January2019

ව්‍යාජ රු.5000 නෝට්ටු 16ක් සමඟ අයෙක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලය මොරවැව ප්‍රදේශයේදී රුපියල් පන්දහසේ ව්‍යාඡ මුදල් නෝට්ටු 16ක් සහ රුපියල් දහසේ නෝට්ටු 95ක් සමඟ සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52ක පුද්ගලයෙකු වන අතර මොරවැව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Read More »

කොන්දේසි කඩන වැලි කැණීම් බලපත්‍රලාභීන් සොයා මෙහෙයුම්

වැලි කැණීම් සඳහා නිකුත් කර ඇති බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය කරන බලපත්‍රලාභීන් සොයා අද සිට මෙහෙයුම් ආරම්භ කරන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව ලබාදී ඇති බලපත්‍රවල කොන්දේසි උල්ලංඝණය කර ඇති බලපත්‍රලාභීන්ගේ බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරන අතර[…]

Read More »

රේගු නිලධාරීන්ගේ වැඩ වර්ජනය තවදුරටත්

රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව රේගු නිලධාරීන් ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක බව මාණ්ඩලික රේගු නිලධාරී සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ කටුනායක ගුවන්තොටුපොළ, ගුවන් බඩු අංශය හා අපනයන අංශයේ සේවාවන් හැර සෙසු සියලු සේවාවන්ගෙන් මේ වනවිට සේවකයන් ඉවත්[…]

Read More »

සිංහල ජාතියේ සැබෑ සුමිතුරා සිංහයාද, මී ගවයාද?

සිංහල බසෙහි ඇති අපහාස වදන් අතුරින් ‘මී හරකා’ යන්න මුල් තැනක් ගනී. මිනිසුන් එසේ ‘මී හරකා’ යනුවෙන් හැඳින්වනුයේ යම් අමනෝඥ, අවිචාරවත් ක්‍රියා පදනම් කර ගනිමිනි. ඒ අනුව මෙම ‘මී හරකා’ යන වදන වර්තමානයේ පවත්නා දේශපාලන හැලපැප්පීම් අතරේ සමාජ කරළියේ නිතර රැව් පිළිරැව් දෙන වදනක් වී තිබේ. එහෙත්, එම උපහාස වදනින්[…]

Read More »

ඇමති හරින් මැතිව්ස් හා මාලිංගව හමුවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් සීමිත පන්දුවාර නායක ලසිත් මාලිංග හා ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක ඇන්ජලේ මැතිව්ස් හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් අද (30) පැවැත් වී ඇත. ට්විටර් පණිවිඩයක් මාර්ගයෙන් අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරිමට මෙම හමුව සිදුවූ බවයි.[…]

Read More »

රේගු නිළධාරින් වර්ජනයක

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව කොළඹ වරායේ රේගු නිළධාරින් මේ වනවිට සේවය වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාර්ල්ස් හදිසියේම එම තනතුරෙන් ඉවත් කර නව පත් කිරීමක් සිදුකර ඇති බවට රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති සඳහන් කළ අතර කොළඹ[…]

Read More »

රන්වල සංගීතය උගන්වන්න සල්ලි ගත්තේ නෑ

ජන සංගීතය නගාසිටුවීමේ පුරෝගාමී මෙහෙවරක නියැළුණ සංගීතවේදී ලයනල් රන්වලයන් වසර දහසයකට පෙර දිවියෙන් සමුගත්තේ ඩිංගිරි මැණිකේ අමරසිංහ සහ චිරන්ත, සහන් දෙපුතුන් දිවිමග තනි කරමිනි. ලයනල් රන්වල් මහතා හා එදා ගෙවූ දිවියේ මතක අවදි කරමින් ඔහුගේ බිරිඳ ඩිංගිරිමැණිකේ අමරසිංහ මහත්මිය මෙවර ලියගුණ වරුණට එක්වන්නීය. * අපේම ගෙයක් හදාගෙන පදිංචි වෙනකල් හිටියෙ[…]

Read More »

උගුලෙන් ගැලවෙන්න ගෝඨා එක්ක සාකච්ඡාවක්

පිට කෝට්ටේ පිහිටි වියත්මඟ ප්‍රධාන කාර්යාලයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කරන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් පසුගිය සඳුදා සංවිධානය කෙරිණි. පොහොට්ටුවේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න සමඟ සුදර්ශනී, ලාන්සා, ඩුලීප්, සිසිර සහ ඉන්දික ද පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් අතර[…]

Read More »

කින්නියා සිදුවීමේදී ගඟට පැන අතුරුදන් වූ අනික් තරුණයාගේ සිරුරත් හමුවෙයි

ත්‍රිකුණාමලය කින්නියා කන්දල්කාඩු ප්‍රදේශයේ වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ නාවික හමුදා මෙහෙයුම අතරතුර මහවැලි ගඟට පැන අතුරුදන්ව සිටි අනෙක් තරුණයාගේ මල සිරුර පොලීසිය විසින් සොයාගෙන ඇත. මරණකරු වයස අවුරුදු 20ක තරුණයෙකි. වැලි ජාවාරමේ යෙදී සිටි පුද්ගලයන් පිරිසක් ඊයේ අත්අඩංගුවට ගැනීමට යාමේදී තුන් දෙනෙකු ගඟට පැන පිහිනා පළායාමට උත්සහ කිරීමේදි දෙදෙනෙකු දියේ[…]

Read More »

අවිශ්ක ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තනතුරට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර කැන්බරා පිටියේ පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සඳහා පිතිකරණ පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන පත්කර තිබෙනවා. ඊට හේතුව ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වන ජෝන් ලුවිස් මහතා පුද්ගලික කාරණයක් හේතුවෙන් නිවාඩු ලබාගෙන ඇති බවයි. ඉදිරියේදී ආරම්භවීමට නියමිත[…]

Read More »

සේනා කන්නේ කෘෂි භෝග ආණ්ඩුව කන්නේ රට – ප්‍රසන්න

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංගගේ නිවසේ පසුගිය 19 වනදා පැවති පොහොට්ටුවේ මිනුවන්ගොඩ ආසන බලමණ්ඩලයේදී සේනා දළඹුවා මතු වී ආවේය. පවිත්‍රාගේ ප්‍රධානත්වයෙන් පැවතී රැස්වීමට සුදර්ශනී, ඉන්දික දුලීප්, ඇතුළු පිරිසක් සහභාගි වූහ. රටම ගොදුරු වී සිටින සේනා දළඹුවා පිළිබඳව පිරිස කතාවට වැටුණේය.‘ආණ්ඩුවට මේ සේනා දළඹු උවදුරේ හානිය ගැන කිසිම ගාණක් නැහැ.[…]

Read More »