මන්නාරම් සමූහ මිණිවලේ කැණීම් කටයුතු තාවකාලකිව නවත්වන ලෙසට අධිකරණයෙන් නියෝග

මන්නාරම් සමූහ මිණිවලේ කැණීම් කටයුතු අද (08) සිට නැවත දිනයක් දැනුම් දෙන තුරු නැවත්වීමට මන්නාරම් මහේස්ත්‍රාත් ටී.සර්වනරාජා මහතා නියෝග කර තිබෙනවා. මන්නාරම් සමූහ මිණීවලේ ඇටසැකිළි පිළිබඳ වූ කාල නිරණ වාර්ථාව ඊයේ (07) දිනයේදී මන්නාරම් අධිකරණයෙන් ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසුව අද (08) දිනයේදී මන්නාරම් මහෙස්ත්‍රාත් වරයා විසින් කැනීම් සිදු කරන ලද[…]

Read More »

මහනුවර දළදා වීදියේ නයිට් බසාර් වසා දැමීමේ තීරණයක්

මහනුවර දළදා වීදියේ මස් පුච්චමින් පවත්වන නයිට් බසාර් වසාදමන ලෙස තමන් මහනුවර නගරාධිපතිවරයාට උපදෙස් දුන් බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (8) ප්‍රකාශ කළා. දළදා වීදියේ නයිට් බසාර් පැවැත්වීම පිළිබදව මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන්ද අප්‍රසාදය පළ කර තිබූ බවයි[…]

Read More »

මිලියන 15ක් ෆේස්බුක් අත්හරී

ෆේස්බුක් භාවිත කරන්නන්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම සදහා එම සමාගම අපොහොසත්වීම හේතුවෙන් ඇමෙරිකාවේ සහ යුරෝපයේ තරුණ පිරිස් ‌මේ වන විට එම සමාජජාල වෙබ් අඩවියෙන් ඉවත්වෙමින් තිබෙනවා. පසුගිය වසර දෙකක කාලය තුළ ඇමෙරිකාවේ පමණක් මිලියන 15ක පිරිසක් ෆේස්බුක් ගිණුම් අත්හිටුවා ඇති බවට වාර්තා වනවා. යුරෝපයේ ෆේස්බුක් භාවිතා කරන්නන් මිලියනයක පමණ පිරිසක්[…]

Read More »

අල්ලස්ගත් CID නිලධාරියා 22 දක්වා රිමාන්ඩ්

රුපියල් අසූ දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන්වරයා ලබන 22 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. අල්ලස් කොමිසම විසින් ඊයේ (07) අත්අඩංගුවට ගත් අදාළ සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියට පමුණුවනු ලැබුවා. අල්ලස් කොමිසම[…]

Read More »

Update : ‘ඉවසුවා ඇති’ ජන රැළි මාලාවේ පළමු ජන රැළිය මහනුවරදී

‘ඉවසුවා ඇති’ ජන රැළි මාලාවේ පළමු ජන රැළිය මේ වන විට මහනුවර පොදු වෙළෙඳ සල ඉදිරිපිටදී පැවැත්වෙනවා. ඒ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍ර‍ධානත්වයෙනි. මෙම රැළියට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයෝ එක්ව සිටිනවා. update time – 6.35pm ————————————————————————————————————————————– ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළියක් අද[…]

Read More »

හිටපු DIG නාලක ද සිල්වාගේ ඇප අයැදුම ප්‍රතික්ෂේප වෙයි

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට ඇප ඉල්ලමින් ඉදිරිපත් කර තිබු පෙත්සම විභාගයට නොගෙනම කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් අද (08) ප්‍රතික්ෂේප කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනයට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නාලක ද සිල්වා මහාතා අත්අඩංගුවට ගෙන[…]

Read More »

කාන්තාවන්ටම වෙන්වූ දුම්රිය මැදිරි සේවාව අද සිට

කාන්තාවන්ටම වෙන්වූ දුම්රිය මැදිරි සේවාව අද සිට ආරම්භ විය. ලෝක කාන්තා දින සැමරුමට සමගාමීව එහි ජාතික උත්සවය අද උදෑසන ‍පැවැත්වුණේ වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී වේ. ඒ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි. ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද මේ අවස්ථාවට එක් වූහ. කාර්යාලීය වේලාවන්හිදී[…]

Read More »

බොරැල්ල රථවාහන අංශයේ OIC තවදුරටත් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ

පසුගිය පෙබරවාරි මස 24 වන දා රිය අනතුරකට ලක් වූ බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ආන්නද සාගර සරච්චන්ද්‍ර මහතා තවදුරටත් බරපතළ තත්ත්වයේ පසුවන බව කොළඹ ජාතික රෝහල පවසනවා. ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර අදට දින 13ක් ගතව ඇති අතර, ස්ථානාධිපතිවරයා ශල්‍යකර්ම කිහිපයකට භාජනය කර ඇතත් ඔහු තවදුරටත් සිහිමුර්ජා[…]

Read More »

ලලිත් – අනූෂ දෙදෙනාගේ අභියාචන විභාගය ජුලි 10

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශය නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරු ඉදිරිපත් කළ අභියාචනා ජුලි මස 10 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කළා. මෙම අභියාචනා පෙත්සම් අද(08) අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිනි දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පුලි යන මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු[…]

Read More »

කාන්තා දිනය වෙනුවෙන් ප්‍රථම වරට කාන්තා ගුවන් කාර්ය මණ්ඩලයක් ගුවන් ගමනක

අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කාන්තාවන් පමණක් සහභාගි වී සිටින ගුවන් යානා කාර්යය මණ්ඩලයකින් සමන්විත ගුවන් ගමනක් ලාංකීය ගුවන් ගමන් ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් සිංගප්පූරුව බලා පිටත් ගොස් තිබෙනවා. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසුවේ මෙම යානයේ ප්‍රධාන නියමුවා මෙන්ම ,[…]

Read More »

පළාත් පාලන නියෝජිතවරියන් ගෙන් 67% ක් ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා සූදානම්

පසුගිය වසරේ මාර්තු 8 වනදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් ජයගත් කාන්තාවන්ගෙන් 67% ක්ම ඉදිරි පළාත් සභා මැතිවරණ සඳහා තරඟ කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය පවසයි. එහි අධ්‍යක්ෂිකා සුරංගී ආරියවංශ මහත්මිය මේ බව සදහන් කලේ පළාත් පාලන නියෝජිතවරියන්ගේ ගැටළු හඳුනා ගැනීම සඳහා පැවති වැඩමුලුවක්[…]

Read More »