සේනා නසන්න ජනපතිගෙන් උපදෙස්

කෘෂිකර්මාන්තයට තර්ජනයක් එල්ල කරමින් සිටින සේනා දළඹුවා මැඬලීම සඳහා යුද්ධයකට මුහුණදෙන ආකාරයේ සමාන කැපවීමකින් සහ කාර්යක්ෂමව කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සඳහා යම් කාල රාමුවක් නිර්ණය කර ගනිමින් ජාතික වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙසට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම[…]

Read More »

පාර්ලිමේන්තු ගුටිකෙළියේ වාර්තාව කථානායකට

2018 නොවැම්බර් 14 ,15, 18 යන දිනයන් වල පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධින් පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට පත්කළ කමිටුවේ වාර්තාව කථානායක කරු ජයසූරිය මහතා වෙත භාර දී ඇත. එම කමිටුවේ සාමාජිකයින් විසින් අද (22) දින පාර්ලිමේන්තුවේදී කථානායකවරයාට භාර දී තිබේ.

Read More »

ඔව් අපිට පුළුවන් – ඉන්දියානුවන් ඕස්ට්‍රේලියානුවන්ට කරපු දේ අපිටත් කරන්න පුළුවන්

ඉන්දියානු පන්දු යවන්නන්ට කරන්න පුළුවන් වුනදේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන්ට ද කළ හැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා පවසනවා. විදෙස් ක්‍රීඩා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සදහන් කර ඇත්තේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කිරීමට ඉන්දීය පන්දු යවන්නන්ට හැකි බවත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන්ට ද[…]

Read More »

“උනන්දුවා”ට වසරේ විශිෂ්ඨතම ක්‍රිකට් විනිසුරු සම්මානය

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සම්මාන උළෙලේ 2018 වසරේ විශිෂ්ඨතම ක්‍රිකට් විනිසුරුවරයාට හිමි ඩේවිඩ් ෂෙපර්ඩ් සම්මානය කුමාර් ධර්මසේන නම්කර තිබෙනවා. කුමාර් ධර්මසේන 2014 වසරේදී අයි.සී.සී. වසරේ විනිසුරු ලෙස සම්මාන හිමිකරගත් අතර මෙවර ඔහු එම සම්මානයෙන් පිදුම් ලබන්නේ දෙවැනි අවස්ථාව මෙය වනවා. කුමාර ධර්මසේන 2009 වසරේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරනු[…]

Read More »

විපක්ෂ නායකගේ ලේකම් හර්ෂ විජේවර්ධන

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම්වරයා ලෙස කේ. පී. හර්ෂ විජේවර්ධන මහතා පත්කර තිබේ. ශී‍්‍ර ලංකා පරිපාලන සේවයේ වසර 20ක සේවා කාලයක් සපුරා ඇති ඒ මහතා 1998 වසරේ සිට 2001 වසර දක්වා රාජ්‍ය පරාපාලන අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයා ලෙසත්, මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයාව සිටි 2001 වසරේ සිට 2005 දක්වා සමයේ අගමැති[…]

Read More »

හඳුන්නෙත්තිට පරණ පුටුව හිමිවෙයි

කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා තෝරා පත් කර ගෙන ඇත. ඔහු පත්කරගෙන ඇත්තේ එම කමිටුවේ සාමාජිකයින්ගේ ඒකඡන්දයෙන් වන අතර කෝප් කමිටුවේ සාමාජිකයින් පසුගිය 11 වන දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කෙරිණි. මෙම කමිටුව සාමාජිකයින් 16 දෙනෙකුගෙන් සමන්විත වෙයි. එම කමිටුවේ සාමාජිකයින්[…]

Read More »

තවත් වසර 5කින් පාඨලීගෙන් නිවාස 40,000ක්

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මගින් පරිපාලිත නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ මෙරට ප‍්‍රධාන වාණිජ අගනගරය වන කොළඹ නාගරික බල සීමාව තුළ අඩු පහසුකම් සහිත ජනතාව වෙනුවෙන් 2024 දී නව නිවාස ඒකක 40,000 ක් ලබාදීම ප‍්‍රධාන ඉලක්කය බව අමාත්‍යවරයා කියයි. අඩු පහසුකම් සහිත[…]

Read More »

”මට ආදරේ තේරෙන්නේ නැහැ” මේ එකට සුදුසු කාලේ නෙමෙයි – කාවිංග පෙරේරා

කොහොමද කාවිංග ජීවිතේ? වෙනසක් නැහැ හොඳයි. සුපුරුදු පරිදි රූගත කිරීම්වලට යනවා. වැඩසටහන්වලට සහභාගි වෙනවා. ඕව තමයි ඉතින්. කාවිංග අතීතයට සාපේක්ෂව වර්තමානය දකින්නේ කොහොමද? අතීතයට සාපේක්ෂව වර්තමානය මම දකින්නේ නම් මගේ අතීතයේ මට වෙන්න ඕන දේවල් ඔක්කොම සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් වර්තමානයේ ඒක ඇතුළේ මම මාව නිර්මාණය කරගන්නවා සහ මම මාව[…]

Read More »

ගෝඨාභය රාජපක්ෂගේ නඩුවට අදාළ චෝදනා විමසයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවට අදාළ චෝදනාව අද(22) කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ කියවා දෙනු ලැබීය. පසුගිය රජය සමයේ, මැදමූලන වීරකැටිය ප්‍රදේශයේ ඩී. ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන තිස් හතරකට ආසන්න රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි[…]

Read More »

වෙස්මිනිස්ටර් අධිකරණය බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට දුන් තීන්දුව

බ්‍රිතාන්‍ය අධිකරණයක් මඟින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට සිතාසි නිකුත් කර ඇති බවට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මේ දක්වාත් දැනුම්දීමක් සිදුකර නොමැති බව යුද හමුදාව පවසනවා. පසුගිය වසරේ පෙබරවාරි 04 වැනිදාට යෙදී තිබූ 70 වැනි නිදහස් දිනය වෙනුවෙන් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උත්සවයක් පැවැත්වෙන අතරතුර එහි ඉදිරිපිටදී උද්ඝෝෂණයේ නිරත වු එල්.ටී.ටී.ඊ[…]

Read More »

කෝලි සම්මාන පිට සම්මාන ගනිමින් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන ත්‍රිත්වයම හිමි කර ගැනීමට ඉන්දිය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සමත්ව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වසරේ ක්‍රීඩකයාට හිමි සර් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වසරේ එක්දින ක්‍රීඩකායට හිමි සම්මානය, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි[…]

Read More »
1 2 3