brand logo

2019 මේ දක්වා සුරාබදු දෙපාර්තමේන්තුව අපරාධ හතළිස් තුන්දහසකට අධික සංඛ්‍යාවක් ග්‍රහණය කරගනී

18 December 2019

2019 වසරේ නොවැම්බර් මස දක්වා සුරාබදු දෙපාර්තමේන්තුව මගින් දිවයින පුරා සිදුකළ වැටලීම් වලින් අපරාධ 43,013ක් ග්‍රහණය කර ගැනීමට සමත්ව ඇත. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ එම වැටලීම් වලට සම්බන්ධ පුද්ගලයින් 42,979ක් අත්අඩංගුවට ගත් බවයි. ඒ අතරින් 3,971ක් කාන්තාවන් වේ. 2019 වසර තුළදී මත්පැන් විකිණීම සදහා සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ආශ්‍රිත ග්‍රහණය කළ වැරදි සංඛ්‍යාව 3,305ක් වේ. මෙම අත්අඩංගුවට ගැනීම් වලින් වැඩිම ප්‍රමාණයක් මහජනතාව විසින් ලබාදෙන ලද පැමිණිලි හා තොරතුරු ම සිදුකළ බව ද සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි. මේ අනුව 2019 වසරේ නොවැම්බර් මස දක්වා කාලය තුළ දිවයින පුරා පිහිටි සුරාබදු ස්ථාන 57ක් හා විශේෂ මෙහෙයුම් 5ක් මගින් සිදුකරන ලද ග්‍රහණ වලින් සුරා හා මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ 43,013ක් ග්‍රහණය කොට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය මගින් රුපියල් මිලියන 168.540ක් දඩ මුදල් ලෙස අය කරගෙන ඇත. එහිදී අත්අඩංගුවට ගත් ද්‍රව්‍යවල මුළු වටිනාකම රුපියල් මිලියන පන්සියයකට අධික බව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය සදහන් වේ.  
 

More News..