brand logo

2019 ඡන්ද හිමි නාම ලේඛනය පෙබරවාරි 05ට පෙර - මහ ඡන්දයට අලුත් ඡන්ද ලක්ෂ 4ක්

24 December 2019

මහ මැතිවරණයට අදාළ 2019 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය ලබන වසරේ පෙබරවාරි මස 25 දිනට ප්‍රථම නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. මේ වන විට ලේඛනය සකස් කිරීම කඩිනමින් සිදු කෙරේ. නව ඡන්ද හිමි නාම ලේඛනයට අනුව අලුත් ඡන්ද ලක්ෂ තුනක් පමණ එක්වන බවද කොමිෂන් සභාව සඳහන් කරයි. තවද 2018 වර්ෂයේ ඡන්ද හිමි නාම ලේඛනය සඳහා අයැදුම්පත් පිරවීමේදී අසම්පූර්ණ වූ අයැදුම්පත් ලක්ෂයක් පමණ ප්රතික්ෂේප වී තිබුණි. එම අයැදුම්පත්ද 2019 වර්ෂයේ නිවැරදිව ලැබී ඇති බැවින් එම පිරිසද එක් වීමත් සමග මහ මැතිවරණයට අලුත් ඡන්ද ලක්ෂ හතරක් පමණ එක් වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මහ මැතිවරණය සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මාර්තු මස 03 පසු සිදු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත. උදයජීව ඒකනායක
 

More News..