March2019

පන්දුවාර විස්ස ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඇෆ්ගනිස්ථානය ඉදිරියටම එයි

පන්දුවාර විස්ස ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඇෆ්ගනිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායම විශිෂ්ඨ දක්ෂතා දක්වමින් ඉදිරියටම පැමිණීමට සමත්ව තිබෙනවා. පසුගියදා අයර්ලන්ත කණ්ඩායම සමග පැවැති පන්දුවාර විස්ස තරග තුනම ජය ගැනීමත් සමග ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකු ශ්‍රේණිගත කිරීම් වලින් ඉදිරියට පැමිණ තිබෙනවා. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පන්දුවාර විස්ස ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ඉදිරියට පැමිණි ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින්[…]

Read More »

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 18ක් ජලය නැහැ

අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (02) පෙරවරු 9 සිට පැය 18 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට (02) පෙරවරු 9 සිට 3 වැනිදා අළුයම 3 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති. එම මණ්ඩලය සඳහන් කළේ කොටහේන,[…]

Read More »

20 වන සංශෝධනයට අකමැති වූ පාර්ශවත් දැන් වෙනස් වෙලා

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මුලින් අකමැති වූ පාර්ශව ද මේ වන විට සිය ස්ථාවරය වෙනස් කරගෙන ඇති බව අනුර කුමාර දිසානයක මන්ත්‍රීවරයා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුවට බලය ලැබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමට හැකි වනු බවයි.[…]

Read More »

පුහුණු තරඟයේදී ශ්‍රී ලංකාවට කඩුළු 6ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතන කණ්ඩායම සමග පැවැති පුහුණු ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලංකාවට කඩුළු 6ක ජයක් හිමිවුණා. ඊයේ පැවැති මෙම තරඟයේදී මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතන කණ්ඩායම පන්දුවාර 48කදී සියලුදෙනා දැවී ලකුණු 304ක් රැස්කර ගත්තා. එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ වෑන් ටොන්ඩර් පන්දු 156කදී[…]

Read More »

දෙමටගොඩ රුවන් ඇතුළු 8ක් STF අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දෙමටගොඩ රුවන් ඇතුළු 8 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙමටගොඩ, වේලුවන පෙදෙසේ පිහිටි ඔහුගේ නිවස වටලා ඊයේ (28) පස්වරුවේ කළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ. අත්අඩංගුවට ගත් පිරිස අතර පාකිස්ථාන යුවළක් ද වනවා. සැකකරුවන් සන්තකයේ තිබී පිස්තෝල දෙකක්, වායු රයිෆල්[…]

Read More »

අමල් හා නදිමාල් ඇතුළු පිරිස බන්ධනාගාර ගත කළ කාලය මාසයකින් දීර්ඝ කෙරේ

ඩුබායිහි අත්අඩංගුවේ සිටින ගායන ශිල්පී අමල් පෙරේරා හා ඔහුගේ පුත් ගායන ශිල්පී නදීමාල් පෙරේරා ඇතුළු පිරිස තවත් මාසයක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, ඩුබායි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා සඳහන් කළේ අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා මත්ද්‍රව්‍ය භාවිත[…]

Read More »
1 58 59 60