brand logo

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජය එංගලන්තයට

15 July 2019

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වරටයි එංගලන්තය ක්‍රිකට් ලෝක කිරුළ ජය ගනු ලැබුවේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 241ක් රැස්කර ගත්තේය. එහිදී නිකලස් ලකුණු 55ක් ලබාගැනීමට සමත් විය. අනතුරුව පිටියට පැමිණි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 241ක් රැස්කර ගත්තේය. ඒ අනුව කණ්ඩායම් දෙකේම ලකුණු සංඛ්‍යාව සමවූ අතර, ඉන් අනතුරුව විනිසුරුවරුන් සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළේය. සුපිරි පන්දුවාරයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 15ක් රැස්කර ගැනීමට සමත් විය. අනතුරුව පිටියට පැමිණි නවසීලන්ත පිල සුපිරි පන්දුවාරයේදී ලකුණු 15ක් ලබාගෙන තරගය නැවතත් සමවිය. ඒ අනුව අවසන් මහා තරගයේදී වැඩිම හයේ පහර සහ හතරේ පහර එල්ල කළ කණ්ඩායමට ජයග්‍රහණය ලබාදීමට විනිසුරුවරුන් කටයුතු කළේය. ඒ අනුව එංගලන්ත කණ්ඩායමට තරගයේ ජය හිමිවිය. තරගාවලියේ වීරයා සම්මානය නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන්ට හිමිවිය.
 

More News..