මහනුවරට එන සංචාරකයින්ගේ ආරක්ෂාව සදහා පොලිසියෙන් ආරක්ෂිත වැඩ සටහනක්

මහනුවරට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව සදහා පා පැදි වලින් ගමන් ගන්නා පොලිස් නිලධාරින්ගෙන් සමන්විත විශේෂ ආරක්ෂිත වැඩ සටහනක් මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි.එමි සිසිරකුමාර මහතාගේ අධික්ෂණය යටතේ සංචාර පොලිස් ඒකකය විසින් ආරමිභ කර තිබෙනවා. මෙම ඒකකය පැය 24 පුරාම ක‍්‍රියාත්මක කිරිමට පොලිසිය කටයුතු කර ඇති අතර එය නිලවශයෙන් ආරමිභ කිරිම මහනුවර[…]

Read More »

නාලක ද සිල්වා 16 දක්වා රිමාන්ඩ් – නාමල් කුමාරට එරෙහිව තවත් විමර්ශනයක්

හිටපු පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට ඔහු සම්බන්ධ බවට පැහැදිලිව සාක්ෂි මගින් අනාවරණය වීමෙන් පසුව බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාට දැනුම් දුන්නා. සහකාර පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටිගේ මහතා අධිකරණයට දැනුම් දුන්නේ එම ඝාතන[…]

Read More »

වැන් රථයක් අනතුරට පත් විමෙන් 16 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කෙරේ

රත්නපුර හපුගස්තැන්න සිට හැටන් දික්ඔය දක්වා ධාවනය වු වැන් රථයක් අනතුරට පත් විමෙන් එම වැන් රථයේ ගමන් ගත් 16 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.සි.ධර්මප්‍රිය මහතා පැවසිය. අද (02) 3 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් බලංගොඩ ප්‍රධාන[…]

Read More »

මීගමුවේ සුනඛයෙකු ගිනිතබා මරා දැමීම සම්බන්ධව පොලීසිය විමර්ශන අරඹයි

මීගමුව කොප්පර හන්දියේ ප්‍රදේශයේ නිවසක කූඩු කර සිටි සුනඛයෙකු ගිනි තබා මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. දෙසැම්බර් 31 වනදා රාත්‍රියේ කූඩුවට භූමිතෙල් ගසා සුනඛයාට එලෙස ගිනි තබා ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. පිළිස්සුම් තුවාල ලබා සිටි එම සුනඛයා ඊයේ (01) මියගොස් තිබෙනවා. එලෙස මරා දැමූ සුනඛයා[…]

Read More »

කුලියට මෝටර් රථ රැගෙන ගොස් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට

කුලී පදනම මත මෝටර් රථ රැගෙන ගොස් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සම්බන්ධව හෝමාගම පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ අතර මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකදී මෙම සැකකරුවන් අද උදෑසන අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. එලෙස[…]

Read More »

රංගේ අල්ලස් කොමිසමට යයි

2018 වසරේ ඔක්තෝබර් මස 26 වැනිදා පත්වූ ආණ්ඩුවට එක්වන ලෙසට තමන්ට අල්ලස්දීමට උත්සාහ කළ අවස්ථාවල සියලු සාක්ෂි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අද (02) භාරදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. තමන්ට දුරකථනයෙන් කතාබහ කළ සියලුමදෙනාගේ හඬපට, ලේඛන ඇතුළු තොරතුරු අල්ලස් කොමිසමට භාරදුන් බවයි මන්ත්‍රීවරයා සදහන් කළේ.[…]

Read More »

මාවනැල්ල බුදු පිළිම කැඩූ සැකකරුවන් හත්දෙනා 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

මාවනැල්ල බුදු පිළිම කැඩිමේ සිද්ධියේ සැකකරුවන් හත් දෙනා අද (02 ) මාවනැල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල දිසා විනිසුරු මහෙස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළා. බුදු පිළිම වලට හානි කිරිම සම්බන්ධයෙන් මෙම පුද්ගලයන් පසුගිය 26 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණු අතර[…]

Read More »

පා.ම. බන්දුල කළ ප්‍රකාශයට මහේලත් කණගාටුවෙන් ට්විටර් සටහනක් තියයි

අ.පො.ස උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් දිවයිනෙන් පළමු ස්ථානය ලබාගත් සිසුවිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බවට මහේල ජයවර්ධන ට්විටර් සටහනක් තබා තිබෙනවා. එම මන්ත්‍රීවරයා විසින් ඊයේ කලා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා වූ සිසුවිය ජාත්‍යන්තර පාසලකින් බිහිවූයේ කුමන්ත්‍රණයක් නිසා බව මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියා. ඒ[…]

Read More »

මුතුරාජවෙල රක්ෂිතයේ ගින්න නිවීමට MI 17 හෙලිකොප්ටරයක්

මුතුරාජවෙල රක්ෂිතයේ බෝපිටිය ප්‍රදේශයේ හටගෙන තිබෙන ගින්න නිවා දැමීමට ගුවන් හමුදාවට අයත් එම්.අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරයක් යොදා ගෙන තිබෙනවා. එම හෙලිකොප්ටරය මේ වන විට කටුනායක ගුවන්තොටුපලෙන් පිටත්ව ගොස් ඇති බවයි ගුවන් හමුදාව පැවසුවේ. ගින්න නිවා දැමීම සදහා වත්තල, පමුණුගම යන පොලිස් ස්ථානවල සහ ප්‍රදේශවාසීන් ද කටයුතු කරමින් සිටිනවා. මෙම ගින්න[…]

Read More »

ජොන්ස්ටන්ට එරෙහි නඩු තීන්දුව ජනවාරි 29 වනදා

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශය ඉදිරිපත් නොකළ බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවලට අදාළ තීන්දුව මෙම මස 29 වනදා ප්‍රකාශ කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නිවේදනය කරයි. එම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්[…]

Read More »

මහරගම සංවර්ධනයට රු. මිලියන 435 ක ආයෝජනයක් 

2018 වසරේ ගෙවුණු මාස 08 තුළ මහරගම නගර සභාව නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඉදිරිපත් කළ ‘මාවත’ නම් වූ ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත්කරමින් මහරගම නාගරික බල ප්‍රදේශයට රුපියල් මිලියන 435 ක් ජනතා බදු මුදලින් ආයෝජනය කොට සංවර්ධන ව්‍යාපෘති 27 ක් දියත් කර ඇත. තවත් ව්‍යාපෘති[…]

Read More »
1 2 3