රන්ජන් රාමනායක සිදුකළ ප‍්‍රකාශය සත්‍යයක් – සුසිල් පේ‍්‍රමජයන්ත

ඇතැම් කැබිනට් ඇමැතිවරුන් රට වෙනුවෙන් ගනු ලබන තීන්දු තීරණ දෙස බැලීමේදි කැබිනට් අමාත්‍යවරුන් කොකේන් භාවිතා කරන බවට රන්ජන් රාමනායක මහතා සිදුකළ ප‍්‍රකාශය සත්‍යයක් බවට හැගෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා ප්‍රකාශ කරයි. රටේත් ජනතාවගේත් අනාගතය වෙනුවෙන් තීන්දු තීරණ ගන්නවා වෙනුවට ඇතැම් ඇමතිවරුන්ගේ සුබ සිදධිය වෙනුවෙන් පමණක් තීන්දු තීරණ ගන්නා[…]

Read More »

කෝකේන් ගහන ආණ්ඩුවක් එක්ක කොහොමද කොකේන් නැති කරන්නේ – විපක්ෂනායක

කොකේන් භාවිතා කරන ආණ්ඩුවක් සමඟ කොකේන් නැති කළ නොහැකි බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කර සිටියේ අද (19) තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී මාධ්‍යට අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීවේය. ඒ මහතා ප්‍රකාශ කර සිටියේ කොකේන් භාවිතා කරන අය කැබිනට්[…]

Read More »

මධුෂ්ගේ සමීපතමයෙකු කෝටි 700ක මැණික් හා දියමන්තියක් සොරා ගත් සිද්ධියට අත්අඩංගුවට

රුපියල් කෝටි 700 ක වටිනාකමකින් යුත් මැණික් සහ දියමන්තියක් පන්නිපිටිය ප්‍රදේශයේදී කොල්ලකෑමේ සිද්ධියට අදාළව පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වන කසුන් ධනංජය හෙවත් ”වෙඩිකන්දේ කසුන්” පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු කිරිබත්ගොඩ වෙඩිකන්ද ප්‍රදේශයේදී අද උදෑසන මිරිහාන විශේෂ අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුගිය වසරේ නොවැම්බර් 5[…]

Read More »

ප්‍රශ්වාසයෙන් පිළිකාව හඳුනගන්න පුළුවන්ලු

ඕනෑම කාරණාවක් පිළිබඳව කල් තියා දැන ගන්නට බොහෝ දෙනා තුළ ඇත්තේ දැඩි උනන්දුවකි. රෝගාබාධ සම්බන්ධව කල්තියා දැන ගන්නට දක්වන උනන්දුව මේ අතරින් වඩා වැඩියෙන් අහන්නට දකින්නට ලැබෙයි. වෛද්‍යවරුන්ගේ මෙන්ම පර්​ෙ ය්ෂකයන්ගේ ද නිරන්තර උනන්දුව වන්නේ එබඳු ඉඟි, එබඳු ක්‍රමවේද වැඩිවැඩියෙන් හඳුන්වා දෙන්නටය. නොඑසේව නූතන විද්‍යාවේ දියුණුව උපයෝගි කර ගනිමින් හැකිතාක්[…]

Read More »

ලංකා ඉතිහාසයේ විස්මිත ටෙන්ඩර් ගනුදෙනුව ගැන බන්දුල කියයි

කෙරවලපිටිය ඉදිකිරීමට ‌‌‌යෝජිත එල්.එන්.ජී. බලාගාරය චීන සමාගමට පැවැරීමේ ටෙන්ඩරය ශ්‍රී ලංකා ඉතිහාසයේ විස්මිත ටෙන්ඩර් ගනුදෙනුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. අද (19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටි අතර විදුලිබල පනතේ 43 වන වගන්තිය උල්ලංඝණය කරමින් ටෙන්ඩර් කැදවීමකින් තොරව[…]

Read More »

