කවුරු කොහොම කිව්වත් ජාතික ආණ්ඩුවක් හදන්න එකතු වෙන්නේ නෑ – චන්ද්‍රසේන

කවුරු කොහොම කිව්වත් තමන් ජාතික ආණ්ඩුවක් සැදිමට එක් නොවන බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.චන්ද්‍රසේන මහතා අද (27)දින අනුරාධපුරයේදි ප්‍රකාශ කරයි. අනුරාධපුර කුරුන්දන්කුලම පිහිටි ඒ මහතාගේ නිවසේදි පැවති මාධ්‍ය හමුවකදි මේ බව ප්‍රකාශ කළ අතර එම මාධ්‍ය හමුවේදි මාධ්‍යෙව්දින් අමතමින් එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසා සිටියේ ” එජාපය හා ශ්‍රී ලංකා නිදහස්[…]

Read More »

පළාත් කිහිපයකට අද පස්වරුවේ වැසි

මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල අද පස්වරුවේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක්ද බලාපොරොත්තු විය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා[…]

Read More »

තීන්දුවක් ගන්න යනකොට ඇමතිවරු බයේ වෙව්ලනවා – රවී

පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් ඊයේ (26) පෙරවරුවේ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමයේදී උන්වහන්සේ බැහැදැකිමට ගිය අවස්ථාවේ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කර සිටියේ “2008 වසරේ ඉදලා ලංවිම අලාභ ලබමින් සිටිනවා. වසර 3 යි ලාභ ලබලා තිබෙන්නේ. මෙම කාලසීමාව තුළ ඇමතිවරු කිහිප දෙනෙක්[…]

Read More »

මහරගම අපේක්ෂා රෝහලේ අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක්

මහරගම අපේක්ෂා රෝහලේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග කිහිපයක හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බව වාර්තා වේ. අපේක්ෂා රෝහලට ඖෂධ සපයනු ලබන්නේ රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් වන අතර ඖෂධ ලබාගැනීමේ පටිපාටියේ ගැටළුවක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබෙන බව රෝහලේ වැඩබලන අධ්‍යක්‍ෂ ප්‍රකාශ කරයි.

Read More »

වතු සේවකයින්ගේ හිඟ වැටුප් ගෙවන්න තේ මණ්ඩලයේන් කෝටි 10 ක්

වතු සේවකයින්ගේ මාස තුනක හිඟ වැටුප් දීමට ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මුදල්වලින් රුපියල් කෝටි 10 ක් ලබාදීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා තීරණය කර තිබේ. අමාත්‍ය නවින් දිසානායක මහතා වතු සමාගම් සහ වෘත්තීය සමිති සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර වතු කම්කරුවන්ගේ දිනයක මූලික වැටුප රුපියල්[…]

Read More »

ජනාධිපතිතුමා හදිසියේම රට ගියේ රෝහිතගේ මඟුල් ගෙදර මග හරින්නද?

බ්‍රහස්පතින්දා රෝහිතගේ විවාහයට යන්නට පෙර රනිල් අරලියගහ මන්දිරයට පැමිණි සිටි මැති ඇමැතිවරුන් සමග කෙටි වේලාවක් සාකච්ඡා කිරීමට කාලය වෙන් කළේය. ‘‘අපි ඉක්මනට කතාකරමු. අද වෙඩින් එකට යන්න තියෙනවනේ.’’ රනිල් පිරිසට කීවේය. ‘‘මඟුල් ගේ පාර්ලිමේන්තුවේ හැමෝටම කියලා නෑ වගේ. ටී.එන්.එකේ. කාටවත් කියලා නැතිලු. ජ.විපෙ.ටත් කියල නෑ කියලයි ආරංචිය. මෛත්‍රීගේ කණ්ඩායමෙත් කිහිප[…]

Read More »

අධ්‍යක්ෂ මණ්ඩල නැතිව සංස්ථාවල වැඩ කොටඋඩ

ඇතැම් රජයේ සංස්ථාවලට සභාපතිවරුන් පත් කර ඇතත් අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර නොමැති නිසා එම ආයතන බොහෝමයක් මාසයකට වැඩි කාලයක සිට අකර්මණ්‍ය වී ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රාජ්‍ය ආයතන සඳහා සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු හා ඔවුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් වූ චක්‍ර ලේඛයක් නිකුත් කිරීම නිසා[…]

Read More »

පොලිස් ඥාතියාගේ වියදම පියවන්න OICලාගෙන් සල්ලි ගරන වැඩක්

ඉහළ පොලිස් නිලධාරියකුගේ ඥාතියකුගේ අවමඟුලට ගිය වියදම පියවීම සඳහා ඔහුට හිතවත් පොලිස් නිලධාරීන් පොලිස් කොට්ඨාසවලින් මුදල් එකතු කිරීම පටන් ගෙන ඇති බව වාර්තා වේ. සබරගමුව සහ බස්නාහිර පළාතේ ඇතැම් පොලිස් කොට්ඨාසවලින් මෙම මුදල් එකතු කරන අතර එක පොලිස් කොට්ඨාසයකින් රුපියල් ලක්ෂය බැගින් එකතු කර ලබාදීමට සැලසුම් කර ඇත. ඒ අනුව[…]

Read More »

තාවකාලිකව බඩ ඉරිඟු වගාව නතර කරන ලෙස ගොවීන්ට උපදෙස්

යල කන්න සඳහා නැවත දැනුම් දෙනතුරු බඩ ඉරිඟු වගා නොකරන ලෙස කෘෂි කර්ම අධ්‍යක්ෂ ජනරාල් ඊයේ (26) දින ගොවීන්ට දැනුම් දි ඇත. බඩ ඉරිඟු වගාවේ ඉතා සීඝ්‍රයෙන් පැතිර යන “සේනා දළඹු” විශේෂය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වන අතර මේ වන විට බඩ ඉරිඟු වගාව හැරුණු විට ⁣බෝග[…]

Read More »

උතුරු මැද ‘‘සෞඛ්‍යයේ’’ ලක්ෂ 5099ක් මකර කටට

උතුරු මැද පළාත් සභාවට අයත් පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2017 වර්ෂය අවසාන වන විට ඉටු කළ යුතු කාර්යයන් 2018 වර්ෂය වන විටත් ඉටු කර නොතිබූ බව විගණනයේදී හෙළි වී ඇත. රුපියල් ලක්ෂ 5099කින් ව්‍යාපෘති 142ක් ක්‍රියාත්මක කළ යුතු වුවත් 2018 වර්ෂය වන විටත් ඒවා ඉටු කර නොමැත. පළාතේ නිශ්චිත සංවර්ධන[…]

Read More »

පාර්ලිමේන්තු ගැටුමේ අලාභය රුපියල් තුන් ලක්ෂ විසි පන්දහසයි

පාර්ලිමේන්තුව තුළ ඇති වූ ගැටුම්කාරි සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් 59 දෙනෙකුට ඒ සඳහා පත් කළ විමර්ශන කමිටුව විසින් චෝදනා එල්ල කර ඇත. 2018 වසරේ නොවැම්බර් මස 14,15 සහ 16 යන දිනවල පාර්ලිමේන්තුව තුල ඇති වූ අදාල ගැටුම්කාරි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වූ විමර්ශන කමිටුව මෙම මන්ත්‍රීවරුන්ට චෝදනා එල්ල කර ඇති බව වාර්තා[…]

Read More »