වී මෙට්‍රික් ටොන් 22,000ක ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලය මඟින් මිලදී ගනී

වී අලෙවි මණ්ඩලය මඟින් මේ වන විට වී මෙට්‍රික් ටොන් 22,000ක ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා සඳහන් කරයි. අම්පාර, අනුරාධපුර, කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව, මඩකලපුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක මඟින් එම වී තොග මිළදී ගෙන ඇති බව අමාත්‍යවරයා පවසන අතර අම්පාර, පොතුවිල් සහ අනුරාධපුර, රඹෑව යන[…]

Read More »

සවර්ණවාහිනිය උණුසුම් වෙයි – ප්‍රධාන විධායක නිලධාරිවරයා පොලිසිය විසින් එලියට රැගෙන යයි

සවර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ඊයේ (20) රාත්‍රීයේ සිට සේවයෙන් ඉවත් කර ඇති අතර නැවත අද දින ඔහු එම ආයතනයට පැමිණීමත් සමඟ සේවකයින්ගේ විරෝධය හේතුවෙන් පොලිසිය පැමිණ ඔහුව එම ආයතනයෙන් පිටතට රැගෙන ගොස් ඇත. ඔහුගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් පසු ගියදා එහි සේවකයින් වෘත්තීය සමිතියක් පිහිටුවා ඇති කළ අරගලයෙන් පසු[…]

Read More »

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද සවස රැස්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇති බවට වාර්තා වෙයි. අද පස්වරු 4ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙන අතර එහිදී මැයි දින සැමරුම පිළිබදව වැඩි අවධානයක් යොමුකෙරෙනු ඇතැයි පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.

Read More »

විල්පත්තුවේ සිදුවන වන විනාශය පිළිබඳව ජනපති නැගී සිටිය යුතුයි – නාමල්

විල්පත්තුවේ සිදුවන වන විනාශය පිළිබඳව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැගී සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. තම ට්විටර් ගිණුම හරහා ඔහු සඳහන් කර ඇත්තේ තවදුරටත් වන විනාශය සිදුවීමට පෙර ජනපතිවරයා මෙසේ එම ගැටලුව වෙනුවෙන් නැගී සිටිය බව වන අතර මෙම[…]

Read More »

නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර දෙවන සාකච්ඡාව සාර්ථකයි – දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැති දෙවැනි සාකච්ඡාවද සාර්ථක වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. මෙම සාකච්ඡාව කොළඹ විපක්ෂනායක කාර්යාලයේදි පැවැත්වුනු අතර නව සන්ධානය ගොඩ ගැනිමට අදාළව කරුණු විස්සක් පිළිබඳව අද දිනයේදි සාකච්ඡා වූ බව ඒ මහතා[…]

Read More »

ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන මිල වැඩි වෙයි – පුවත්පත් මිලදී ගැනීමටත් දීමනාවක්

ගාල්ල මහ නගර සභාවේ මාසික සභා රැස්වීමේදී මන්ත්‍රීවරුන්ට පුවත්පත් මිලදී ගැනීමේ දීමනාවක් සහ ඉන්ධන දීමනාව වැඩිකර ගැනීමේ යෝජනාවක් සම්මත වී ඇති බව වාර්තා වෙයි. මන්ත්‍රීවරුන්ට පුවත්පත් මිලදී ගැනීම සඳහා මීට පෙර දීමනාවක් ලබා නොදුන් අතර ඒ සඳහා දීමනාවක් සහ ඉන්ධන සඳහා ලබාදෙන දීමනාව වැඩි කරන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරුන් 30 දෙනෙකුගේ[…]

Read More »

යල කන්නයේදී කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 05ක් වගා කිරීමට අපේක්ෂා කරනවා

මෙවර යල කන්නයේදී කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 05ක් වගා කිරීමට තම අමාත්‍යාංශය අපේක්ෂා කරන බවත්,ඒ සඳහා අවශ්‍ය වන පොහොර මාර්තු අග වන විට ගබඩා කර තබන්නැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා ලක් පොහොර සමාගමේ සභාපති සෝමචන්ද්‍ර ජයකොඩි මහතාට දැනුම්[…]

Read More »

සියලු පාර්ශ්වයන්ට පිළිගත හැකි අපේක්ෂකයෙක් එජාපයෙන් ජනපතිවරණයට – මනුෂ

සියලු පාර්ශ්වයන්ට පිළිගත හැකි අපේක්ෂකයෙකු ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි. ගාල්ලේ පැවති වැඩසටහනකට එක්වීමෙන් මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු කියා සිටියේ රටක පිළිගන්න,රටම ආදරය කරන සියලු ජන කොට්ඨාශවලට පිළිගත හැකි නායකයෙක් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන[…]

Read More »

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

සබරගමුව මධ්‍යම, බස්නාහිර, දකුණ සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් තැනින් තැන අද සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. හම්බන්තොට සිට කල්මුණේ දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්[…]

Read More »

කේරළ ගංජා කිලෝග්‍රෑම් 150 ක් තලෙයිමන්නාරමෙන් සොයාගනී

තලෙයිමන්නාරම,ඌරුමලෙයි ප්‍රදේශයේ සඟවා තිබියදී කේරළ ගංජා කිලෝග්රැම් 150 ක් අද(20) සොයාගත් බව තලෙයිමන්නාරම පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ නාවික හමුදා බුද්ධි තොරතුරක් මත නාවික හමුදාව හා පොලිසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී අදාළ ගංජා තොගය සොයාගත් බවයි. සොයාගත් ගංජා තොගය රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුතු වන අතර, ජාවාරම්කරුවන් ඉන්දියාවේ සිට බෝට්ටු මඟින්[…]

Read More »

ඩෙල්ෆ් දුපතේ සූර්ය සහ සුළං විදුලිබල උත්පාදනය ව්‍යාප්ත කරන්න කඩිනමින් පියවර ගන්නවා – රවී

ඩෙල්ෆ් දූපතේ ක්‍රියාත්මක කෙරෙන සූර්ය සහ සුළං විදුලි උත්පාදන ක්‍රියාදාමයේ සාර්ථකත්වය පදනම් කරගනිමින්, අවට පවතින අනෙකුත් දූපත් වලටත් සූර්ය සහ සුළං විදුලිබල උත්පාදනය ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. ඩෙල්ෆ් මෙන්ම අවට ඇති දූපත්වල සූර්යබල විදුලි උත්පාදනය සහ සුළං විදුලිබල උත්පාදනය[…]

Read More »