ජනපති මෛත්‍රී සිංගප්පූරු ජනපතිනිය හමුවෙයි

සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිංගප්පුරුවේ ඉස්තානා මන්දිරයේදී එරට ජනාධිපතිනි හලීමා යේකුබ් මහත්මිය හමුවුණා. ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පවතින ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමක් ලෙස ඉදිරියට ගෙන යාම පිළිබඳව මෙහිදී නායකයින්ගේ අවධානය යොමුව තිබෙනවා. දේශපාලන, සමාජ සහ ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව මේ වනවිට ඉදිරියට තබා ඇති වැදගත් පියවර[…]

Read More »

දිනය අවසානයේ ඕස්ට්‍රේලියානු පිල ලකුණු 72ක් පිටුපසින්

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගයේ ප්‍රථම දිනය සදහා තරගය අද අවසන් වුණා. දිනය නිමා වන විට පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි ඕස්ට්‍රේලියානුවන් කඩුළු දෙකක් දැවී ලකුණු 72ක් රැස්කර ගෙන සිටියා. නොදැවී පන්දුවට පහරදෙමින් සිටි Marcus Harris ලකුණු 40ක් ලබාගෙන සිටියා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිලේ සුරංග ලක්මාල් සහ[…]

Read More »

කිරලාගල නටඹුන් ස්ථූපය මත නැග ඡායාරූප ගත් සිසුන් 7දෙනා රිමාන්ඩ්

හොරොව්පොතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුළු වී නටඹුන් වී ඇති ස්ථූපයක කොටසක් මතට නැග ඡායාරූප ගෙන සමාජ ජාල වෙබ් අඩවිවලට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයින් 7දෙනා පෙබරවාරි 5 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගර ගත කර තිබෙනවා. මොවුන් අද (24) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රා අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී මහේස්ත්‍රා මාලින්ද හර්ෂණ[…]

Read More »

කෘතිම වැස්සට ගිවිසුමක්

වැසි රහිත කාලගුණික තත්ත්වයන් යටතේ ජල විදුලි නිෂ්පාදනයට බලපානු ලබන ගැටලු අවම කිරීම සඳහා කෘතිම වැසි ඇතිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මේ යටතේ වියලි කාලගුණයක් පවතින් අවස්ථා වලදී වළාකුළු උපයෝගී කරගනිමින් කෘතීම වැසි ඇති කිරීමට පියවර ගනු ලැබේ. තායිලන්ත රජයේ තාක්ෂණික ඥාණය[…]

Read More »

පලාලි ගුවන් තොටුලේ ධාවන පථය සංවර්ධනයට රු. බිලියන දෙකක්

යාපනයේ පලාලි ගුවන් තොටුලේ ධාවන පථය සංවර්ධනය කිරිම සඳහා රජය රුපියල් බිලියන දෙකක් වෙන් කිරිමට තීරණය කර තිබෙනවා. මීට අදාළ කැබිනට් පත්‍රිකාව උතුරු පළාත් සංවර්ධන අමාත්‍යංශය විසින් සකස් කර ඇති අතර අනුමැතිය ලබා ගැනීම සදහා ඉදිරිපත් කර තිබෙනවා. මීට පෙර පැවැති රජය සමයේ එම ගුවන් තොටුපළ නවීකරණය කිරිම සඳහා ඉන්දියාව[…]

Read More »

අමාත්‍යංශ උපදේශක කාරක සභා 31කට පාර්ලිමේන්තු අනුමැතිය

මුදල් උපදේශක කාරක සභාව ඇතුළු උපදේශක කාරක සභා 31 කට අද පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා. ඒ සම්බන්ධයෙන් වූ යෝජනාව සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කළා. එහිදී අදහස් දක්වමින් කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඉල්ලා සිටියේ, කෝප් කමිටු රැස්වීම් මාධ්‍යයට විවෘත කරන ලෙසයි. මුළු රටේම ජනතාව බලාපොරොත්තු වනවා[…]

Read More »

ශ්‍රී ලංකා පළමු ඉනිමට ලකුණු 144යි

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමපළමු ඉනිම සදහා ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා පිල ලකුණු 144කට දවා ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලේ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 144ක් පමණයි. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල[…]

Read More »

දික්වැල්ලගෙන් වෙනස්ම 6 පහරක්

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙමින් තිබෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නිරෝෂන් දික්වැල්ල අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා. පන්දු 62කට මුහුණ දෙමින් දික්වැල්ල අද වාර්තා කළේ සිය 11 වැනි අර්ධ ශතකයයි. මේ වන විට නොදැවී පන්දුවට පහරදෙන නිරෝෂන් දික්වැල්ල ලකුණු 64ක් ලබාගෙන සිටිනවා. දැවැන්ත හයේ පහරක් ද එල්ල කළා.[…]

Read More »

කෝලි නැතිව නවසීලන්තය පරාජය කරන්න ඉන්දියාවේ සූදානම්

නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග දෙකේදී සහ පන්දුවාර විස්ස තරගවලදී ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි විවේක ගැන්වීමට එරට ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව එම තරගවල කණ්ඩායමේ නායකත්ව රෝහිත් ෂර්මා වෙත පවරා ඇති බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කරන්නේ. විරාත් කෝලි වෙනුවට ඉන්දීය පිලට මෙතෙක්[…]

Read More »

පළාත් සභා මැතිවරණය ප්‍රමාදවීමට හේතුව නිදහස් පක්ෂය

පළාත්සභා මැතිවරණය ප්‍රමාද වීමට වගකිව යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. ඊයේ (23) පස්වරුවේ සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා සඳහන් කළේ රට තුළ එක් මැතිවරණයක් පවත් වන විට එක්සත් ජාතික පක්ෂය මැතිරවරණ ක්‍රම හතරක් හඳුන්වා දුන් බවයි. ජනතා[…]

Read More »

මත්ද්‍රව්‍ය නිවාරණයට සිංගප්පූරුවේ පූර්ණ සහාය ජනපතිට

මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් සිංගප්පූරු රජය යොදාගන්නා ශිල්පීය සහ තාක්ෂණික දැනුම ශ‍්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට හඳුන්වා දීමට එරට බලධාරීන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත සිය එකඟතාවය පළ කරයි. සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ සිංගප්පූරු රජයේ සමාජ හා පවුල් සංවර්ධන අමාත්‍ය සහ ජාතික සංවර්ධන නියෝජ්‍ය[…]

Read More »