අඟුණකොළපැලැස්ස සිදුවීම ගැන හොයන්න දෙවන පරීක්ෂණ කණ්ඩායමක්

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි දෙවන පරීක්ෂණ කණ්ඩායම අද (18) නම් කර ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පී.එම්.නානායක්කාර මහතා , රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බී.එම්.එම්.එම්.බස්නායක මහත්මිය සහ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ[…]

Read More »

උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ නඩුව ලබන මස 07 වෙනිදාට කල්යයි

බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව ලබන මස 07 වෙනි දින කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර ඇති බව වාර්තා වේ. අද(18) කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා ඉදිරියේ එම නඩුව කැඳවා ඇති[…]

Read More »

ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීමට අල්ලස් දීමට තැත්කළ බව ක්‍රීඩා ඇමති කියයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීමට තමන්ට අල්ලස් දීමට තැත්කළ බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. BBC සංවාදයකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති අතර එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ තමන්ට අල්ලස් දීමට තැත්කළ අය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කළ බවයි. ක්‍රීඩා අමාත්‍යවරයාට අල්ලස් දීමට[…]

Read More »

එජාපය පළාත් සභා මැතිවරණය කල් දාන්නේ බයට – දයාසිරි

පළාත් සභා මැතිවරණය කල් දැමීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බවත් මැතිවරණ වලට මුහුණ දීමට ඇති බිය නිසා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

Read More »

මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීමට ඕනෑම පාර්ශවයකට ජනපතිගෙන් සහයෝගය

මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සදහා පියවර ගන්නා ඕනෑම පාර්ශවයකට සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැනිලා නුවරදී පවසයි. පිලිපීනයේ සිව්දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපතිවරයා එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් මැනිලා නුවරදී ඊයේ හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර ඇති අතර මත්ද්‍රව්‍ය මර්දනයට පොලීසියට අමතරව, ත්‍රිවිධ හමුදාව ද යොදවා ඇති[…]

Read More »

නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගන්නා ඔත්තුකරුවන්ට හා පොලිසියට මුදල් තෑගි

නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට හා ඔත්තුකරුවන්ට විශේෂ මුදල් ත්‍යාග පිරි නැමීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තීරණය කරයි. මේ වසරේ ජනවාරි මාසයේ 01 දා සිට මාර්තු 31 දා තෙක් මාස තුනක කාලයක් නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක්ද ක්‍රියාත්මක කර ඇත. ගිනි අවි අත්අඩංගුවට ගන්නා[…]

Read More »

ඉදිරි දින කිහිපයේදීත් තරමක ශීත කාලගුණයක්

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල තරමක ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කෙරේන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක්ද පවතින අතර දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි

Read More »

ජනාධිපති නීතිඥවරු 25 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දිවුරුම් දෙයි

ජනාධිපති නීතිඥවරු 25 දෙනෙකු අද(18) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දිවුරුම් දී තිබේ. ජනාධිපතිවරයා විසින් පත් කරන ලද මෙම ජනාධිපති නීතිඥවරු 25දෙනා අද පෙරවරුවේ අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ දිවුරුම් දී ඇති බව සඳහන් වෙයි. මෙම දිවුරුම්දීමේ උත්සවය සඳහා නීතිඥවරු විශාල පිරිසක ද එක්වී ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල[…]

Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල් ගියොත් ICC සාමාජිකත්වය නැති වෙනවා – තිලංග

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය නියමිත දිනට පැවැත්වුවේ නැති වුවහොත් ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කරයි. අන්තර්ජාතික ක‍්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට පෙබරවාරි මස 07 වැනිදා දක්වා පමණක් කාලය ලබා දී ඇති නමුත් ක්‍රීඩා[…]

Read More »

පිලිපීනයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් පියවර රැසක් ගන්නවා – ජනපති

තම රාජ්‍ය සංචාරයත් සමග නව ප‍්‍රවේශයක් ලැබුණු පිලිපීන, ශ‍්‍රී ලංකා මිත‍්‍රත්වය තුළ පිලිපීනයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ ගැටලූ විසදමින් ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි. පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩියුටර්ට් (ඍදාරසටද ෘමඑැරඑැ* මැතිතුමාගේ විශේෂ ආරාධනය පරිදි පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන[…]

Read More »

අධිවේගී මාර්ගයේ ධාවනය වන සුඛෝපභෝගී බස් රථ සේවකයින් වැඩ වර්ජනයක

අධිවේගී මාර්ගයේ ධාවනය වන මීගමුව කොළඹ සියලුම පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සේවකයින් අද උදෑසන සිට සේවයෙන් ඉවත්ව ඇත. මීගමුව කොළඹ අධිවේගී මාර්ගයේ ධාවනය වීමට ලංගම සාමාන්‍ය සේවා බස් රථ කිහිපයක් එක් කිරීමට විරෝධය පළ කරමින් සේවකයින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු[…]

Read More »