ජනපති ප්‍රේමදාස මරපු ආකාරයටම ඒකාබද්ධයේ බිල්ලක් ගන්න ඩයස්පෝරාවෙන් පිල්ලියක්

දකුණේ දේශපාලන වේදිකාවකදී දේශපාලන බිල්ලක් ගැනීමට කොටි ඩයස්පෝරාව හා දකුණේ පාතාල කල්ලි එක්ව කල මෙහෙයුමකට සම්බන්ධ බව කියන සාමිවරයකු ගැන රාජ්‍ය ඔත්තු සේවාව ඇතුළු බුද්ධි අංශ එක්ව විමර්ශනයක් අරඹා ඇත. මෙම සාමිවරයා මාර්ගයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ඉලක්කයක් ගැනීම එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර ජාලයේ දීර්ඝකාලීන සැලසුම වී ඇතැයිද විමර්ශන කණ්ඩායම් සැක පහල කර ඇත.[…]

Read More »

නිට්ටෑවන් සොයා යන අතරේ අපට මගහැරුණු පුංචි මිනිස්සු

නිට්ටෑවන් සොයා යන අතරේ අපට මගහැරුණු පුංචි මිනිස්සු පසුගිය මාර්තු 02 සෙනසුරාදා පෙරවරු නවයට ශ්‍රී ලංකාවේ පළමු ‘පුංචි මිනිස් හමුව’ මොරටුව, ගොරකානේ ඇක්වා පර්ල් රිසෝට් සංචාරක නිකේතනයේ දී පැවැත් විණි. ඒ සමාජසේවා අධ්‍යක්ෂ තිලක් හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙනි. සාමාන්‍යයෙන් අප මිනිසුන් හැඳින්වීමේ දී පොඩි, පුංචි ආදී විශේෂණ යොදනුයේ ඔවුන්ගේ ආර්ථික, සමාජ[…]

Read More »

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මාර්තු 7 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි එම සංශෝධනය සිදුකරන බවයි අදාළ ගැසට් නිවේදනයේ සදහන් වන්නේ. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම[…]

Read More »

රැස්වීම් සුහද හමු තියමින් බස්නාහිර පළාත් සභාව ලක්ෂ ගණන් මුදල් ගිලී

බස්නාහිර පළාත් සභාවේ උපදේශක කාරක සභාවේ මීළඟ රැස්වීම හපුතලේ ඇල්ල ප්‍රදේශයේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. ‘‘ඇල්ලේ වසන්තය’’ ලෙස නම් කර ඇති එය අප්‍රේල් 4,5 හා 6 යන දින තුනේ පැවැත්වේ. ඒ සඳහා රුපියල් ලක්ෂ 15ක පමණ පිරිවැයක් වැයවෙන බව ගණන් බලා ඇතැයි බස්නාහිර පළාත් සභා ආරංචි මාර්ග[…]

Read More »

සරත්මධු පටන් ගත්ත ඉතින් ඊට පස්සේ බාරගත්තෙ ගුණපාල ජයලත්

ඔහු නැතුව දැන් කොයි කාලයක්ද ? පහුගිය දෙසැම්බර් මාසෙට එයා නැතිවෙලා අවුරුදු තුනක්. ජයලත් අයියා නැතිවුණේ 2015 දෙසැම්බර් 23 ඒ කාලය ඔබට දැනුණේ? හරිම පාළුවක්, දුකක්, තනිකමක් වින්දා. කවුරු හිටියත් එයාගෙන් ජීවිතේට ලැබුණු හයිය, රැකවරණය, මහා අඩුවක් වෙලා දැනෙනවා. ඔබට ගුණපාල ජයලත් හමුවෙන්නේ ? පත්තරේ තිබුණ නාට්‍ය පුහුණුවකට සම්බන්ධවෙන්න යවපු[…]

Read More »

ඩී.අයි.ජී.ලා දෙදෙනෙක් ළඟදීම අත්අඩංගුවට – දෙදෙනාටම අපරාධ චෝදනා

පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින හා සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුට එල්ල වී ඇති මනුෂ්‍ය ඝාතන හා දූෂණ අක්‍රමිකතා චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ. ගාල්ල රත්ගම ප්‍රදේශයේ මාළු හා කුකුළු මස් වෙළෙඳාම් කළ දෙදෙනකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල[…]

Read More »