කවුද මේවා ලීක් කරන්නේ

”හමුදාව යුද අපරාධ ස්ත්‍රී දූෂණ කළ බවත් හා ඔවුන්ට විරුද්ධව පියවර ගතයුතු බවත් මහින්ද මහත්තයා දෙමළ මාධ්‍යවේදීන්ට කිව්වා. අනික අතුරුදන් වූවන් ගැන හොයන සත්‍ය හා සංහිඳියා කොමිසමට අදාළ කැබිනට් පත්‍රිකාව හා තවත් පත්‍රිකා 12 ක් අඟහරුවාදා කැබිනට් එකේදී කල් තියලා තියනවා. ඒ කොමිසමට අදාළ පත්‍රිකාව විතරක් කල්දැම්මා කියලා ප්‍රවෘත්තියක් ප්‍රචාරය[…]

Read More »

සුපිරි සඳ දැකබලා ගැනීමේ අවස්ථාව අද

අද දින මෙරට ජනතාවට සුපිරි සඳක් දැකබලා ගැනීමේ අවස්ථාව හිමිවන බව තාරකා විද්‍යාඥයෝ පවසති. කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සන්ධාන කළේ අද දිනයේ සඳ වෙනත් දිනවලට සාපේක්ෂව 6% ක් විශාලත්වයෙන් හා 14% ක් දීප්තියෙන් දිස්වන බවය. එසේම අද රාත්‍රී 09.23ට දැක ගත හැකි බව ද මහාචාර්ය[…]

Read More »

Facebook එකෙන් පොලිසියට අපහස කළ තරුණයෙකුට වැඩ වැරදි

පොලීසියට අපහාස වන අයුරින් ෆේස්බුක් සාමජ ජාලය හරහා ප්‍රකාශ පළ කළ තරුණයෙකු පිටිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වන නාරන්ඕවිට පොරවගම ප්‍රදේශයේදී වන අතර ඔහුගේ වයස අවුරුදු 22ක් බව සඳහන් වෙයි. අත්අඩංගුවට ගත පුද්ගලයා ව්‍යාජ ගිණුමක් භාවිත කරමින් පිටිගල පොලීසියට මෙන්ම සමස්ත ශ්‍රී ලංකා පොලීසියටම අපහාස[…]

Read More »

කොකේන් සමඟ මත්ද්‍රව්‍ය භාවිතා කරන මන්ත්‍රීවරුන් 24කගේ තොරතුරු කථානායකට හා CID යට භාරදුන්නා – රන්ජන්

කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන ඇමතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 24 දෙනෙකුගේ තොරතුරු තමන් කතානායකවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඊයේ(18) ප්‍රකාශ කළේය. කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ද කොකේන් ආදී මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්[…]

Read More »

ක්‍රීඩකයෝ ක්‍රීඩකයෝ එකට ඉන්න, කවදාවත් තනිවෙන්න එපා

දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු ටෙස්ට් තරගයෙන් පරාජය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම විවේකාගාරය තුළ දී කතාබහට ලක් කළ සාකච්ඡාව පිළිබද ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා. මේ පිළිබදව හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා දැක්වූ අදහස් පහතින්…. ගොසිප් මාධ්‍යයෙන් ක්‍රීඩකයන් ඉතාමත් ඉක්මනට විනාශ කරලා දාන්න පුළුවන්. මං දැක්කා අපේ[…]

Read More »

උප්පැන්න සහතික අලුත් කිරීමට රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සැරසෙයි

ජාත්‍යන්තර ප්‍රමිතියට යටත්ව භාෂා ත‍්‍රිත්වයම ඇතුළත් වන පරිදි උප්පැන්න සහතික නිකුත් කිරීමට රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වේ. එම කටයුතු ලබන අප්‍රේල් මාසය තුළ ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බව රෙජිස්ට‍්‍රාර් ජනරාල් චතුර විතාන මහතා ප්‍රකාශ කළ අතර නිකුත් කීරිමට නියමිත නව උප්පැන්න සහතිකය විශේෂ ආරක්ෂිත ක්‍රමවේදයන්ට[…]

Read More »