brand logo

2019 SLIM NASCO සම්මාන උළෙලේදී නෙස්ලේ රන් සම්මාන දිනයි

04 November 2019

පසුගියදා පැවැති 2019 SLIM NASCO (ජාතික විකුණුම් සම්මේලන) සම්මාන උළෙලේදී නෙස්ලේ සමාගමේ රිමාස් රිස්වී සහ අනුරුද්ධ රත්වත්ත රන් සම්මාන දිනාගැනීමට සමත්වූහ. එහිදී රිමාස් වසරේ හොඳම ප්‍රාදේශීය කළමනාකරු සම්මානයත් (Territory Manager of the Year Award) නවීන වෙළෙඳාම් අංශයේ ප්‍රාදේශීය කළමනාකරු - රන් සම්මානයත් (Territory Manager, Modern Trade – Gold Award) දිනාගත් අතර FMCG ආහාර අංශයේ විකුණුම් විධායක රන් සම්මානය (Sales Executive – Gold Award) අනුරුද්ධට හිමිවිය. මෙහිදී සම්මාන අංශ 23ක් යටතේ සමාගම් 140ක විකුණුම් නිලධාරීන් 750ක් පමණ තරග වැදුණහ. නෙස්ලේ ලංකා සමාගම SLIM NASCO සම්මාන උළෙලේදී අඛණ්ඩව සම්මාන දිනාගත් තෙවැනි අවස්ථාව ද මෙය විය. “නෙස්ලේ ලංකා සමාගමේ ජය කොඩිය ලෙළවීම සඳහා උරදුන් රිමාස් සහ අනුරුද්ධට මගේ හෘදයාංගම ශුභාංශිංසන පළකිරීමට කැමතියි. අතිශය තරගකාරී සහ ගතික වෙළෙඳපොළ තත්ත්වයන් හමුවේ විකුණුම්කරණය තුළ ආදර්ශවත් කාර්යඵල සාධනයක් ළඟාකරගැනීමට උනන්දුව, ධෛර්යය සහ උත්සාහය අත්‍යවශ්‍යයි. රිමාස් සහ අනුරුද්ධ අපගේ විකුණුම් කණ්ඩායම සමඟ එක්ව එම ජයග්‍රාහී ගුණාංග පෙන්නුම් කිරීමත් සහ ශ්‍රී ලංකාවේ ඉහළම මට්ටමේ සමාගමක් ලෙස නෙස්ලේ සමාගමේ විකුණුම් අංශයේ ශක්තිය ලෝකයටම පෙන්නුම් කිරීමත් අපට විශාල අභිමානයක්”.නෙස්ලේ ලංකා උප සභාපති- විකුණුම්, ජගත් වෙදගේ මහතා මෙසේ අදහස් දැක්වීය.
 

More News..