brand logo

2019 සැප්තැම්බර් අවසන් වන විට උදා ගම්මාන 2,500 ක් ඉදිකරනවා - සජිත්

21 January 2019

"යළි පිබිදුනු ගම් උදාව" වැඩසටහන යටතේ දිවයිනේ 152 වන උදා ගම්මානය වන "සිරිසරණගම" හම්බන්තොට දිස්ත්‍රීක්කයේ අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේදී ජනතා අයිතියට පත් කිරිමේ උත්සවය අමතමින් නිවාස ,ඉදි කිරීම් හා සංකෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ නිවසක් නොමැති රණ විරුවන්ගෙන් මුදල් අය නොකර ඔවුන්ට ඉඩම් හා නිවාස නොමිලයේ ලබා දීමට කටයුතු කළේ තම රජ පමනක් බවය. නව නිවාස 23 කින් "සිරිසරණගම" උදා ගම්මානය සමන්විත වන අතර ඉඩමක් හා නිවසක් නොමැති පවුල් 23 කට මෙම ගම්මානයෙන් නොමිලේ ඉඩම් ලබා දී මෙහි නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා ඉතා සුළු පොළී ණය මුදල්ද ලබා දෙයි. මෙම උදා ගම්මානයේ කටයුතු අංග සම්පූර්ණව නිම කිරීම සඳහා රුපියල් ලක්ෂ 212 ක පමණ මුදලක් වැය කර ඇති අතර පිරිසිදු පානීය නළ ජලය, විදුලිය, ප්රෂවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග පද්ධතියක් ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් "සිරිසරණගම" උදා ගම්මානය සමන්විතය. 2019 වසරේ සැප්තැම්බර් මස අවසන් වන විට රට තුළ උදා ගම්මාන 2,500 ක් ඉදිකිරීම බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එහිදි වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
 

More News..