වාණිජ වගා ළිංවලට ආණ්ඩුවෙන් ජල මීටර්

වාණිජමය කෘෂිකර්මාන්ත කටයුතු සහ කර්මාන්ත අවශ්‍යතා සඳහා ඉදිකරනු ලබන හා ඉදිකළ ළිං හා වගා ළිං දෛනිකව ලබා ගන්නා ජල ප්‍රමාණය නඩත්තු කිරීම සඳහා ජල මනු හෙවත් ජල මීටර් (Flow meter) සවි කිරීමට වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත. ඊට අදාළ නීති ඇතුළත් 1964 අංක 29 දරන ජල[…]

Read More »

මාලදිවයිනේ ජනපති දිවයිනට

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 71 වන ජාතික නිදහස් දින උත්සවයට සහභාගී වීම සඳහා මාලදිවයිනේ ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් ඇතුළු දූත පිරිස අද (03) දින දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණියේය. මාලදිවයිනේ ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් ඇතුළු ධූත පිරිස එළඹෙන 05 වැනිදා ශ්‍රී ලංකා සංචාරය නිමා කර ආපසු පිටත්ව යෑමට නියමිත බව ආරංචි[…]

Read More »

සිලෝන් ටී ප්‍රවර්ධනයට දුන් ලක්ෂ 3284 හමස් පෙට්ටියට

තේ අලෙවිය ප්‍රවර්ධනය කිරීම සඳහා සිලෝන් තේ ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන යටතේ 2015 සිට 2018 වර්ෂය සඳහා රුපියල් ලක්ෂ 3284ක මුදලක් වෙන් කර ඇතත් ඉන් කිසිදු ප්‍රවර්ධනයක් සිදුව නොමැති බව වාර්තා වේ. 2015 නොවැම්බර් 6 වැනි දින ලංකා තේ මණ්ඩලය අදාළ කාර්යය සඳහා පෞද්ගලික සමාගමක් සමග ගිවිසුමකට එළඹ රුපියල් ලක්ෂ 1953ක[…]

Read More »

පුත්තලමේ දැරිය සොයා කලා වැවේ මෙහෙයුමක් – මෙහෙයුමට පොලිසියෙන් 200ක්

පුත්තලම කරුවලගස්වැව ප්‍රදේශයේදී පසුගිය දා අතුරුදන් වූ දැරිය සොයා පොලීසිය හා නාවික හමුදා කිමිඳුම්කරුවන් කලා ඔයේ ඕළුමඩුව ප්‍රදේශයේ මෙහෙයුමක් ආරම්භ කර ඇත. ඒම දැරිය අතුරුදන්වීම සම්බන්ධයෙන් ඇයගේ මව විසින් කරන ලද ප්‍රකාශයකට අනුව මෙලෙස මෙහෙයුමක් ආරම්භ කළ අතර කරුවලගස්වැව නිලබැම්ම ප්‍රදේශයේ පදිංචිව සිටි සිව් හැවිරිදි සෙනුරි තිසාරා අතුරුදන් වූයේ පසුගිය[…]

Read More »

ඉන්දියාව ඉතිරි තෙල් ටැංකි 85ත් තුට්ටු දෙකට ඉල්ලයි

කිසිදු ගිවිසුමක් අත්සන් නොකර ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි 14ක් ලංකා ඉන්දියන්තෙල් සමාගමට බදුදී ඇත්තේ එක් ටැංකියක් මසකට රුපියල් සියයට (100) ආසන්න මුදලකට බව හෙළිවේ. 2003 පෙබරවාරි 17 වැනි දින අත්සන් කළඅවබෝධතා ගිවිසුමට අනුව වසර 35ක කාලයක් සඳහා එහි වූ තෙල් ටැංකි 99න් 14ක්මෙසේ ලබාදී තිබේ. මාස හයක් ඉක්ම ගිය තැන[…]

Read More »

ලක්ෂ පන්දාහකට වැඩිය මාව වටිනවා – වෙල්ගම

ඕනෑම වේලාවක මම දැන් වටිනවා ලක්ෂ පන්දාහකට වැඩිය. ඇයි එතකොට මගේ කට වහන්න පුළුවන්නේ. අනෙක් මන්ත‍්‍රිවරු වටින්නේ ලක්ෂ දෙදහස් පන්සියක් නම් ලක්ෂ පන්දාහක් හරි දිලා මාව ගන්නවා. මන්ත‍්‍රිකම කියන්නේ බිස්නස් එකක් යැයි කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි කුමාර වෙල්ගම මහතා පැවසිය. මන්ත‍්‍රිවරයා මේ අදහස් පල කලේ ඌව පරණගම ශ‍්‍රි ලංකා පොදුජන[…]

