වත්තල වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

වත්තල,හේකිත්ත ප්‍රදේශයේ අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය සඳහන් කරයි. මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති අතර මිය ගිය පුද්ගලයින් දෙදෙනා මෝටර් රථයකින් ගමන් කරන අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

Read More »

ලොතරැයියක් ලෙස පැමිණි ‘මසුසත් මෙහෙවර’ ලත් තැනම ලොප්

ජාතික ලොතරැයි මණ්ඩලය මගින් 2016 වර්ෂයේදී වෙළෙඳපොළට හඳුන්වා දුන් මනුසත් මෙහෙරව නමැති ලොතරැයිය පළමු මුද්‍රණයම සියයට හැත්තෑවක් අලෙවි නොවීම නිසා එම ලොතරැයිය නතර කර තිබේ. එම ලොතරැයි පතේ පිටපත් දසලක්ෂ හතර දහසක් (10,04000) මුද්‍රණය කර ඇති අතර ඉන් අලෙවි වී ඇත්තේ පිටපත් දෙලක්ෂ අනූපන්දහස් පන්සීය හැටහතර (2,97,564)කි. පිටපත් හත්ලක්ෂ හයදහස්[…]

Read More »

එජාපයේ පසු පෙළ නැවත කඩා වැටෙයි

එජාප පසු පෙළින් නැවත රනිල්ට එරෙහිව දැඩි විරෝධයක් නැගී එන්නේ මෙවරත් අගමැතිකම ලබා ගැනීමේදී පක්ෂයේ සාමාජිකයන්ට ලබා දුන් පොරොන්දු කඩ කිරීම හේතුවෙනි. සාගල, මලික්, තිලක් මාරපන යන සහචරයන් නැවත තම උකුලේ තබා නැළවීමට එරෙහිව ඔවුහු වෙනම කණ්ඩායමක් නිර්මාණය කරගෙන සිටිති. ඔවුන් පසුගියදා කොළඹ හෝටලයකදී රැස්වූ අතර එහිදී රනිල්ගේ සමීපතමයන් රැකියා[…]

Read More »

පිළිකා රෝගීන්ට වසර 3කට පෙර ගෙනා ලක්ෂ හත්දහසක උපකරණ ගබඩාවල

පිළිකා රෝගීන් සඳහා අධික ශක්ති විකිරණ ප්‍රතිකාර ලබා දීමට මීට වසර දෙකට ඉහත ප්‍රධාන රෝහල් තුනකටම රුපියල් ලක්ෂ හත්දහස් දෙසිය පනස් පහක් (7255) වැයකර සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදී ඇති ලීනිසර් ඇක්සලරේටර් උපකරණ මෙතෙක් සවිකර නොමැති බව ‘අරුණ’ කළ ගවේෂණයේදී හෙළිකර ගත හැකි විය. රුපියල් ලක්ෂ 242105008ක් වැය කර 2016 මැයි 02[…]

Read More »

අයවැය මැද ජනපතිවරණයක්

බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු යෑමට පෙර වැදගත් රාජකාරි කිහිපයක් ඉටුකිරීම සඳහා අරලියගහ මැඳුරට පැමිණි අගමැති රනිල් එහි පැමිණ සිටි මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් සමග සමීපව කතාබහ කළේය. ‘‘ජනතාවට උපරිම සහන දෙන අපේ අයවැය ‘බ්ලාස්ට්’ කරලා අයවැය මැදදී ජනාධිපතිවරණයක් කැඳවන්නත් සමහරු ජනාධිපතිට බල කරනව කියල ආරංචියි. ” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය. ‘‘පස්ස[…]

Read More »

විශේෂ තත්ත්වයන් මත හැර නයිජීරියානුවන්ට මෙරට වීසා නොදෙයි

සංචාරක හා ව්‍යාපාරික වීසා මත මෙරටට ඇතුළුවන නයිජීරියානු ජාතිකයන්ට වීසා නිකුත් නොකිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක හා පාලන (ප්‍රතිපත්ති හා සංවර්ධන) නියෝජ්‍ය කොමසාරිස් දසිත නිරෝෂණ පැවසීය. ගෙවුණු කාලයේ රට තුළ සිදු වූ පරිගණක අපරාධ හා වංචා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත මෙම තීරණයට එළැඹ[…]

Read More »

මත් ද්‍රව්‍යය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ ගිය තරුණයන් 15 දෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍යය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 15 දෙනෙක් සැකපිට හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ශ්‍රි පාද වන්දනාවේ මත්ද්‍රව්‍යය රැගෙන එන තරුණයන් අත්අඩංගුවට ගැනිම සදහා හැටන් වටවල දියගල ප්‍රදේශයේදි ඊයේ (12) දවස පුරා සිදු කරන ලද පරික්ෂා කිරිමකදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට සමත් වි ඇත.[…]

Read More »

මහවැලි ගගේ මැණික් ගැරු සැකකරුවන් හත් දෙනෙක් අත්අඩංගුවට

බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගැරිමක නිරතව සිටි හත් දෙනෙක් ඊයේ (12) රාත්‍රියේ හැටන් පොලිස් කෙට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මහවැලි ගගට හැටන් සිට ප්‍රධාන වශයෙන් ජලය ගල බසිනා හැටන් ඔයේ ස්ටැඩන් වත්ත ප්‍රදේශයේ මෙම අනවසර මැණික් ගැරිම සිදු කල බවයි මෙම[…]

Read More »

ලොහාන්ගේ දුරකථනයෙන් මහින්දට ආ පණිවිඩය

බදාදා පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන අවස්ථාවේ මංගල, විපක්ෂ නායක මහින්ද සමග පැටලෙන්නට ආවේ ස්වාධීන රූපවාහිනියේ සේවක අරගලය මුල් කරගනිමිනි. මෙම සංවාදය යන අතරතුර ලොහාන් රත්වත්තේ මහින්දගේ අතට තම දුරකථනය දෙමින් කිසිවක් කීවේය. දුරකථනය දෙස බලා සිටි මහින්ද කලබලයෙන් පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටතට පැමිණ, එහි ලොබියට වී විනාඩි පහක් පමණ දුරකථනයෙන් කිසිවෙකු[…]

Read More »

ප්‍රදේශ රැසකට අද වැසි – කාලගුණය

නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර උතුරු සහ උතුරු-මැද පළාත්වලත්හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. සෙසු පළාත්වල තැනින් තැන සවස 2.00 න්පමණපසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන්[…]

Read More »

මෙවන් පියෙක් ලද දරුවන් නිවුණේ වේ

තාත්තාගෙ සුළැඟිල්ල දරුවකුට යෝධ රැකවරණයකි. දරුවන්ට නිහඬවම ආදරය කරන්නේත්, නිහඬවම දරුවන් ගැන සතුටු වන්නේත්, නිහඬවම දරුවන් ගැන දුක්වන්නේත් තාත්තාමය. දරුවන් වෙනුවෙන් විසල් සෙනෙහසක් හදවතේ ඉපදුණත් තාත්තා කිසිවිටෙකත් ඒ සෙනෙහස දරුවන්ට එළිපිට පෙන්නන්නේ නැත. තාත්තලා එහෙමය. තාත්තලා එහෙම වුණත් පසුගිය සඳුදා නුවර දී එන්. රාමරාජ් තාත්තාට නම් ඒ රහසේ හංගාගෙන සිටි[…]

Read More »