මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමේ යහපත් තත්ත්වයක් මෙම වසර මැද භාගය වන විට අත්විඳීමට හැක – ජනපති

මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමේ රජයේ ක්‍රියාන්විතයේ වඩා යහපත් තත්ත්වයක් මෙම වසර මැද භාගය වන විට රටටත් ජනතාවටත් අත්විඳීමට හැකිවනු ඇති බව ජනාධිපතිවරයා සඳහන් කරයි. මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය වෙනුවෙන් රජය ආරම්භ කර තිඛෙන පුළුල් සහ ශක්තිමත් වැඩපිළිවෙළ ඊට හේතු වී ඇති බව ජනාධිපතිවරයා කියා සිටියි. අද (21) පෙරවරුවේ හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ[…]

Read More »

සුමන්තිරන්ට ඇමති ධූරයක් ලබාගෙන ආණ්ඩුවට එක්වන ලෙස පාඨලීගෙන් ආරාධනාවක්

යාපනයේ සංවර්ධනය වෙනුවෙන් ඇමති ධූර ලබාගෙන ආණ්ඩුවට එක්වන ලෙස සුමන්තිරන් මන්ත‍්‍රීතුමා ඇතුළු කණ්ඩායමට ආරාධනා කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතා පවසයි. මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කළේ යාපනයේ ඉදිවන දුරගමන් සේවා බස්නැවතුම සහ පොදු බස් නැවතුම නිරීක්‍ෂණය කිරීමෙන්[…]

Read More »

Update – අන්තරේ පාගමනට කඳුළු ගෑස් ප්‍රහාරයක්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පැවැත්වූ විරෝධතාවයට මිට සුළු මොහොතකට පෙර පොලිස් කැරලි මර්ධන ඒකකය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත. —————————————————————————————————————————– ගාලුමුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වැසේ අන්තරේ පාගමනක් හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා ඇති බවට වාර්තා වෙයි. මෙම විරෝධතාව හේතුවෙන් ටෙක්නිකල් හංදිය සහ මරදාන[…]

Read More »

දින නියමයක් නොමැතිව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය වැසේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය දින නියමයක් නොමැතිව වසා දමා ඇත. දෙවන වසර සිසුන් පිරිසක් විසින් පළමු වසර සිසුන් පිරිසකට නවකවදය ලබාදීමේ සිද්ධීන් කිහිපයක් මුල් කරගෙන පරිපාලනය විසින් අදාළ පීඨය වසා දැමීමට පියවර ගෙන ඇති අතර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කලේ කළමනාකරණ පීඨය විවෘත කරන දිනය ඉදිරියේදී සිසුන්ට[…]

Read More »

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තා පාර්ලිමේන්තුවට

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. ආන්දෝලනයට තුඩුදුන් මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් මෙතෙක් ලැබී නොමැති බව අද පාර්ලිමේන්තුව ආරම්භයේදීම කථානායකවරයා නිවේදනය කළේ ය.

Read More »

ඥානසාර හිමිගේ සුවදුක් විමසීමට රවී, මනෝ හා අසාද් සාලි වැලිකඩට යයි

සිරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සුවදුක් විමසීම සඳහා විදුලිබල අමාත්‍ය රවී කරුණානායක, ජාතික සංහිදියා අමාත්‍ය මනෝ ගනේෂන් සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් අද (21) වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත පැමිණයහ. එම අවස්ථාවේදී “නොකළ වැරදි චෝදනා පත්‍රයට ඇතුලත්කර ඒවා අධිකරණය[…]

Read More »

විග්නේශ්වරන්ට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ලබන මැයි මස 23 කැඳවීමට නියෝග

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් උතුර පළාත් හිටපු මහා ඇමති සී.වී. විග්නේශ්වරන්ට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ලබන මැයි මස 23 සහ 31 වනදා කැඳවීමට අභියාචනාධිකරණය අද නියෝග කර ඇති බව සඳහන් වෙයි. එම නියෝගය ලබා දී ඇත්තේ පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන හමුවේ කැඳවූ අවස්ථාවේදි වන අතර . එහිදී විනිසුරුවරයා[…]

Read More »

කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර අද පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකානු කණ්ඩායම විසින් ජයග්‍රහණය කර තිබෙනවා. දකුණු අප්‍රිකානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. අද තරගයට සහභාගි වන කණ්ඩායම් දෙක පහතින්….. South Africa: Dean Elgar, Aiden Markram, Hashim Amla, Faf du[…]

Read More »

මහේල සංගා ක්‍රීඩා ඇමති හමුවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් වන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. මෙම හමුවේදි ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව පිළිබඳව සංගා, මහේල හා හිටපු නායක අරවින්ද ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කරන බවයි. එම යෝජනා කුමන[…]

Read More »

රන්ජන්ගේ කොකේන් කතාවට පත් කළ සිව් පුද්ගල කමිටුව හෙට රැස්වෙයි

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන කැබිනට් අමාත්‍යවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා පත් කළ සිව් පුද්ගල කමිටුව හෙට (22) දින රැස්වීමට නියමිත බව වාර්තා වෙයි. හෙට උදෑසන 9.30ට පාර්ලිමේන්තුවේ කමිටු කාමර 7 දී මෙම කමිටුව රැස්වීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරණ අතර[…]

Read More »

වේග සීමා උල්ලංඝණය කළොත් බලපත්‍රය අහෝසියි – බස්වල

වේග සීමා උල්ලංඝණය කරමින් ධාවනය වන බස් රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. අධික වේගය හේතුවෙන් සිදු වන අනතුරු අවම කිරීම එම වැඩපිළිවෙළේ අරමුණ බවයි එම කොමිෂන් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි මහතා ප්‍රකාශ කළේ. අපරික්ෂාකාරීව අධික වේගයෙන් ධාවනය වන බස් රථ සම්බන්ධයෙන් වන පැමිණිලි[…]

Read More »