මදුෂ්ගේ ගෝලයා ‘ජංඟා’ගේ නිවසින් හමුදා නිල ඇඳුම් හා පතොරම් තොගයක් හමුවෙයි

පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින සැකකරුවෙකුගේ නිවසකින් උණ්ඩ තොගයක් සහ යුද හමුදා නිල ඇඳුම් තොගයක් පොලිසිය විසින් සොයාගෙන ගෙන ඇති බව වාර්තා වෙයි. අදාළ පිරිස අතර සිටින මධූෂ්ගේ ගෝලයෙකු වන තුඹේ හේවාදුරගේ අනුෂ්ක කවිශාල් නොහොත් ‘ජංඟා’ නමැත්තාගේ මාතර, ගන්දර පිහිටි නිවස පරීක්ෂා කිරීමේදීයි[…]

Read More »

ටෙන්ඩර් කැදවීම සහ විවෘත කිරීමේදී විනිවිදභාවය අතිශයින් වැදගත් – රවී

ටෙන්ඩර් පටිපාටි ක්‍රියාත්මක කිරීමේදී වඩාත් විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීම තුළින් විශ්වසනීයත්වය ආරක්ෂා කරගනිමින් ලාභදායි ආකාරයෙන් ආයතන ව්‍යුහය පවත්වාගෙන යාහැකි බවත්, එබැවින් ඉදිරියේදී සිදුකරන ටෙන්ඩර් කැඳවීමේදී සහ විවෘත කිරීමේදී පූර්ණ විනිවිදභාවයකින් යුතුව කටයුතු කළයුතු බවත්, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දෙන ලදී. අමාත්‍යවරයා විසින්[…]

Read More »

ඥානසාර හිමියන්ගේ මාස 6 ක සිර දඬුවම අත්හිටුවයි

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදුන් මාස 6 ක බරපතල වැඩ සහිත සිර දඬුවම අත්හිටුවිමට කටයුතු කර ඇත. ඒ සන්ධ්‍යා එක්නැලිගොඩට බැන, තර්ජනය කිරීම සම්බන්ධයෙන් නියම වූ සිර දඬුවම එරෙහිව ඉදිරිපත් කර තිබූ අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. එම අභියාචනයේ තීන්දුව මීට සුළු වේලාවකට පෙර හෝමාගම මහාධිකරණ[…]

Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණය නීතිපති උපදෙස් ලැබුණු වහාම පෙබරවාරි 21 දින පවත්වනවා – හරීන්

2019 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණය සම්බන්ධව ඉදිරිපත් වූ විරෝධතා පරීක්ෂාකර විමර්ශණය කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධව අභියාචනා කමිටුවේ නිර්දේශ සහිත වාර්ථාව ඊයේ (06) දින ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා වෙත නිළ වශයෙන් භාර දී ඇත. අද (07) දින එම නිර්දේශ සහිත කමිටු වාර්තාව නීත්‍යානුකූලව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නීති උපදෙස් පතා[…]

Read More »

දෙදින නිල සංචාරයක් සඳහා මහින්ද හෙට ඉන්දියාවට

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෙට (09) දින දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිත බව වාර්තා වෙයි. හින්දු පුවත් පත මඟින් හෙට සහ අනිද්දා දිනයන්හිදී ඉන්දියාවේ බංගලෝර්හි දී පැවැත් වීමට නියමිත සමුළුවක් සඳහා මහින්ද රාජපක්ෂ මහතා මෙම සංචාරයට එක් වන අතර මෙම සමුළුවේ සමාරම්භක දේශනය පැවැත් වීම[…]

Read More »

පොදු ජන පෙරමුණ මිලියන 21ක් ඉතුරු කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2018 වර්ෂයට අදාළ ලැබීම් හා ගෙවීම් ඇතුළත් ගිණුම් ප්‍රකාශනය මැතිවරණ කොමිෂන් සභාවට ලබාදුන් බව එම පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. 2018 වර්ෂයට අදාළ ගිණුම් වාර්තාව මැතිවරණ කොමිසමට ලබාදුන් පළමු පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවද ඒ මහතා සඳහන් කරන අතර පළාත් පාලන[…]

Read More »

2025 වන විට ණය බරින් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම රජයේ අරමුණයි – දයා ගමගේ

2025 වසර වන විට ණය බරින් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම රජයේ අරමුණ වී ඇතැයි සමාජ සවිබලගැන්වීම් හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා සඳහන් කරයි. හලාවත ප්‍රදේශයේ ඊයේ(07) පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළ අතර පසුගිය කාලයේ දින 52 ක කාලයක් මුළු රටම අකර්මන්‍ය වු බවත්, ඒ[…]

Read More »

පෑලියගොඩ හා අවට මාර්ග කිහිපයක රථ වාහන තදබදයක්

කොළඹ වරායෙන් කන්ටේනර් විශාල සංඛ්‍යාවක් එකවර පිටව යාමත් සමඟ පෑලියගොඩ සහ ඒ අවට මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ. 4 කණුව, පෑලියගොඩ, අලූත් පාලම, ඉඟුරුකඬේ හන්දිය සහ සුගතදාස ක්‍රීඩාංගණය අවට මාර්ගවල මේ වන විට දැඩි රථ වාහන තදබදයක් පවතින බව පොලීසිය සඳහන් කරයි.

Read More »

ඥානසාර හිමියන් ගොනුකළ අභියාචනයේ තීන්දුව අද

සිරදඬුවම් නියමව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනුකළ අභියාචනයේ තීන්දුව අද පස්වරුවේ හෝමාගම මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මේ වන විට එම නඩුවට සහභාගිවීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ පරිශ්‍රය වෙත රැගෙන විත් ඇති අතර මෙම අවස්ථාවට එම හිමියන්ගේ මෑණියන් ද සහභාගි[…]

Read More »

ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සේවාවල දූෂණ සේවීමට පත් කළ ජනාධිපති කොමිෂමේ නිල කාලය දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සේවාවල හා ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ දූෂණ හා අක්‍රමිකතා සේවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිල කාලය මැයි 30 වන දා දක්වා දීර්ඝ කර ඇති බව වාර්තා වෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කර ඇති අතර මෙම[…]

Read More »

BPL අවසන් මහා තරඟය අද – තිසර සහ තරංගත් කණ්ඩායම් දෙකේ

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලැබූ කණ්ඩායම් වන්නේ Comilla Victorians සහ Dhaka Dynamites යන කණ්ඩායමයි. Comilla Victorians කණ්ඩායම නියෝජනය කරමින් තුන් ඉරියව් ශ්‍රී ලංකා ක්‍රීඩක තිසර පෙරේරා ක්‍රීඩා කරනු ලබනවා. Dhaka Dynamites කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩක[…]

Read More »