම සමුළුව පැවැත්වෙයි. එමෙන්ම සර්ව ආගමික කමිටුව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (25) පස්වරු 4.00 ට ජනාධිපති[…]

Read More »

ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී විදූෂා ලක්‍ෂානි ලෝකඩ පදක්කම දිනාගනී

23 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා විදූෂා ලක්‍ෂානි, තුන් පිම්ම කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් වූවාය. විදූෂා එහිදී මීටර 13.53 ක දුරක් වාර්තා කිරීමට සමත් වූවාය. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව හිමිකරගත් එකම සහ පළමු පදක්කම මෙය වේ. මෙම තරගාවලිය හෙට (25) අවසන් වීමට නියමිතය. ඇය තරගය[…]

Read More »

ආරක්ෂක ලේකම්ට හා පොලිස්පතිට ඉල්ලා අස්වෙන්නැයි ජනපති කියයි

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පුජිත ජයසුන්දර මහතාට ඉල්ලා අස් වෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයා ඔවුන් දෙදෙනාට අද (24) පෙරවරුවේ මෙම දැනුම්දීම කර ඇති බව එම ආරංචි මාර්ග වලින් සඳහන් වන අතර ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සුළු මොහොතකට පෙර[…]

Read More »

මට තාම ආරාධනාවක් නැහැ – හිටපු යුද්ධ හමුදාපති කියයි

මෙරට ආරක්ෂ ලේකම් ධූරයට හිටපු යුද්ධ හමුදාපති දයා රත්නායක මහතා පත් කර ඇති බවට අන්තර්ජාලය පුරා ප්‍රචාරය වෙමින් තිබේ. මේ සම්බන්ධව අප හිටපු යුද්ධ හමුදාපති දයා රත්නායක මහතාගෙන් සිදුකළ විමසීමකදී ඒ මහතා පැවසුවේ එලෙස ආරක්ෂ ලේකම් ධූරයට තමන්ට මෙතෙක් කිසිදු ආරාධනාවක් නොලැබුනු බවයි.

Read More »

හරීන්ට හා ඔහුගේ පියාට එරෙහිව හෙළ උරුමයෙන් පැමිණිල්ලක්

පාස්කු දින එල්ල වූ ප්‍රහාරයන් පිලිබද තොරතුරු දැන සිටියද එම තොරතුරු වසන් කළ බවට හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට සහ ඔහුගේ පියාට එරෙහිව පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා විසින් කොළඹ පොලිස් මූලස්ථානය වෙත අද දින (2019.04.24) පැමිණිල්ලක් ගොනු කරන ලදී. මෙම අවස්ථාව සඳහා පිවිතුරු හෙළ උරුමය ප්‍රචාරක ලේකම් නීතිඥ[…]

Read More »

වැල්ලම්පිටියෙන් සැකකටයුතු පාර්සලයක් හමුවෙයි

වැල්ලම්පිටිය නාගහමුල්ල ප්‍රදේශයෙන් සැකකටයුතු පාර්සලයක් හමුවී ඇති බව වැල්ලම්පිටිය පොලීසිය පවසයි. එම පාර්සලය පරීක්ෂා කිරීම සදහා පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලීසිය එම ස්ථානයට පිටත්ව ගොස් ඇති බව වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුරටත් සදහන් කළේය.

Read More »

ආරක්ෂක ලේකම්ව හා පොලිස්පතිව අත්අඩංගුවට ගන්න – විජයදාස

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු හා පොලිස්පති පුජිත ජයසුන්දර මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ විසින් ජනාධිපතිවරයාට ලිපියක් ඉදිරිපත් කර ඇත.

Read More »

ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාරය සහ ක්‍රයිස්චර්ච් වෙඩි තැබීම අතර සබඳතාවක් ඇති බවට තොරතුරු නැහැ

පසුගිය පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ සිදුකරන ලද විනාශකාරී ප්‍රහාරය හා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් පල්ලියේ මාරාන්තික වෙඩිතැබීම අතර සබඳතාවක් ඇති බවට තම රජයට කිසිදු බුද්ධි අංශ තොරතුරක් ලැබී නොමැති බව නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආඩේන් මහත්මිය පවසයි. ඕක්ලන්ඩ්හි පැවති මාධ්‍ය සාකච්ඡාවකදී නවසීලන්ත අගමැතිනිය මේබව පවසා ඇත. මෙරට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන[…]

Read More »

පිටකොටුව ගෑස්පහ මංසන්ධියේදී සැකකටයුතු ලෙස නවතා තිබු යතුරු පැදියක් පුපුරුවා හැරේ

පිටකොටුව ගෑස්පහ මංසන්ධියේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර සැකකටයුතු ලෙස නවතා තිබූ යතුරුපැදියක් පුපුරුවා හැරීමට ආරක්ෂක අංශ මීට සුළු මොහොතකට පෙර කටයුතු කර ඇත. පැයකට ආසන්න කාලයක් එම ස්ථානයේ සිදුකළ විශේෂ පරීක්ෂාවකින් අනතුරුව එය පුපුරුවා හැර ඇත.

Read More »

සියළු ධීවර වරායන්හි ආරක්‍ෂාව තර කරමින් පිටත්ව යන සහ ඇතුල්වන සියළු යාත්‍රා දැඩි පරීක්ෂාවට

රටතුල පවතින තත්වය සලකා ආරක්‍ෂක අංශවලට සහය ලබාදෙමින් සියළු ධීවර වරායන්වල ආරක්‍ෂාව උපරිමයෙන් සහතික කිරීමට කඩිනමින් කටයුතු කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ධීවර වරාය නීතිගත සංස්ථා සහ වගකිවයුතු සියළු නිලධාරීන් වෙත දැඩි උපදෙස් ලබා දී තිබේ . පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත්[…]

Read More »
1 2 3 37