ජනපති, අගමැති හා විපක්ෂනායකගේ විශේෂ සාකච්ඡාවක් හෙට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි. රටේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුලු පක්ෂ නායකයින් ද මෙම රැස්වීමට සහභාගි වීමට නියමිත බව ආරංචි[…]

Read More »

යාන්ත්‍රික කියත් ලියාපදිංචිය හෙටින් අවසන්

යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීම සඳහා ලබාදී තිබූ කාලය හෙටින් අවසන් වන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි. රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනිකව හෝ පුද්ගලිකවම භාවිත කරන සියළුම යාන්ත්‍රික කියත් ලඟම ඇති පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර අද(27) සහ හෙට(28) යන දෙදින තුළ ලියාපදිංචි බලපත්‍රයක් ලබාගත යුතු බව සඳහන් කරයි.[…]

Read More »

මම කළ චෝදනා විභාග කිරීමේ හැකියාවක් එජාපයට නැහැ – රන්ජන්

කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට තමන් කළ චෝදනා විභාග කිරීමේ හැකියාවක් එක්සත් ජාතික පක්ෂය විසින් පත්කළ කමිටුවට නොමැති බවත් ඒ සඳහා පහසුකම් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට බවත් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි. එම කමිටුවේ වාර්තාව පිළිගන්නේද යන්න පිළිබඳව අද කළ[…]

Read More »

විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම මාර්තු 05වනදා

2019 මුදල් වර්ෂය සඳහා වන අයවැය යෝජනා ඇතුළත් අයවැය දෙවන වර කියවීම ලබන මාර්තු මස 05 වනදා පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතව ඇත. අයවැය විවාදයට අදාළ වැඩසටහන පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමට කරුණු ඉදිරිපත් කර ඇත. එහිදී අමාත්‍ය මණ්ඩලයේ අවධානය ඒ පිළිබඳ යොමු කෙරුණු බව[…]

Read More »

රන්ජන්ගේ කොකේන් ප්‍රකාශය පිලිබඳ විමර්ශනය කළ කමිටුවේ වාර්තාව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන කළ කමිටුවේ වාර්තාව අද රැස්වූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත. කමිටු සභාපති අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් අදාළ වාර්තාව භාර දුන් බව රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල ප්‍රකාශ කළේය. පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල්[…]

Read More »

නාලක ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාරයට – ඉන්දීය ජාතිකයා නිදහස්

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. එමෙන්ම ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඉන්දියානු ජාතික සැකකරු නිදොස් කොට නිදහස් කර ඇති බවද වාර්තා වේ.

Read More »

පකිස්ථාන හමුදාව එල්ල කළ ප්‍රහාර වලින් ඉන්දීය ප්‍රහාරක යානා 2ක් බිමට (Photos)

පකිස්ථාන හමුදාව එල්ල කළ ප්‍රහාර වලින් ඉන්දීය ප්‍රහාරක යානා 2ක් බිම හෙලු බව පකිස්ථානය සඳහන් කරයි. පකිස්ථාන ගුවන් සිමාවේ දී මෙම ඉන්දීය ගුවන් යානා දෙකට ප්‍රහාර එල්ල කළ බව පකිස්ථාන ආරක්ෂක අංශ පවසන්නේ එක් යානයක් පකිස්ථාන දේශසීමාවට කඩා වැටුණු බවත් එහි සිටි නියමුවා අත්අඩංගුවට ගත් බවය. කෙසේ වෙතත් තම ගුවන්[…]

Read More »

ඩුබායිහි රක්ෂිත බන්ධනාගාරගතව සිටින මධුෂ් ඇතුළු පිරිස හෙට යළි අධිකරණයට

ඩුබායිහි රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස හෙට යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. එම පිරිස අතර සිටින ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා මේ බව සඳහන් කළ අතර ඔහු සඳහන් කළේ අදාළ සැකකරුවන්[…]

Read More »

පාගමනක් හේතුවෙන් කොළඹ පුරහල ප්‍රදේශය අවට දැඩි රථවාහන තද බදයක්

විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ පුරහල ප්‍රදේශය අතර දැඩි රථවාහන තද බදයක් හටගෙන ඇත. එම හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාදා අතිවී ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන මෙන් පොලීසිය ජනතාවගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Read More »

අපේ පක්ෂේ කතා කරන්න පුළුවන් නායකයින් කොච්ච්චර හිටියත් වැඩක් කරන්න පුළුවන් නායකයින් අඩුයි

එක්සත් ජාතික පක්ෂය තුළ කතා කිරීමට හැකි නායකයින් කෙතරම් සිටියද වැඩක් කිරීමට හැකි නායකයින් සිටින්නේ අල්පයක් බව එම පක්ෂයේ උප නායක අමාත්‍ය රවි කරුණානායක මහතා සඳහන් කරයි. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර රට හැදිය හැකි කාලය උදාවී ඇති බවත් සෑම දේශාපාලන පක්ෂයක්ම පසුගිය වසර 71[…]

Read More »

හොඳම පුත්‍රයෙක්ට වසර දෙකක ක්‍රිකට් තහනමක් වැටීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කනගාටුදායක දිනයක්

ශ්‍රී ලංකාවේ හොඳම පුත්‍රයෙක්ට වසර දෙකක ක්‍රිකට් තහනමක් වැටීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කනගාටුදායක දිනයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මහේල ජයවර්ධන සඳහන් කරයි. සනත් ජයසූරියට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පැනවූ වසර දෙකක ක්‍රිකට් තහනම පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළ අතර ශ්‍රී ලංකාවේ[…]

Read More »