ප්‍රකාශයක් ලබා දීමට CIDයට ආ කරන්නාගොඩ පැය 08ට පසුව පිටවයයි

ප්‍රකාශයක් ලබා දීමට හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැය 08කට පසුව ඉන් පිට වී ගොස් ඇත. අධිකරණ නියෝගයකට අනුව හිටපු නාවික හමුදාපතිවරයා මෙලෙස පැමිණ ඇති අතර තරුණයින් 11 දෙනේකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව චෝදනා එල්ල වී ඇත.

Read More »

කුසල් පෙරේරාට ඉදිරි තරඟ දෙක අහිමිවෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග දෙක සදහා කුසල් පෙරේරාට සහභාගිවීමට නොහැකි බවට වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ දකුණු අප්‍රිකාව සමග පැවැති තෙවන තරගයේදී කුසල් පෙරේරා ආබාධයකට ලක්වූ බවයි. අද දිනයේ සිදුකළ වෛද්‍ය පරීක්ෂණ වලින් අනතුරුව අනාවරණය වී ඇත්තේ කුසල්ට[…]

Read More »

13 වැනිදා ජනාධිපතිගේ වැය ශීර්ෂය පුලුවන්නම් පරාජය කරලා පෙන්වන්න

විපක්ෂය විසින් අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කර පරාජයට පත්කරන බවත් එලෙස අයවැය පරාජය කරනු ලබන්නේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමට නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි. අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දෙන්නේ එලෙස අයවැය පරාජය කරනු ලබන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා යාමට[…]

Read More »

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙස ජයසිරි විජයනාත් වැඩ භාර ගනී

නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙස ජයසිරි විජයනාත් තෙන්නකෝන් මහතා අද (11) වැඩ භාර ගනී. 13 වන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස ටී.එම්.ජයසිරි විජයනාත් මහතා අද වැඩ භාර ගත් අතර බන්ධනගාර මුලස්ථානයේදි සුභ මොහොතින් වැඩ භාර ගත් ඒ මහතා මීට පෙර කම්කරු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇත.

Read More »

රු. බිලියන 1.8 කට අධික වටිනා හෙරොයින් තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ නිවසකින් හෙරොයින් කිලෝග්‍රෑම් 150 කට අධික තොගයක් සොයා ගෙන ඇත. එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 1800 ක් පමණ වන බව පොලිසිය සඳහන් කරන අතර මෙම වැටලීම පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කර ඇත. අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත්තේ රුපියල් කෝටි 500[…]

Read More »

පසුගිය ලෝක කුසලානයේ සිට 2019 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකාව ලැබූ ජය පරාජයන්

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ආරම්භවීමට තවත් ඉතිරිව ඇත්තේ මාස දෙකක කාලයක් වේ. ලෝක කුසලානයට ක්‍රීඩා කරන සෑම කණ්ඩායමකට මෙන්ම සෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුටම මෙය ඉතාමත් වැදගත් කුසලානයක් වේ. සෑම කණ්ඩායමක් මෙන්ම ක්‍රීඩකයෙකු ද මේ සදහා හොද සූදානමකින් පසු වනවා. එය හොදින්ම දකින්නට අසන්නට ලැබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලානය සදහා[…]

Read More »

අපිට අවශ්‍ය ජනතාව සමග සිටින වැඩකරන අය මිසක් පම්පෝරි ගහන අය නෙවෙයි – රවී

“එක්සත් ජාතික පක්ෂය හරියාකාරව තමන්ගේ වැඩකටයුතු කරගෙන යනවාද, මේ ආකාරයෙන් ඉදිරියට යාමට හැකිවෙයිද, දුර්වලතා තිබෙනවාද, නිවැරදි කළයුතු තැන් තිබෙනවාද බලන්න තමයි අපි අද අපි මේ කටයුතු කරන්නේ. ඒ සදහා අපි නිර්භීතව තීන්දු අරගෙන වැඩකරගෙන යනවා. අපිට අවශ්‍ය වන්නේ ජනතාව සමග සිටින, වැඩකරන අය මිසක්, පම්පෝරි ගහන අය නොවෙයි” යැයි එක්සත්[…]

Read More »

UNP කාරයන්ගෙන් පිටිපස්සෙන් පිහි ඇනුමක් කනවට වඩා මහින්ද මහත්තයාගෙන් පපුවට වෙඩි කන එක සැපයි

අයවැය අවසන් වූ පසුව ‘අයවැය තේපැන් සංග්‍රහය’ ඇරඹුණු අතර මෙවර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂත්, ඒකාබද්ධ විපක්ෂයේ ‘ඇතැම් මන්ත්‍රීවරුනුත්’ එහි සිටිනු දක්නට ලැබුණි. ‘ජනතාව කන අයවැයෙන් පසුව අපට දෙන තේ මොකට දැ’යි කියමින් විපක්ෂයේ පක්ෂ නායකයෝ වසර ගණනාවක් තිස්සේ ‘අයවැය තේ පැන් සංග්‍රහය වර්ජනය කරමින්’ සිටියහ. මෙවර ද ගම්මන්පිල, විමල් වැන්නන්[…]

Read More »

අයවැය වචන හරඹයක් පමණයි – විපක්‍ෂ නායක

මෙදා අයවැය වචන හරඹයක් පමණක් බවත් එයින් ජනතාවට ලැබෙන සෙතක් නොමැති බවත් බදු බරින් මිරිකෙමින් සිටි ජනතාව පිට තවත් බදුබර පැටවූ අයවැයක් බවත් මාතර පොල්හේන පුරාණ රජ මහා විහාරයේදී ශාසන කීර්ති ශ්‍රී ත්‍රිපිඨකවේදී ප්‍රවිනාචාර්ය පණ්ඩිත පූජ්‍ය බද්දේගම කුසල නාහිමිපාණන් වහන්සේට මහා විහාරවංශික මහා නිකායේ මල්වතු පාර්ශවයේ ගාලු මාතර හම්බන්තොට තෙපළාතේ[…]

Read More »

ගුරු , විදුහල්පති සන්ධානය අනිද්දා දීපව්‍යාප්ත වර්ජනයක

ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් ආණ්ඩුව කටයුතු කර ඇති බව පවසමින් එළඹෙන සතියෙන් අනතුරුව වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට රජයේ විධායක නිලධාරීන්ගේ විධායක කමිටුව තීරණය කර ඇත. එහි ලේකම් කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය. මොවුන් පසුගිය 27 වනදා සංකේත වර්ජනයක නිරත වූ අතර ඒ හේතුවෙන් අමාත්‍යාංශවල සහ[…]

Read More »

පාර්ලිමේන්තුවේ ගැලරියට පැමිණ සිටි අමුත්තන් අතර විශේෂ සැඟවුණු අමුත්තිය

මංගල සමරවීර හෙවත් ‘ඛේමාගේ කොලුවා’ පසුගිය දිගු සති අන්තය ගත කළේ ‘දේදුනු අන්තයේ’ය. ‘දේදුනු අන්තය’ යනු ඔහුගේ නිවහනේ නම ය. මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්, උපදේශකයින් ඇතුළු පිරිසක් ද එහි සිටියේ ය. ඔවුන් සියලු දෙනාම එම දිගු සති අන්තයේත්, එකදිගට වැඩ කරමින් සිටියේ ‘යහපාලන ආණ්ඩුවේ පස්වැනි අයවැය වාර්තාවේ’ අඩුපාඩු සකස් කිරීම වෙනුවෙනි.[…]

Read More »
1 2 3 4