පැටවා කුසට එන්නටත් පෙර කිරි ගවයන් 20,000 ක් ගන්න කෝටි 170 ක් ගෙවලා

ආනයනය කිරීමට අපේක්ෂිත කිරි ගවයන් 15,000 ක් සඳහා රුපියල් කෝටි 174 ක අත්තිකාරම් මුදලක් විදෙස් සැපයුම්කරුවකුට ගෙවීමට ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය මීට වසරකට පෙර (2018) පියවර ගෙන ඇතැයි තොරතුරු හෙළි වේ. විදේශ බැංකුවකින් ලබාගත් ණය මුදලක් මගින් මෙම ගෙවීම් සිදුකර ඇත. 2018 මැයි 08 වැනි දින අදාළ මුදල විදේශ සැපයුම්කරුට ගෙවා[…]

Read More »

‘‘අරුණ’’ පුවතට ඇමැති රවීගේ අවධානය

විදුලිය ලබාදීමේදී සංස්ථාව ලබා ගන්නා තැන්පතු ගාස්තුව සම්බන්ධයෙන් මසක් ඇතුළත විසඳුමක් ලබා දෙන බව විදුලි බල හා බලශක්ති ඇමැති රවී කරුණානායක ‘‘අරුණ’’ට පැවසීය. එසේ පාරිභෝගිකයින්ගෙන් ලබාගන්නා ස්ථාවර තැන්පතුවට පොලියක් ගෙවිය යුතු බවට විදුලි බල පනතේ 28 (3) සඳහන් අතර ඒ සම්බන්ධයෙන් පසුගිය සති දෙකේම ‘‘අරුණ’’ හෙළි කළේය. ඒ සඳහා ගෙවිය[…]

Read More »

ශ්‍රී ලංකාවේ ප්‍රබලම දේශපාලනඥයකුට මධුෂ්ගෙන් අවුරුදු තෑගි

පාතාල නායක මාකඳුරේ මධුෂ් ආණ්ඩුවේ ප්‍රබලම දේශපාලනඥයකුට පුරුද්දක් වශයෙන් අවුරුද්දට සුබපතා වටිනා තෑගි බෝග එවා ඇතැයි පාතාල කණ්ඩායම් සම්බන්ධ විමර්ශනවලදී අනාවරණය වී ඇත. ප්‍රබල දේශපාලනඥයාට මධුෂ් සම්බන්ධ කරදී ඇත්තේ තරුණයන්ගේ කටයුතු හරහා දේශපාලනයට ප්‍රවිෂ්ට වන්නට යන රාජ්‍ය ආයතනයක සභාපතිවරයකු බවද හෙළිවී ඇත. පාතාල නායකයින් වන මාකඳුරේ මධුෂ් හා කන්ජිපානි ඉම්රාන්[…]

Read More »

ලක්ෂ 26ක් ගොවීහු ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ හිරවෙති

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික දිස්ත්‍රික්ක දොළහක ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙහි පැටලී සිටින ජන සංඛ්‍යාව 28,45,000ක් වෙතියි ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට පත් ගැමි ගොවි කාන්තාවන්ගේ පොළොන්නරුව දිස්ත්‍රික් සංවිධානයේ කැඳවුම්කරු වන කවුඩුල්ලේ එම්.කේ. ජයතිස්ස මහතා පවසයි. ණය උගුලට හසු වූ 24,90,000ක් ම කාන්තාවන් බව පවසන ඔහු ඉන් බහුතරයක් දෙනා කෘෂිකාර්මික ප්‍රදේශවල මව්වරුන්[…]

Read More »

නිරීක්ෂණ යන්ත්‍ර අක්‍රිය වී බහු දින යාත්‍රා ධීවරයෝ අසරණ වෙති

බහුදින ධීවර යාත්‍රාවල සවි කර ඇති නිරීක්ෂණ යන්ත්‍ර හෙවත් වී.එම්.එස්. (විෂුවල් මොනිටර් සිස්ටම්) ක්‍රියාත්මක නොවීම නිසා ධීවරයෝ දැඩි ගැටලුවලට මුහුණ පා ඇති බව බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති සුජිත් සමන්ත පැවසීය. අන්තර් ජාතික මුහුදේ මසුන් මැරීම සඳහා යන බහුදින යාත්‍රා 1600ක් පමණ මෙසේ ධීවර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත. එසේ ලියාපදිංචි[…]

Read More »