ජෙෆ්රි ඇලෝසියස් රට යන්න අවසර ඉල්ලයි

විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පර්පචුවෙල් ට්‍රෙෂරීස්ස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතා විසින් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 05 වනදා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලීසියට නියම කර ඇත. අද(31) ඇලෝසියස් මහතා විසින් ඉදිරිපත් කළ මෝසමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා[…]

Read More »

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ලබාදී තිබූ කාලය දීර්ඝ කෙරේ

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉල්ලුම් කිරීමට ලබා දී තිබූ කාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් ලබන මස 08 වන දා දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ සඳහා දී තිබූ කාලය හෙටින් (30) අවසන් වීමට නියමිතව තිබූ බවයි එම කොමිසම සඳහන් කළේ. පසුගිය වර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන්[…]

Read More »

දළඹුවා නසන්න ජවිපෙන් පුළුල් මැදිහත්වීමක්

සේනා දළඹු උවදුර පැමිණි මොහොතේ සිට මේ දක්වා දළඹුවා මර්දනයටත් එයින් වැළකීමේ මඟ ගොවි ජනතාවට කියා දීමටත් පෙරමුණ ගත්තේ සමසත් ලංකා ගොවිජන සම්මේලනයයි. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න රට පුරා ගොවි දිස්ත‍්‍රික්කවලට යමින් ගොවි ජනතාව හමුවී ගැටලූ සාකච්ජා කරමින් එම ගැටලූ ආණ්ඩුවේ වගකිව යුතු පාර්ශවයන් සමඟ සාකච්ජා කිරීමේ අතරමැදියා බවට[…]

Read More »

සීෂෙල්ස් රාජ්‍යයේ උප ජනාධිපති අද ශ්‍රී ලංකාවට

සීෂෙල්ස් රාජ්‍යයේ උප ජනාධිපති වින්සන්ට් මෙරිටන් මහතා නිල සංචාරක් සඳහා අද (31) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ දෙදින නිල සංචාරයක් සදහායි. උප ජනාධිපතිවරයා සමඟ එරට අමාත්‍යවරුන් ඇතුළු දූත පිරිසක් ද ශ්‍රී ලංකා සංචාරයට එක්වීමට නියමිතව තිබෙනවා. සිය සංචාරය තුළදී සීෂෙල්ස් උප ජනාධිපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ[…]

Read More »

එජාපෙ සමඟි සන්ධාන ජාතික රජය පිහිටුවන යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරයාට

යහපාලනය සඳහා වු එක්සත් ජාතික පෙරමුණේ සමගි සන්ධාන ජාතික රජය පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත අද (31) භාර දී ඇත. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ හා යහපාලන ප්‍රතිපත්තිවලට එකඟ අනෙක් දේශපාලන පක්ෂ එකමුතුවෙන් නව සමගි සන්ධාන රජය පිහිටුවන බව පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යැවු ලිපියේ සඳහන්ව ඇත. පසු[…]

Read More »

මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වැඩබලන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කෙරේ

මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.ජී සුමනසිංහ මහතා වැඩබලන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කර තිබෙනවා. අද පෙරවරුවේ මෙම පත් කිරීම සිදුකළ බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව රේගුවේ සේවකයන් ඊයේ (30) පස්වරුවේ සිට වෘත්තීය[…]

Read More »

අගමැති රනිල්ට එරෙහි පෙත්සම් විභාගයෙන් විනිසුරුවරියක් ඉවත්වෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු අසුන අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ වැඩබලන සභාපති විනිසුරු දිපාලි විජේසුන්දර මහත්මිය ඉවත් ව තිබෙනවා. පෞද්ගලික හේතුවක් මත දිපාලි විජේසුන්දර මහත්මිය ඉවත්ව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. කොළඹ නාගරික මන්ත්‍රි ශර්මිලා ගෝනවල මහත්මිය වික්‍රමසිංහ මහතාට එරෙහිව මෙම පෙත්සම ගොනු කළේ, රාජ්‍ය ආයතනවලට සේවාවන් සපයා[…]

Read More »

මම ආයෙත් මේ වගෙ චරිතයක් රඟපාන්නෙ නැහැ

මේ දිනවල කතාබහට ලක්වෙමින් පවතින රාවණ ටෙලි නාට්‍යයේ සටන් ශූරිය මාලනී සමගයි අද අපේ කතාබහ සිදුවන්නේ. තිරයේ ඔබ දකින මාලනීගෙ පසුපස සිටින සැබෑ චරිතය කසුනි කාවින්දි. කසුනි ඔබ රංගනයට යොමු වෙන්නෙ කොහොමද ? මම මුලින්ම වේදිකාවට නගින්නෙ අවුරුදු දහයෙදි, ළමා නිළියක් විදිහට. ඒ මම රත්නපුර ෆර්ගියුසන් උසස් බාලකාවේ ශිෂ්‍යාවක් විදිහට[…]

Read More »

ගෝඨාගේ මුලික විරෝධතා සම්බන්ධ තීන්දුව පෙබ.11 වෙනිදා

ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ තමන්ට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීමට අධිකරණ බලයක් නොමැති බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 07 දෙනා ගොනු කළ මූලික විරෝධතාව සම්බන්ධයෙන් නියෝගය ලබන මස 11 වනදා ලබා දෙන බව අධිකරණය අද දැනුම් දී ඇත. හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ්[…]

Read More »

මාන්නප්පේරුමට රාජ්‍ය ඇමති ධුරයක්

පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අජිත් මාන්නප්පෙරුම මහතා මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය ඇමති ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී අද පෙරවරුවේ දිව්රුම් දී ඇත. ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වූවේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්ය.

Read More »

සුරංගගේ අවිනිශ්චිතභාවය ශ්‍රී ලංකාවට හිසරදයක් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ගේ ශාරීරක යෝග්‍යතාවයක් සම්බන්ධයෙන් ගැටළුවක් මතුව තිබෙනවා. මේ හේතුවෙන් සුරංග ලක්මාල්ට ඔස්ට්‍රේලියාව සමග කැන්බරා හි පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩාකිරීමට හැකිවෙයිද ? නොහැකිවෙයිද ? යන්න ගැටළු මතුව ඇති බවයි කණ්ඩායමේ නායක දිනේශ් චන්දිමාල් පවසන්නේ. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ[…]

Read More »
1 2 3