නේවි සම්පත් ඇතුළු හත්දෙනා ලබන මස 09 වනදා දක්වා රිමාන්ඩ්

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නේවි සම්පත් හෙවත් සම්පත් නිලන්ත මුණසිංහ ඇතුලූ හත්දෙනා ලබන මස 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වෙයි. ඒ අද (27) ඔවුන් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක වෙත අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

Read More »

නදීමාල් සමඟ පිටුවහල් කළ ලලිත් කුමාර CID ප්‍රශ්නකිරීමෙන් අනතුරුව CCD භාරයට

නදිමාල් පෙරේරා සමඟ පිටුවහල් කළ හිටපු බන්ධනාගාර නියාමක ලලිත් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ ප්‍රශ්නකිරීම් වලින් පසුව ඔහු කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) වෙත භාරදීමටත් පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කළේය. ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට පත් බන්ධනාගාර නියාමක ලලිත් කුමාර[…]

Read More »

විරෝධතාවයක් නිසා බත්තරමුල්ල සිට රාජගිරිය දක්වා දැඩි රථ වාහන තදබදයක්

ETI තැම්පත්කරුවන් පිරිසකගේ විරෝධතාවක් හේතුවෙන් බත්තරමුල්ල, පාර්ලිමේන්තු වටරවුම දෙස සිට රාජගිරිය දෙසට මාර්ගය දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇත.

Read More »

CIDයේ පැය 07ක් හිටපු නදීමාල් ගෙදර යයි

ඩුබායි රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවූ ගායන ශිල්පී නදීමාල් පෙරේරා දිවයිනට පැමිණීමෙන් අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ ප්‍රශ්න කිරීම් අවසන් කර ඇත. ඩුබායි රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවූ ගායන ශිල්පී නදීමාල් පෙරේරා සහ තවත් පුද්ගලයෙක් ඩුබායි රාජ්‍යෙයන් මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව ඔවුන් අද(27) පෙරවරුවේ කටුනායක ගුවන්තොටපලින් මෙරටට පැමිණි[…]

Read More »

පැය 24ක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

හදිසි අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන සෙනසුරාදා උදෑසන 9 සිට පැය 24 ක කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බලප්‍රදේශවලට සහ මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා[…]

Read More »

රවී මාස තුනකට විදුලි පහන් 2ක් නිවාදමයි

විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඉදිරි මාස 3ක කාලය තුළ සියලුම නිවෙස්වල විදුලි පහන් 2ක් නිවා දැමීම ඇතුළු ක්‍රියාමාර්ග කිහිපයක් එම යෝජනාවට ඇතුළත් වෙයි. මෙරට දෛනික විදුලි අවශ්‍යතාවය මෙගාවොට් 2600ක් වුවත්, පවතින වියළි කාලගුණයත් සමඟ සැපයිය හැකි උපරිම ධාරිතාව වී ඇත්තේ[…]

Read More »

වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන්ට රු.500ක් දෙන්න කැබිනට් අනුමැතිය

රජයේ පාසල්වල 13 වසරක සහිතක කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ පාසල් හරහා ආයතන ගත වු සිසුන් සඳහා රුපියල් 500ක මුදලක් දෛනිකව ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. මෙම වැඩසටහන යටතේ වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන් දෙවන අධ්‍යයන වර්ෂයේ දී තෝරා ගත් වෘත්තීය විෂයකට අදාළව ජාතික වෘත්තීය කුසලතා(NVQ)4 මට්ටමේ සහතිකය ලබා[…]

Read More »

අරුණි බබා සහ තෙල් චූටි ‌හෙරොයින් සමග STF අත්අඩංගුවට

වැල්ලම්පිටිය ප්‍රදේශයේදි වසර 2කට පෙර පාතාල සමාජික චුටි උක්කුන් ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වු දැනට බන්ධනාගාරගත කර සිටින කුඩු රෝෂාන්ගේ බිරිඳ වන අරුණි බබා නැමැති 30 හැවිරිදි කාන්තාව අද (27) පොලිස් විශේෂ කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම කාන්තාව මට්ටක්කුලිය සාමීපුර ප්‍රදේශයේ සිය සැමියා විසින් පත්වාගෙන ගිය[…]

Read More »

එජාප ජනාධිපති අපේක්ෂකයා ඉදිරියේදී හෙළිකරනවා

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ඉදිරියේදී හෙළි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන ප්‍රකාශ කරයි. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Read More »

මහේල මුම්බායි කණ්ඩායම ගැන කතාකරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන මහේල ජයවර්ධන සිය කණ්ඩායම සූදානම පිළිබදව ප්‍රකාශයක් සිදුකර තිබේ. ඔහු සදහන් කළේ මුම්බායි කණ්ඩායම අවසන් වරට පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිට වර්තමානය දක්වා තරුණ ක්‍රීඩකයින්ගේ වැඩි දායකත්වයකින් තරගවදින බවය.

Read More »

මාඑළිය රක්ෂිතය දින තුනක සිට ගිනිගනී

පොල්පිතිගම මාඑළිය රක්ෂිතයේ දින තුනක සිට ගිනි ගනිමින් තිබේ. අක්කර දහසක් පමණ භූමි ප්‍රමාණයකින් යුත් මෙම රක්ෂිතයේ සැළකියුතු ප්‍රමාණක් ගින්නට හසුව ඇති බව වාර්තා වේ. ගින්න නිවීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන මේ වන තෙක් කිසිදු පියවරක් ගෙන නොමැත. මෙම රක්ෂිතයේ වන සතුන් රාශියක් ද සිටිති. එමෙන්ම මාඑළිය රක්ෂිතය ආසන්නයේ රජයේ වී[…]

Read More »
1 2 3