අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහලට

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 132ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 159 ක් වේ. ඒ අනුව රුපියල් 7කින් ලීටරයක මිල ඉහළ දමා තිබේ. ඔටෝ[…]

Read More »

අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

පසුගිය 05 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙවර (2019) අයවැය දෙවන වර කියවීමේ විවාදය 06වනදා සිට දින 06 ක් පැවති අතර අද පස්වරුවේ දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්විණි. එම ජන්ද විමසීම පාර්ලිමේන්තුවේදී විද්‍යුත් ක්‍රමයට පැවැත්වුණු අතර අයවැයට පක්ෂව ජන්ද 119ක් ද විපක්ෂව ජන්ද 76ක්ද ලැබී ඇත. ඒ අනුව අයවැය දෙවනවර[…]

Read More »

දුම්රිය එංජින් රියදුරු සංගමය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව නවතා දමයි

වැටුප් ගැටලු හා තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දුම්රිය එංජින් රියදුරු සංගමය තාවකාලිකව නවතා දමා තිබේ. එම සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා සඳහන් කළේ අදාළ ගැටලු පිලිබඳ හෙට (13) දිනයේදී බලධාරීන් සාකච්ඡාවක් ලබාදී ඇති බවයි. එම සාකච්ඡාවෙන්[…]

Read More »

ප්‍රවීන සංගීත ශිල්පී ජනනාත් වරකාගොඩ 18වනදා දක්වා රිමාන්ඩ්

ප්‍රවීන සංගීත ශිල්පී ජනනාත් වරකාගොඩ ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර ඇති බව වාර්තා වෙයි. ඒ කිරිල්ලවල ප්‍රදේශයේදී ඔහු පැදවූ මෝටර් රථයට හැප්පි කාන්තාවක් මරණයට පත්වීමෙණි. ඔහු අද දින ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. මියගොස් ඇත්තේ කඩවත ප්‍රදේශයේම පදිංචි 68[…]

Read More »

රනිලුත් බරට බර පූජා කළ තිරුපති දෙවොල් වගතුග

බොහෝ පිරිසකට දෙවියන් බුදුන් සිහිවන්නේ යම් දුකක් හෝ කරදරයක් විපතක් වැනි දෙයක් සිහිවුණු විටය. එවිට ඔවුහු ‘‘හඳහන් බලා’’ අපල උපද්‍රවය කුමක්දැයි විමසා බලති. ඒවායින් නිර්දේශ කෙරෙන ආකාරයට පන්සලට හෝ දේවාලවලට ගොස් බෝධි පූජා හෝ නව ග්‍රහ පූජා ආදිය පවත්වා සෙත් පැතීම්වල යෙදෙති. මේ කාරණා සම්බන්ධයෙන් ලංකාවේ බොහෝම දෙනකුගේ ජනප්‍රියම දේවාලය[…]

Read More »

6 ශ්‍රේණියට සිසුවෙකු ඇතුලත් කිරීමට අල්ලස් ගත්තු විදුහල්පති මාට්ටු

මාතර දිස්ත්‍රික්කයේ ජාතික පාසලක විදුහල්පතිවරයෙකු අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන ඇත. 6 ශ්‍රේණියට සිසුවෙකු ඇතුලත් කිරීමට අල්ලසක් වශයෙන් රුපියල් 8000ක මුදලක් ලබා ගැනීමේදී අදාළ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් කොමිසම සඳහන් කළේය.

Read More »

හෙට තරඟයේදී කණ්ඩායම් දෙකේම වෙනසක්

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග හෙට පැවැත්වීමට නියමිත තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවීමට නියමිතයි. මෙම තරඟයේදී ශ්‍රී ලංකා පිලේ උප නායක නිරෝෂන් දැක්වැල්ලට සිය ස්ථානය අහිමිවීමට බොහෝ දුරට ඉඩ තිබේ. ඊට හේතුවී තිබෙන්නේ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු ලෙස පිටියට පැමිණෙන දික්වැල්ල පළමු තරඟයේදී ලකුණු 8කට, දෙවන තරඟයේදී ලකුණු 6කට සහ[…]

Read More »

හිරුණිකාගේ නඩුව අප්‍රේල් 24ට කල්යයි

පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ විභාගය අප්‍රේල් මස 24 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත. එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වී සිටින හෙයින් නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබා[…]

Read More »

ගෝඨාගේ රීටි පෙත්සම ලබන 26වනදා දක්වා කල්යයි

තමන් ඇතුළුව 07 දෙනෙකුට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ගොනුකර ඇති නඩු විභාගය නතර කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ රීට් පෙත්සම විභාගය මේ මස 26 වනදා දක්වා අද (12) කල් තබා ඇත. එම පෙත්සම සලකා බැලූණේ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර[…]

Read More »

රු. විසිදහසක අල්ලසක් ගත් උප පොලිස් පරීක්ෂකවරයාට වසර 4ක සිර දඬුවමක්

රුපියල් 20,000 අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වැරදිකරු වූ කහවත්ත ඇන්දාන පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයාට වසර හතරක සිර දඬුවමක් අද (12) නියම කළේ ය. එම සිර දඬුවම නියම කරනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසිනි. 2011 ජුනි මස පළමු වැනිදා නීතිවිරෝධි මත්පැන් සමග[…]

Read More »

රජය ගෙනෙන නව පනත පැරදවීම සඳහා පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතදීත් සටන් කරනවා

රජය විසින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට ගෙනඒමට යන නව පනත පැරදවීම සඳහා පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතදීත් සටන් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. මෙම නව පනත තුළින් රජය උත්සාහ ගන්නේ ත‍්‍රස්තවාදී කටයුතු මැඩලීමට නොව වෘත්තීය සමිති හා මාධ්‍ය[…]

Read More »
1 2 3