Read More »

ත්‍රිවිධ හමුදාවේ 5848 ක් ජාතික දින සැමරුමට

හෙට (04) පැවැත්වෙන ජාතික දින සැමරුම් උළෙලෙහි ආචාර පෙළපාලිය සඳහා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් 5848 ක් යොදවා ඇති බව යුද හමුදාව සඳහන් කරයි. ඒ අනුව, ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් නිලධාරින් 3872 දෙනෙකු ආචාර පෙළපාලිය සදහා එක්වීමට නියමිතය. ගුවන් හමුදාව නියෝජනය කරන නිලධාරින් 932 දෙනෙකු එක්වන අතර, නාවික හමුදාව නියෝජනය[…]

Read More »

රෝහිතගේ වෙඩිමෙන් පක්ෂ ගැස්සේ

බ්‍රහස්පතින්දා අගමැති අරලියගහ මන්දිරයට ගිය අවස්ථාවේ රෝහිත රාජපක්ෂගේ විවාහයට අගමැතිවරයා ඇතුළු පිරිසක් සහභාගි වීම පිළිබඳ කතා බහක් ඇති විය. ‘‘ඔබතුමාගෙ අගමැතිකමයි අපේ ආණ්ඩුවයි මහදවල් කොල්ලකාපු රාජපක්ෂලාගෙ මඟුල්ගෙදර යෑම ගැන යූඇන්පී කාරයො විරුද්ධයි. අපරාදෙ රනිල් වෙනුවෙන් පත්තු කරපු රතිඤ්ඤා කියලත් සමහරු කියනවා” රංජන් රාමනායක බෝම්බයක් පත්තු කළේය. ”ඔයා තමයි ඒ මඟුල්[…]

Read More »

වර්ෂාමාන ගන්න ලැබුණු සල්ලි ‘කාලගුණයේ’ පුස්කයි

ස්වයංක්‍රීය වර්ෂාමාන සියයක් මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් ලක්ෂ 550 ක මුදලක් 2017 දෙසැම්බර් මස 21 වැනි දින ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වෙත ලබා දී ඇතත් එම මුදලින් මිලදී ගෙන ඇත්තේ වර්ෂාමාන 64 ක් පමණක් බව වාර්තා වේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් එම මුදල් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ඔස්සේ[…]

Read More »

බැංකුවක් හදන්න සල්ලි යොදවනවට වඩා ඒවා බැංකුවේ දාන එක ලාබයි

ධම්මික පෙරේරා මෙරට ප්‍රධාන පෙළේ ධනපති ව්‍යවසායකයකු ලෙස සැලකෙයි. ඔහු නොයෙක් ව්‍යාපාර සේම රටේ ආර්ථිකය පිළිබඳ නිරන්තර අධ්‍යයනයේ යෙදෙන ඒ පිළිබඳ නවීන දැනුමෙන් සපිරි ව්‍යවසායකයෙකි. මේ ලංකාවේ ප්‍රධාන පෙළේ ධනවත් ව්‍යාපාරිකයාගෙන් අරුණ වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවක් ඉල්ලූ විට ඔහු ඒ සඳහා වෙලාව දුන්නේ උදේ 6.00ටය. උදෑසන හයට පෙරාතුව ඔහු අමතන විට[…]

Read More »

2017 පොහොර ආනයනයේදී ලක්ෂ 5000 පාඩුවක්

රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශන ක්‍රියාවලියෙන් බැහැරව 2017 වර්ෂයේ පොහොර ආනයනය කිරීම නිසා රුපියල් ලක්ෂ (5190) වැඩිපුර ගෙවීමට සිදුව ඇති බව විගණනයේදී හෙළිවී ඇත. මේ අනුව යූරියා මෙට්‍රික් ටොන් 72,000ක් ආනයනය සඳහා ඩොලර් මිලියන 316,20ක් වැය කර ඇත. කෙසේ වෙතත් නියමිත ක්‍රමවේදයෙන් තොරව ආනයනය කිරීම නිසා මෙලෙස මුදලක් වැඩිපුර ගෙවීමට සිදුව ඇත.[…]

Read More »