brand logo
logo

2019 මුල් කාර්තුව අවසානයේ හෙජින් පාඩුව බිලියන 15 යි

10 August 2019

2019 වසරේ මුල් කාර්තුව අවසානය වන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් සිදුකරන ලද ඉදිරි සුරැකුම් ගනුදෙනුව හෙවත් හෙජින් ගිවිසුම මගින් රුපියල් බිලියන 15.7 කට ආසන්න අලාභයක් සිදුකොට ඇත. ගිවිසුම පිළිබඳ විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදුකරන ලද විශේෂ විමර්ශනයකදී මේ බව හෙළි වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් පසුගිය සන්ධාන රජය සමයේ ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ලෙස මෙම හෙජින් ගනුදෙනුව සිදුකර ඇත. විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විශේෂ විමර්ශනයේදී ලැබී තිබූ සේවා තහවුරු කිරීමේ ලිපිවලට අදාළ මහජන බැංකුවට ඇමෙරිකානු ඩොලර් මිලියන 27.7 ක් සහ කොමර්ෂල් බැංකුවට ඇමෙරිකානු ඩොලර් මිලියන 8.65 ක මුදලක් පොලී මුදල් හැර ගෙවිය යුතුව ඇත. එහෙත් ඛනිජ තෙල් සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශනයෙන් මේ පිළිබඳව කිසිදු සටහනක් දක්වා නොතිබූ බව එම විමර්ශනයට සහභාගි වූ විගණන නිලධාරියකු පැවසීය. එම ගනුදෙනුවේ නීති කටයුතු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් මිලියන 571 ක් වැයකොට තිබුණු බවද එම නිලධාරියා ප්‍රකාශ කළේ ය. රංජිත් ගුණවර්ධන
 

More News..