පළාත් සභා ඡන්ද විමසීම ජුනි මසට පෙර

පළාත් සභා ඡන්ද විමසීම ජුනි මසට පෙර පැවැත්වීමට කැබිනට් මණ්ඩලය තුළ එකඟතාවක් ඇතිව ඇති බවට වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් වන යෝජනාවක් අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ එකඟතාවය හිමි වී ඇති බවට වාර්තා වෙයි.

Read More »

පාසල්වල මුදල් එක්රැස් කිරීම පිළිබඳව නිකුත් කර තිබූ චක්‍රලේඛය අද සිට අහෝසියි

අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයකින් තොරව අවිධිමත් ලෙස මුදල් එක්රැස් කිරීමේ අවස්ථා පවතින බව අනාවරණ වීමත් සමඟ පාසල්වල මුදල් එක්රැස් කිරීම පිළිබඳව නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම අවලංගු කරන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් උපදෙස් ලබාදී ඇත. පාසල්වලට මුදල් එක්රැස් කිරීමේදී එම කටයුතු විධිමත් කිරීම අරමුණු කරගනිමින් 2018 වසරේ ජුනි මස 22[…]

Read More »

පුංචි නිලමේ යන්තම් බේරේ

පසුගිය සතියේ සුසන්ත පුංචි නිලමේට අත්විඳින්නට සිදුවූයේ ත්‍රාසජනක අත්දැකීමකි. සුසන්ත තම ආරක්ෂකයින්ද සමග අග්බෝපුර ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී හදිසියේ රියැදුරු රථය නතර කළේ එළුරෑනක් අතරින් මතුවූ කැත්තක් අතට ගත් පුද්ගලයකු වාහනය ඉදිරියට එන බව දැකය. එනපොට හොඳ නැති බව දැනගත් ආරක්ෂකයින් වහා වාහනයෙන් එළියට බැස මේ පුද්ගලයා අල්ලා ගත්තේය. තමන්ගේ[…]

Read More »

වාස් ගුණවර්ධන ඇතුළු 06 දෙනාගේ අභියාචනා විභාගය ලබන 06 වනදා

මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකු එම දඬුවමෙන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා ලබන මස 06 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇති බව සඳහන් වෙයි. අද(29) මෙම අභියාචනා පෙත්සම් සිසිරද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන ,විජිත් මළල්ගොඩ[…]

Read More »

වෙඩින් ඩිරෙක්ටර්ලාට ඇබෑර්තු ඇත!

‘‘ලංකාවේ හුඟක් ව්‍යාපාරිකයො කිසි දෙයක් අලුතින් කරන්න උත්සාහ කරන්නේ නෑ. යන රැලේම යනවා. එකෙක් ඉඳිකටු ෆැක්ටරියක් දැම්මොත් අනිකා තව එකක් දානවා. කවුරුවත් හිතන්නේ නෑ නූල් ෆැක්ටරියක් දාන්න.’’ මේ කලකට පෙර කවුරුන් හෝ විසින් අපට කියන ලද කතාවකි. මේ කතාව සියයට සියයක්ම ඇත්තක් නොවුණද මෙහි යම් සත්‍යයක්ද තිබේ. අලුතින් සිතා ව්‍යාපාර[…]

Read More »

පළාත් සභා මැතිවරණය නොතියනවානම් මැතිවරණ කොමසාරිස් ඉවත් විය යුතුයි – එස්.එම්.රංජිත්

පළාත් සභා මැතිවරණය නොතියන බවක් පෙනී යන්නේනම් මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ කොමිසමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස් .එම්. රංජිත් මහතා පවසයි. අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව පැවසු අතර වත්මන් ආණ්ඩුව කිසිසේත්ම මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවත් නොපෙනෙන බවද මන්ත්‍රීවරයා[…]

Read More »

මැතිවරණයක් පවත්වන්නේ එජාපයේ කැමැත්ත හා අවශ්‍යතාවය හැටියට පමණයි – නලින්

මැතිවරණ සම්බන්ධයෙන් මතපළකරමින් ඇතැමුන් ප්‍රශ්න නිර්මාණය කරමින් සිටින බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. කෑගල්ල ප්‍රදේශයේදී ඊයේ (28) මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළ අතර පාර්ලිමේන්තු මැතිවරණයක් පැත්විය හැක්කේ එක්සත් ජාතික පක්ෂයේ කැමැත්ත සහ අවශ්‍යතාවය මත පමණක් බව ඔහු පවසයි. පාර්ලිමේන්තු මැතිවරණය[…]

Read More »

සෞඛ්‍ය අමාත්‍යංශයේ අතුරු බිස්නස්

සෞඛ්‍ය ඇමැති රාජිතගේ මහජන දිනය පැවැත්වෙන්නේ බදාදා දිනවල සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇමැතිවරයාගේ කාර්යාලයේදීය. එදිනට විවිධ පළාත්වලින් තම දුක් ගැහැට කියන්නටත් ඇමැතිවරයාගෙන් රැකියා බලාපොරොත්තුවෙනුත් විශාල පිරිසක් පැමිණෙති. එසේ පැමිණෙන ජනතාවගේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියා ලබාදෙන බවට රවටා මුදල් ගරාගන්නා ජාවාරම්කල්ලියක සාමාජිකයින් දෙදෙනකු අල්ලා ගන්නට අමාත්‍යාංශයේ සේවකයන්ට හැකිවූයේ මේ ජාවාරම්කරුවන් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ලෙස[…]

Read More »

ජොන්ස්ටන් එක් නඩුවකින් නිදොස් කොට නිදහස්

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය වාර්ෂික වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ බවට චෝදනා එල්ල වී සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත. 2010 වසරේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම තුළින් අල්ලස් පනත යටතේ[…]

Read More »

මුසම්මිල් CIDයට

ප්‍රභු ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. සිද්ධියට අදාලව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් ද ඊයේ (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබුණේය. ජනාධිපතිවරයා සහ[…]

Read More »

පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ හා ගබඩා කළ 276කට නඩු

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලවි කළ සහ අලවිය සදහා ගබඩා කර තබා ගෙන සිටි පුත්තලම දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයින් 276 දෙනෙකුට එරෙහිව පසුගිය දෙසැම්බර් මාසයේදී පමණක් නඩු පැවරීමට කටයුතු කර ඇති බව පුත්තලම දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය සදහන් කරයි. උත්සව සමය නිමිත්තෙන් පුත්තලම දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්[…]

Read More »