පොදුජන පෙරමුණ හා නිදහස් පක්ෂය දෙකට බෙදීමෙන් බලයට පැමිණෙන්නේ එජාපය – පී.හැරිසන්

පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන දෙපාර්ශවයන් අතර පරස්පර මත පවතින බැවින් මෛත්‍රී- මහින්ද එකමුතුවෙන් ඉදිරි මැතිවරණය සඳහා අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සිදු නොවන්නක් බව පී.හැරිසන් මහතා සඳහන් කරයි. ගමට සිරිකොත වැඩසටහනට අනුබද්ධව හොරණ, වත්තේගෙදර ප්‍රදේශයේ ජන හමුවකට සහභාගී වෙමින් අමාත්‍ය පී. හැරිසන් මහතා මෙම අදහස් පළ කළේය. බැසිල්[…]

Read More »

නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ලක්ෂ 19කට අධික වටිනා දුම්වැටි තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී අන්දමින් රුපියල් ලක්ෂ 19කට අධික වටිනාකමින් යුත් දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ 47 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් වන අතර ඔහුගේ ගමන් මල්ලේ සඟවා තිබූ දුම්වැටි කාට්න් 160 ක් රේගු නිලධාරීන් සොයාගෙන ඇත. ඒවා රාජසන්තක කර සැකකරුට රුපියල්[…]

Read More »

මගීන් 157 සමඟ ඉතියෝපියානු ගුවන්යානයක් කඩා වැටේ

ඉතියෝපියානු ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් කෙන්යාවේ නයිරෝබි නුවර වෙත ගමන් ගනිමින් සිටියදී හදිසියේ කඩා වැටී තිබේ. අඩිස් අබාබා අගනුවරින් නික්මුණු බෝයිං 737 වර්ගයේ මෙම යානයේ මගීන් 149 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු සිටි බව සඳහන් වන අතර අනතුර සිදුවූ ස්ථානය හෝ එය සිදුවූ ආකාරය මෙතෙක් අනාවරණ වී[…]

Read More »

බස්නාහිර පළාතේ සිදු කළ මෙහෙයුමකදී බිමත් රියදුරන් 305ක් මාට්ටු

මධ්‍යම රාත්‍රියේ සිට අද අලූයම දක්වා බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුමකින් බීමත් රියදුරන් 305 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පොලිස්පතිවරයාගේ විශේෂ නියෝගයකට අනුව මෙම මෙහෙයුම සිදුකර ඇත. සති අන්ත දිනවල මධ්‍යම රාත්‍රියේ සහ අලූයම් කාලයේදී සමාජශාලා මෙන්ම අවන්හල්වලදී මත්පැන් පානය කර රිය ධාවනය කරන සංඛ්‍යාව ඉහළ ගොස්[…]

Read More »

සේනා නිසා පිඩාවට පත්වූ ගොවීන්ට වන්දි ලබා දීමේ පළමු අදියර අද ආරම්භ කරයි

සේනා දළඹු උවදුරෙන් පීඩාවට පත්වූ ගොවීන්ට වන්දි ලබාදීමේ පළමු අදියර අද අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර ඇත. පූර්ණ වගා හානි සිදුවූ ගොවීන් 307 දෙනෙකු සඳහා මෙහිදී වන්දි පිරිනමා ඇති අතර එක් අක්කරයක් සඳහා රුපියල් 40,000 ක මුදලක් ලබාදුන් බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය. අම්පාර අනුරාධපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල සේනා දළඹු උවදුරෙන්[…]

Read More »

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉටුකරන කාර්යය පිළිබඳ ගැටළුවක් පවතීනම් සාකච්ඡා කිරීමට සූදානම් බව ජනපතිට දැනුම් දෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ එමඟින් ඉටුකරන කාර්යය පිළිබඳ ගැටළුවක් පවතීනම් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බව ජනාධිපතිවරයාට දැනුම්දුන් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නිවේදනය කරයි.. පසුගිය 7 වනදා පාර්ලිමේන්තුවේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීම පිළිබඳ තීරණ මාධ්‍ය වෙත නිකුත් කරමින් මේ පිලිබඳ දැනුම් දුන් අතර පෙබරවාරි 21 වනදා පාර්ලිමේන්තුවේදී ජනාධීපති මෛත්‍රීපාල[…]

Read More »

දෙරණ Dream Star කිරුළ තනුර මධුගීත්ට

දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් එයිට් කිරුළ තනුර මධුගීත් විසින් ඊයේ (09) රාත්‍රියේදී හිමිකරගත්තා. තරගයේ දෙවන ස්ථානය රවීන් තාරුක විසින් ද තුන්වන ස්ථානය ක්‍රිෂාදි රණතුංග විසින්ද දිනාගනු ලැබුවා. ඊයේ (09) පැවැති අවසන් මහා තරගය සඳහා තරගකරුවන් තිදෙනෙක් සුදුසුකම් ලබා සිටි අතර අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබූ ක්‍රිෂාදි රණතුංග, රවීන් තාරුක,[…]

Read More »

කෝටියකට අධික වටිනා හෙරොයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

අම්බලන්ගොඩ අකුරල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 1.065ත් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසියසඳහන් කරයි. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණ තොරතුරක් මත වන අතර අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටියකට අධික වෙයි. අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 43ක් හා 58ක් වන සැකකරුවන් දෙදෙනෙකි.

Read More »

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තෙවන තරඟය අදයි

එක්දින තරඟ 5කින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන තරඟය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. අද තරඟය සදහා අනුමාන වශයෙන් ක්‍රීඩාකරන කණ්ඩායම් දෙක ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය මේ වන විට නම් කර තිබෙනවා. එම කණ්ඩායම් දෙක පහතින් බලන්න, South Africa (possible): 1 Quinton de Kock (wk) 2 Reeza[…]

Read More »

බලපත්‍ර නොමැතිව මැණික් ගැරු 07ක් මාට්ටු

බගවන්තලාව පෙට්ට්‍රාසෝ වත්තේදී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයන් 07දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඊයේ රාත්‍රියේ බගවන්තලාව පොලීසියට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් මෙම පිරිස බලංගොඩ ප්‍රදේශයේ පදිචිකරුවන් වන අතර ඔවුන් 21 ත් 32ත් වන වයස්වල පසුවන්නන්ය. අත්අඩංගුවට ගත්  පිරිස අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More »

මාකඳුරේ මධුෂ්ටද දහම් මග සහමුලින්ම විවරය

දහම යනු වරදෙහි ඇති විපාකය මෙන්ම කුසලයෙහි ඇති ආනිශංසය පෙන්වා දෙමින් නරකින් හොඳ වෙන්කර දක්වන ආලෝකයයි. දහමට අනුව ඇත්තේ වැරදි ක්‍රියා මිස වැරදිකරුවන් නොවේ. පව්කාරයා හෝ සද්ගුණවතා සිටින්නේ චේතනාව සමගය. දහමට අනුව ඒ චේතනාවෙන් මිදුනු තැන පව්කාරයෙක් නැත. එබැවින් වැරදි මාර්ගයෙන් මිදී සද්මගට පැමිණීමට ඕනෑම අයකුට අවස්ථාව ඇත. ඒ සඳහා[…]

Read More »