අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු අත්අඩංගුවට

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහිල් බණ්ඩාර සිසුවා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු වට රවුමේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සිසුන් පිරිසක් සමඟ පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවේ නියැලෙමින් සිටියදී මොහු මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

Read More »

ගුරු – විදුහල්පතිවරු ලෙඩවීම සාර්ථකයි – ලංකා ගුරු සංගමය

ඉල්ලීම් තුනක් මුල්කොට ගෙන ගුරු විදුහල්පති වෘත්තීය සමිති 17ක් ඇතුළු වෘත්තීය සමිති 30ක් සංවිධානය කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සාර්ථක බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිං මහතා පවසයි. අරුණ පුවත්පත කළ විමසීමකදී ඒ මහතා සදහන් කළේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට ගුරුවරු 241,000කට අධික පිරිසක් සහ විදුහල්පතිවරු 15,000ක් සහභාගි වූ බවය. එමෙන්ම[…]

Read More »

විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයින්ගේ විරෝධතාවට කඳුළු ගෑස් ප්‍රහාරයක්

විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර ඇති විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය අසළින් අද දහවල් මෙම විරෝධතාව ආරම්භ කර ඇත්තේ රජය විසින් ගෙන ඒමට නියමිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කරන ලෙස බලකරමින් වන අතර විරෝධතාකරුවන් පාර්ලිමේන්තු වටරවුමෙන්[…]

Read More »

බිලියන පහේ දියමන්ති හා මැණික් කොල්ලයට සම්බන්ධ පැඟිරිවත්තේ සුද්දා අත්අඩංගුවට

පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේදී සිදුවූ රුපියල් බිලියන 05 ක පමණ වටිනාකමින් යුතු දියමන්ති හා මැණික් කොල්ලය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. දෙල්කඳ ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 40ක් වූ අංක 35/15, පැඟිරිවත්ත පාර, ගංගොඩවිල, නුගේගොඩ ලිපිනයේ[…]

Read More »

කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

තරග 5කින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයේ කාසියේ වාසිය ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. ඒ අනුව දකුණු අප්‍රිකානු නායකයා මුලින්ම පන්දු යැවීමටයි තීරණය කළේය. මෙම තරගය පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාවේ පෝර්ට් එලිසබත් හි ශාන්ත ජෝර්ජ්ස් පාර්ක් හීදිය. එම පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරඟ 5කට[…]

Read More »

ප්‍රකාශයක් ලබා දීමට CIDයට පැමිණි හිටපු නාවික හමුදාපති පැය 06කට පසු පිටවෙයි

ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා දෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (13) පැමිණ තිබුණා. පැය 06ක කාලයකට පසු ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිට වී ගොස් ඇති බවට වාර්තා වෙයි.

Read More »

ශ්‍රීලනිප සමඟ පොදුජන පෙරමුණ සාකච්ඡාව හෙට

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ මෙහෙයවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ තම පක්ෂය හෙට සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කරයි. බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

Read More »

ජනනාත්ගේ බෙන්ස් රථයේ ගැටුනු ප්‍රීතිගේ හදවත නවතී

කොළඹ නුවර පාරේ කිරිල්ලවලදී මාරක රිය අනතුරක් සිදුකළේ යැයි කඩවත පොලීසියෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු ප්‍රවීණ සංගීතඥ ජනනාත් රංග වරකාගොඩ මහතා ලබන 18 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා ඊයේ (12) නියෝග කළේය. කිරිල්ලවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති පදික මාරුවේදී ඊයේ (12) අලුයම 5.30ට[…]

Read More »

කොළඹ හෝර්ටන් පෙදෙසේ දැඩි රථවාහන තද බදයක්

විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතාවක් නිසා කොළඹ හෝර්ටන් පෙදෙසේ දැඩි රථවාහන තද බදයක් හට ගෙන ඇත. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයෙන් ආරම්භ කර ඇති මෙම විරෝධතා පා ගමන මේ වන විට හෝර්ටන් පෙදෙස හරහා ගමන් කරමින් සිටින බැවින් මෙම රථ වාහන තදබදය හට ගෙන ඇත. ‍සිසු කම්කරු පොදුජන අරගලය මැඩලීමට[…]

Read More »

ආනයනික කිරිපිටි සඳහා මිල සුත්‍රයක් – කැබිනට් අනුමැතියත් හිමිවෙයි

ආනයනික කිරිපිටි සඳහා ඉදිරිපත් කර ඇති මිල සුත්‍රයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. ආනයනික කිරිපිටි මිල සඳහා විසඳුමක් සෙවීමේ අරමුණින් පත් කරන ලද කමිටුවක් විසින් ජාත්‍යන්තර වෙළඳ පොළෙහි පවත්නා මිල හා විනිමය අනුපාතය විචලනයන් සැලකිල්ලට ගෙන පාරිභෝගිකයන්ට රජයට හා කිරිපිටි කර්මාන්තයේ යෙදෙන්නන්ට ප්‍රතිලාභ ලබා දීමේ අරමුණින් මෙම මිල සුත්‍රය හඳුන්වා[…]

Read More »

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනයට සම්බන්ධ සැකකරුවන් ලබන 27 දක්වා රිමාන්ඩ්

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් හත්දෙනා මෙම මස 27 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවට ඔවුන් ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත. අදාළ ව්‍යාපාරිකයින් දෙදෙනා මෙම සැකකරුවන් විසින් ඝාතනය කර ඇති බවට සාක්ෂි[…]

Read More »
1 2 3